(නිමල කොඩිතුවක්කු)
බැඳුම්කර මගඩියෙන් එල්ල වන චෝදනා හමුවේ ඉල්ලා අස්වීම හැර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට වෙනත් කිසිදු විකල්පයක් නොමැති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විහ්වාසභංග යෝජනාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියේය.
සමාජවාදී ජනතා පෙරමුණ බොරුල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ අද (5) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
COMMENTS
ඔබට නම් මහින්ද මහතාගේ පිහිට හැර වෙනත් විකල්පයක් නැත.
වත්මන් පාලනය යටතේ මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනු අප දුටිමු. ඇමතිවරයෙක් ද අස්වුණා. ඉහළ නිලධාරීන් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නා. ඔබලා දූෂණ, චෝදනා හමුවේ කුමක් කළේද? එතුමා ඉවත් වී ඔබලාට බාර දෙන්නද කියන්නේ? එවිට වංචා, දූෂණ පිළිබඳව මේ තරමටවත් ක්‍රියා මාර්ග ගන්නවද?
මේ වගේ ජෝකර්ලා අතුගාලා දාන්ඩ ඕනි. කිසිම වැදගත්, වටින දෙයක් රටට කරලා නෑ, බොරුවට මිනිස්සු අවුස්සා අවුස්සා වවාගෙන කනවා
තව ටිකක් හයෙන් කෑ ගහන්න..
හුග දවසකින් ධනාත්මක අදහස් ටිකක් දැක්ක. පාලකයෝ මොන පක්ෂේය උනත් රට ගැන ආදරෙන් රට පාලනය කලයතු නොවේද? සියලු මිනිසුන් කතාවට දක්ෂ නැහැ. නමුත් පරිපාලනයට දක්ෂ අය කතාවට දක්ෂ විය යුතු නැහැ නොවේද? මේ බන කියන අය පාලනය හරියට කලාද? දැන් පාලකයන්ට පාලනය සදහා ඉඩ දෙනවද? දැන් ආයිත් එන්නේ වැරදි හදාගෙන කියල සහතිකයක් සහිතවද? මට මේවා නොතේරේ.
ඔබලාගේ සමයේ හොරකම් වලට විස්වාස බංග යෝජනා ගෙනාවද? ගණන් හිලව් බලන්නෙත් නැහැ කියන්නෙත් නැහැ . දැන් වුනු දේට අඩු ගානේ පියවගන්න දෙයක් හරි තියෙන . මහත්මා ගතිගුණ තියෙන සමාජයක් හදමු .
දෙබිඩි දේශපාලකයෝ, පුතා ඉන්නෙත් බටහිර.. ඒ වුණාට අධිරාජ්‍ය විරෝධීලු...
එතකොට ඔප්පුවෙච්ච සුනාමි සල්ලි වංචාවට මහින්දටත් ඔයගමන්ම අස්වෙන්න කියමුද?
සැමෝම ජීවිතයේ සැදැසමය සමය ගෙවන විට අපි මෙනෙහි කල යුත්තේ අපි රටට දායාද කල දේවල් .අඩුගානේ අනාගත පරපුරට ආදර්ශමත් වන විදියට ඇත්තවත් කතා කලාද , සොරකම්වලට අනුබල දුන්නද , රටම සුරා කාල ඒවා වසන් කරන්න තව එකක් අල්ලාගෙන අනුන් නොමග යැව්වද . අන්තිමට අපි දේශයට කරපු පාලනයක් නැහැ . ලබා ගන්න යන්නේ දිට්ට ධර්ම වේදනීය කර්මය විතරය් .
අනේ වාසු මහත්තයෝ නිකන් ඉන්නකෝ. මහින්ද නැත්නම් ඔබට පාර්ලිමේන්තුවට යන්න බෑ. රනිල් කියන්නෙ මෙරටේ තිබෙන විශාලම දේශපාලන පක්ෂයක නායකයා. ඔබ?
අනේ අපොයි සංසාරේ, එදා අපේ ලෝකේ හිටපු වීරයෙකුට ගිය කල, දේශපාලනයෙන් විශ්‍රාම යන්න.
මේ වගේ අය ඉන්නවනේ අපේ පාර්ලිමේන්තුවේ. රටේ විනාශය.....
ඔබතුමා හදන්නේ අර ඉස්සර සැමුවෙල්, ඇනස්ලි, බර්ටි තුන් කට්ටුව කළ විනෝද සමය ආපහු රඟ දක්වන්නද කොහෙද? සමාජවාදය ඉහේ සිට වැක්කෙරෙනවා. ඉන්නේ දකුණට මුක්කු ගහන්!
මට මහළු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ...
මේක කැකිල්ලේ නඩු තීන්දුවක් වගේ තරඟයෙන් දිනපු එකාට ඉවත් වෙන්න කියන්න