IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ව්‍යවස්ථා​ සභාවේ දින හත​ෙර් විවාදයෙන්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස්වී නූතන දේශපාලන ඉතිහාසයට අලුත් වාර්තාවක් එක් කළේය. පසුගිය 30, 31, 1 හා 2 යන දිනවල පාර්ලිමේන්තුව ආණ්ඩුව ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙසින් රැස්විය. පාර්ලිමේන්තු රැස්වීමත් ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමත් දෙආකාරයකට සිදුවේ. එහිදී ව්‍යවස්ථා මණ්ඩලය, කාරක සභා රැස්වීමක ස්වරූපය ගනී.  

 

 

 එහෙත් සෙංකෝලය තැන්පත් කිරීමක් සිදු නොවේ. පාර්ලිමේන්තු රැස්වීම සඳහා සෙංකෝලය තැන්පත් කිරීම ප්‍රධානය. වේත්‍රධාරිවරයාට එහිදී විශේෂිත ස්ථානයක් හිමි වේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙන අවස්ථාවේ ​ෙව්ත්‍රධාරිවරයා වගකීමෙන් බැඳී නොසිටියත් ඔහු නිල වශයෙන් සභාවේ රැඳී සිටීම සිදුවේ.   


මන්ත්‍රීවරු ඇමැතිවරු ඔවුන්ට නියම කරන ලද ආසනයේම රැඳී සිටීම අනිවාර්ය නොවේ. කතානායකවරයා නිල ආසනයේ රැඳී නොසිටින අතර ඔහු ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදුවේ.  


පාර්ලිමේන්තුව මෙම වෙනස්කම් සහිතව රැස්වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා ඉදිරිපත් යෝජනා සාකච්ඡා කිරීමටය.  

 

වත්මන් රජය නව ව්‍යවස්ථාවක් සකසන බවට දුන් පොරොන්දුවක් මත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වූ කමිටු වාර්තා හා ඉදිරිපත් වී තිබූ මහජන අදහස් පිළිබඳව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව මෙලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස රැස්වුණි.  


 දින 4 ක් පුරා පැය 40 කට ආසන්න කාලයක් පුරා මෙම ව්‍යවස්ථා මණ්ඩලයේදී මැති ඇමැතිවරු නව ව්‍යවස්ථාව පිළිබඳව අදහස් දැක්වූහ. අදහස් දක්වන අවස්ථාවල විවිධ ඝෝෂාකිරීම්, කෑකෝ ගැසීම් ඇති වුණත් දින 4 ක් පුරා අදහස් දැක්වීම සිදුකෙරිණි.  


 ව්‍යවස්ථා මණ්ඩලය ප්‍රථම වරට රැස්වූ පසුගිය 31වැනිදා විශේෂ සිදුවීමක් විය. එනම් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටි ඩුලිප් වි​ෙජ්සේකර මහතා ආණ්ඩු පක්ෂයේ සිය අසුනින් නැගිට සභාව හරහා ගොස් විපක්ෂයේ මන්ත්‍රී ආසනයක අසුන් ගැනීමයි.  


ඩුලිප් විජේසේකර මහතා විපක්ෂයේ අසුන්ගැනීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉමහත් ප්‍රීති ප්‍රමෝදයට පත්වී අතට අත දෙමින් හා වැළඳ ගනිමින් පිළිගනු ලැබුවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඩුලිප් විජේසේකර මහතාගේ දේශපාලන පිම්ම උපහාසයට ලක් කළේය.  


ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ලෙස පාර්ලිමේන්තුව රැස්වීම තිබෙන අවස්ථාවක මන්ත්‍රීවරයකු විපක්ෂයේ අසුන් ගැනීම එතරම් වැදගත් කරුණක් නොවන බවයි. මෙදින තවත් විශේෂයක් වශයෙන් සිදුවූයේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂය බත්තරමුල්ල, පාර්ලිමේන්තු ගිවිසුම් මාර්ගයේදී උද්ඝෝෂණයක් පැවැත්වීමයි.  


‘රට බෙදන ව්‍යවස්ථාවට අත උස්සන්න එපා.’  

‘එක කොඩියක් එකම රටක්’  

‘රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව අකුලා ගනු’  

 ‘මහානායක හිමිවරුන්ට අපගේ ආචාරය’  


ආදී වශයෙන් සඳහන් පුවරු ඔසවා ගත් පිරිස පැයකට අධික කාලයක් සටන් පාඨ කියමින් රැඳී සිටියහ.  


සිසිර ජයකොඩි, බන්දුල ගුණවර්ධන, රංජිත් සොයිසා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණතුංග, එස්.එම්. චන්ද්‍රසේන, ගීතා කුමාරසිංහ, රමේෂ් පතිරණ, ජානක වක්කුඹුර, පියල් නිශාන්ත, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ යන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වරින්වර උද්ඝෝෂකයන් අතරට පැමිණ සහය කළහ. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන පද්ම උදය ශාන්ත හා වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.  


මෙම අවස්ථාවට ඒ වන විට නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කර සිටි ඩුලිප් විජේසේකර මහතා ද සහභාගි වූ අතර නෙළුම් පොහොට්ටු මල් මාලයක් පළදවා පිළිගත් පිරිස කෑකෝ ගසමින් ඔහුට සුබ පැතූහ.  


ඒ හැර පාර්ලිමේන්තුවේ කටයුතු දින 4 පුරා යම් යම් හැල හැප්පිලි මැද පැවැත්වුණි.  


දින 3කට පමණක් පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව ලෙස රැස්වී යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට මුලදී තීරණය කර තිබුණත් කථික ප්‍රමාණය වැඩිවීම නිසා තවත් වැඩිපුර දිනකට සභාව රැස්විය යුතු බවට තීරණය කෙරිණ. ඒ අනුව වැඩිපුර දිනයක සභාව රැස්විය. ඒ සමග සභාව රැස්වන දින ගණන දින 4කි.  


 සිව්වන දිනය වන විට ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වී තිබූ අතර ඇය පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.  


 මෙම දින 4 තුළ මන්ත්‍රීවරු 225 ක් බහුතරයක් අදහස් දක්වා තිබිණි. දින 4 පුරාම සභාවට සහභාගි වූ මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරුන් පැවැත්වූ අදහස් පිළිබඳව හොඳින් අවධානය දැක්වූ අය අතර විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ප්‍රධාන බව පාර්ලිමේන්තු ආරංචි වාර්තා සඳහන් කරයි.  


 මෙම දින 4ක කාලය තුළ ප්‍රකාශ වූ අදහස් කීපයක් මෙසේය.  


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.  


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අපි ඔක්කොම සහභාගිත්වයෙන් ඉදිරියට යාම අවශ්‍යයි. ප්‍රථමයෙන් තියෙන ප්‍රශ්න ගැන අවධානය යොමු කරමු. අපි රටක් හැටියට ඉදිරියට යමු. මේක විසඳා ගනිමු. විවිධ විසඳුම් අතරින් හොඳම විසඳුම තෝරා ගනිමු. අපිට ඒකීයභාවය නැති කිරීමට වුවමනාවක් නැහැ. සිංහල බෞද්ධයන් වට්ටන්න වුවමනාවක් නැහැ. අපේ දේශපාලන ප්‍රශ්නය විසදා ගනිමු.  


 මමත් ජනාධිපතිතුමත් මහානායක හිමිවරු හමුවෙන්න යනවා. අනුනායක හිමිවරු හමුවෙනවා. ආගමික නායකයන් හමුවෙනවා. ප්‍රශ්න සාකච්ඡා කරනවා.  


 විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතා කතා කරමින් මෙසේ කීය.  


 සාමකාමී, සමෘද්ධිමත්, රාජ්‍යයක් ගොඩනැගීම මෙම ව්‍යවස්ථාවෙ අරමුණයි. අපි විවිධත්වය තුළින් ඒකීයත්වය තහවුරු කළ යුතුයි. නව ව්‍යවස්ථාවෙන් සියලු ජනතාව තෘප්තිමත් වීම අවශ්‍යයි. ජාතික ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ. මේ අවස්ථාව මඟ හැරුණොත් එය ඛේදාන්තයක්. අප අපේක්ෂා කරනුයේ නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීමක්. අප කවරදාවත් රටින් වෙන්වීමක් ඉල්ලා සිටියේ නැහැ. නව ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වන්​ෙන් සමෘද්ධිමත් රටක් ලබාගැනීමයි.  


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා:  


 මේ ආණ්ඩුව සියලු දේවලින් අපිරිසිදු වුණ ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමත් පිරිසිදුව කරාවිද කියන සැකය ජනතාව තුළ පවතිනවා. රටට ව්‍යවස්ථාවක් අවශ්‍යයි. විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි. ජාතික සමගිය ගොඩනැගිය හැක්​ෙක් සෑම ආගමක්ම සම අයිතිය පිළිගැනීමෙන් පසුවයි. 

 
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා:  


 මෙම නව ව්‍යවස්ථාව සකස් වී තිබෙන්නේ ඩයස්පෝරාවේ අවශ්‍යතාවන්ට අනුවයි. මෙම යෝජනාවලියේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට යෝජනා කර තිබෙනවා. එය බරපතළ උත්සාහයක්.   

 

 

 

 

 

 

 

 

 

 

සටහන - දයාසීලි 



අදහස් (0)

ව්‍යවස්ථා​ සභාවේ දින හත​ෙර් විවාදයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31320 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13532 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site