(විනීතා එම් ගමගේ)
පළාත් පාලන ඡන්දයේ දී සමහර කේෂත‍්‍ර නිලධාරින් පවුලේ සාමාජිකයින් අපේක්ෂකයන් කරගෙන ෙඔවුන් වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතුවල නියැලෙන්නේ යැයි පැෆරල් සංවිධානය චෝදනා කරයි.
මෙසේ අපේක්ෂකත්වය හිමිවී ඇති කෙෂත‍්‍ර නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් එම කේෂත‍්‍ර නිලධාරින් රැස්වීම් සංවිධානය කරන බවත් ගෙයින් ගෙට ගොස් ඡන්දය ඉල්ලා සිටින බවත් තම සංවිධානය කළ නිරීක්ෂණ වලදී අනාවරණය වූයේ යැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
අපේක්ෂකත්වය ලැබී ඇති එවැනි පුද්ගලයින් වෙනුවෙන් රැස්වීම් සංවිධානය කරන කේෂත‍්‍ර නිලධාරින් රාජ්‍ය ව්‍යාපෘති හරහා විවිධ ප‍්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වෙන බව ද හෙළි වී තිබේ. එමෙන්ම තවත් අපේක්ෂකයන් මැතිවරණයෙන් පසු තමන් ඉල්ලා අස්වී තම ඥාතියා වෙනුවට අදාල පළාත් පාලන ආයතනයට යන බව පවා පැවසූ අවස්ථා ඇතැයි ඔහු සඳහන් කළේය.
මේ අනුව කේෂත‍්‍ර නිලධාරින් තරඟ නොකලද ඔවුන්ගේ බලපෑම් ඇති වන බව මැතිවරණයේ දී පැහැදිලි ව පෙනී යන්නේ යැයි ද හෙතෙම පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.