IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මැණික් ගඟේ ගිලුණු සිය ගණනක් ජීවිත බේරාගත් ‘ගුණසිරි අයියා’

මැණික් ගඟේ කිඹුලකු විසින් බිලිගෙන තිබූ තරුණයකුගේ මළ සිරුර කිඹුලාගෙන් බේරාගත් පසු

 

 

මැණික් ගඟ ගුණසිරි අයියා ගේ ජීවිතයේ තෝතැන්නක් විය. කතරගම දේවාලයේ දිනකට ඇසෙන පූජා හඬ තුනත් ඇසෙන දුරක ගුණසිරිගේ පියාට අයත් ගූණපාල ලොන්ඩරිය තිබුණි. මව කුඩා කල සිට අහිමි වූ ගුණසිරිගේ එකම රැකවලා වූයේ සිය පියා පමණි. කතරගම තිබුණු පුංචි පාසලට ගොස් ගෙදර එන ගුණසිරි නිතරම දිව ගියේ සුදු වැලි තලාවකින් පිරිපුන් සුන්දර මැණික් ගඟ වැල්ල වෙතටයි. යහළුවන් සමග කොලුකමට කුඹුක් අත්තක් උඩට නැග වතුරේ ගැඹුරු තැනට පැන දියබුන් ගැසූ ඔහුට මැණික් ගඟ තම ජීවිතය විය.   


දෙසැම්බර් මාසයේ පවතින වැසි නිසා මැණික් ගඟේ ජල මට්ටම වැඩිවීම සෑම වසරකදීම සිදුවන දෙයකි. වසර 15ක් තරම් පුංචි ගුණසිරි එදා ගඟේ ගලායන වතුර පාර නරඹමින් සිටියේය. එක්වරම ‘අනේ අම්මා’ කියා ළමුන් පිරිසක් හඬනැගූහ. වන්දනාවේ පැමිණි පිරිසකගේ වයසක ආච්චි කෙනෙක් ගඟට වැටී දඟලනු ඔහු දුටුවේය. ඇය ගඟේ ගහගෙන යනවා දුටු පුංචි ගුණසිරි ද ගඟට පැන්නේය.   


ගුණසිරි ආච්චිගේ කකුලෙන් ඇදගෙන පීනන්නට විය. ආච්චි එක්වරම ගුණසිරි බදා ගත්තාය. දැන් ගුණසිරිවයි ආච්චියි දෙන්නාම එකට උඩ යට ගියහ. ගඟ ඉවුරේ සිටින අය මහා හයියෙන් කෑ ගැසූහ. පුංචි ගුණසිරි ආච්චිගේ කකුලෙන් ඇදගෙන අමාරුවෙන් ගොඩට ගෙනාවේය. එය දුටු වන්දනාකරුවෝ පුංචි ගුණසිරිට පිං දුන්හ. ඔහුව අගය කළෝය. ආච්චිට පෙවී ගිය වතුර ඉවත් කිරීමෙන් පසුව දිවි බේරාගත් ආච්චි ගුණසිරි අල්ලා ගෙන මුහුණ සිප ගත්තාය. අම්මා නැති ගුණසිරිට එදා එය තම මවගේ සිපගැනීමක් ලෙස හැඟුණි.   


කුඩා වයසින්ම මැණික් ගඟේ හපන්කම් පෑ ගුණසිරි මිය යන තෙක්ම ගඟේ දිය ගිලිී මියයන්නට ගිය වටිනා ජීවිත 152ක් බේරගත්තේය.   
පසුගිය 09 වැනි දින ගුණසිරි (66) මහතා සිය දිවිමඩලින් සමුගත්තේය.   


කතරගම යනු දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන පුදබිමක් වන අතර කතරගම පැමිණෙන බැතිමතුන් මැණික් ගඟට ද දක්වන්නේ ඉන්දියාවේ ගංගානම් නදියට දක්වන ගෞරවයට සමාන ගෞරවයකි.   


සෑම වසරකදීම නොවැම්බර් සිට අප්‍රේල් වන මාස අතර මැණික් ගඟේ දිය වැඩිවෙමින් පවතී. ඇතැම් පිරිස් නොසැලකිල්ල මත ගඟට ඇද වැටී ජීවිතක්‍ෂයට පත්වෙයි. තවත් පිරිසක් ඇද වැටුණ අය බේරාගැනීමට ගොස් මියයති.   
ඉහත සඳහන් ගුණසිරි කතරගම කවුරුත් දන්නේ මැණික් ගඟේ අතුරුදන් වන මළකඳන් සොයා දෙන විශේෂ පුද්ගලයෙකු වශයෙනි.   
‘ගුණසිරි මාමා’ ලෙස කවුරුත් හඳුන් වන මෙම අපූරු මිනිසා 2017.08.03 වැනි දින අවසන් වරට ගඟේ දිය නෑමට ගිය කිඹුලකු ඩැහැගෙන යමින් තිබූ යාපනේ තරුණයකුගේ මළ සිරුරක් ගොඩ ගනු ලැබුවේ ත්‍රාසජනක චිත්‍රපටයක ලෙසයි.   
එදා කතරගම ඇසළ මංගල්‍යය නිමා වී දිනයක් ගෙවී තිබුණි. මැණික් ගඟේ දිය නෑමට ගිය කාන්තාවක් යමෙකු අතක් ඔසවමින් උඩුගං බලා යන දර්ශනයක් දැක සෙනඟ කෑ කෝ ගසන්නට විය. දේවාලයේ නිලමේ ඇතුළු පිරිස හා පොලිසිය මැණික් ගං ඉවුර වෙත පැමිණ අතුරුදන් වූ පුද්ගලයා සම්බන්ධව සොයා බලනු ලැබූහ.   
සුළු වෙලාවකින් බලා සිටි අය මවිත කරමින් කට්ටඩියෙකු පන්දමක් කටින් ගත් පරිදි තරුණයා කටින් අල්ලා ගෙන ගඟ මැදට පීනා යනු ලැබූ දැවැන්ත කිඹුලා දැක ගත හැකි විය.   
ගඟේ ජලය ද වැඩි වී තිබූ හෙයින් ගඟට බැසීමට කිසිවෙක් නොසිටියේය.   


පසුව කතරගම පොලිසිය විසින් ගුණසිරි මාමා කැඳවා කිඹුලාගෙන් තරුණයාගේ මළසිරුර බේරා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ වන විට කතරගම තරුණයන් ද විශාල පිරිසක් පැමිණ සිටි අතර දේවාලයේ “වාසනා” හස්තියා බලා ගන්නා ඇත් ගොව්වා වන අජිත් ලියනගේ සහ ඩී.ජී. අමර බන්දු යන තරුණයින් දෙදෙනා ගුණසිරි මාමාගේ සහයට පැමිණ තිබුණි. තම කිණිස්ස අතටගත් ගුණසිරි මාමා මැණික් ගඟ දෙස බලා දිය යටින් නැගෙන දිය බුබුළු නිරීක්ෂණය කර කිඹුලා සිටින දිසාව හරියටම දැන ගත්තේය.   
පසුව දැවැන්ත ලීයක් උල් කර ගෙන ගඟට බැසගත් ගුණසිරි මාමා දියේ යට කිමිදී නැවත උඩට පැමිණියේය. පොලිසියට ‘කිඹුලා ඉන්නවා !ලොකු කිඹුලෙක්! කවුරුවත් බහින්න එපා” කියා නැවත මැණික් ගඟට බැසගත් ගූණපාල මාමා අතේ තිබූ ලීයෙන් කිඹුලා වෙත අනින්නට විය. සුළු වේලාවකින් කිඹුලා මහා ජල කඳක් දෙබෑ කර ගනිමින් තරුණයාගේ මළ සිරුර අත් හැර යන අයුරුත් කවුරුත් විස්මයෙන් බලා සිටියහ.   


තරුණයාගේ මළ සිරුර ඔසවා ගත් ගුණසිරි මාමා පොලිසියට මළසිරුර ලබාදී පිටව යනු දක්නට ලැබිණි.   
පුවත්පත්වල මෙම සිදුවීම පළ වූයේ පොලිසිය විසින් මළසිරුර සොයාගත් බව පමණකි.   
ගුණසිරි මාමා ගැන ප්‍රථම හා අවසන් ලිපිය ලියන මා වෙත දිනක් ඔහු පැමිණ, ‘‘අනේ පුතේ ජීවිතේ ගැන නොසිතා මං මිනිස්සු බේරා ගෙන තිබුණත් මට එකම පොටෝ එකක්වත් නැහැ’’ මතකයක් හැටියට දකින්න. එදා මම ගඟේ ඉන්න කොට ගත්ත පොටෝ එකයි මම මිනිය ගොඩට ගන්න වීඩියෝ එකයි මට දෙනවාද” කියා ගුණසිරි මාමා මගෙන් ඉල්ලීමක් කළේය.   


ඒ දින ගුණසිරි මාමාගේ වීරක්‍රියා පිළිබඳව මා හට කරුණ රැසක් අනාවරණය කළේය.


මම එදා දුවලා ගඟට පැනලා ආච්චිව අල්ලා ගත්තා. ආච්චි මාව බදා ගත්තා. මටයි ආච්චිටයි දෙන්නටම වතුර පෙවුණා. පස්සේ මම පයින් ගහලා ආච්වි අතහැරලා ආච්චිගේ කකුල අල්ලා ගෙන පීනලා ආච්චි ගොඩට ගත්තා. මටත් ආච්චිටත් පෙවුණු වතුර බඩ මිරිකලා අයින් කළා. පස්සේ මම බේරාගත් ආච්චි පුතා බුදු වේවා කියලා මව බදා ගත්තා.   
සමහරු මට ශත 10 කාසි කීපයක් දුන්නා. ආච්චිගේ පවුලේ අය මට ඇඳුමක් ගේන්න ගියා. සුළු වෙලාවකින් මගේ පිටට ලීයකින් දරුණු පහරක් වැදුණා. මට රිදුණා මම පස්ස හැරිලා බැලුවා. අපේ තාත්තාට කවුද කියලා මම ගඟට පැනලා ආච්චි කෙනෙක් බේරගත්තා කියලා. තාත්තාට හොඳට කේන්ති ගිහින් නැවත ගහන්න කලින් ආයි මම ගඟට පැන්නා. තාත්තා ගියාට පස්සෙ මම ගෙදර ගියා. මට ලැබුණු අලුත් සරම මම තාත්තාට දුන්නා. තාත්තා මගෙ දිහා බැලුවා. කඳුළු පුරවාගත් තාත්තා මාව බදාගෙන හයියෙන් ඇඬුවා. මගේ පුතාට රිදුණා ද කියලා මගෙන් ඇහැව්වා. මම නැහැ කිව්වා. පුතා ගඟේ ගහගෙන ගියා නම් මැරෙනවානේ ආයිත් ඒ වගේ වැඩවලට යන්න එපා කියල මගේ තාත්තා කිව්වා”   
ගුණසිරි මාමා කුඩා කඩයක් කරගෙන ජීවත් වූ අතර ළමුන් 08 දෙනෙකුගේ පියෙකු විය.   

 

ගුණසිරි වෙනුවෙන් සිදු කළ උපහාර උත්සවයෙන් අනතුරුව.

 


ඔහුට ආරංචි වූයේ දිනක් මතුගම ප්‍රදේශයේ පුද්ගලයකු ගඟේ ගොස් අතුරුදන් වූ බවයි. ‘පොලිසිය පැමිණ මෙම මිනිය හොයලා දෙන්න කියලා කිව්වා. මගේ යාළුවොයි මමයි ගඟේ පිීනලා බැලුවා. දිනක් ගෙවුණත් හමුවුණේ නැහැ. පසු දිනයේ මම නැවත ගඟට බැස්සා. මම දැක්කා කිඹුලෙක්! මම අතේ තිබුණු ලීයෙන් ගහලා එළවා දැම්මා. නමුත් කිඹුලා නැවත පීනා ගෙන එන්න ගත්තා. මම දැනගත්තා මිනිය තියෙන්නේ මෙම ස්ථානයේ බව.   
මම නැවත ගොඩට ඇවිත් කට්ටියට කිව්වා මිනිය ගමු කියලා ලණුවක් ඉල්ලා ගෙන ලණුව ඉණට දමා ගෙන ගඟට බැස්සා. බැහැලා හුස්මක් උඩට අල්ලා ගෙන කිමිදුණා. මිනියේ අතක් එක පාරම උඩට ආවා. සුළු වෙලාවකින් කිඹුලෙක් මගේ අතින් ඇල්ලුවා. මගේ ලණුවත් පටලැවුණා මම උඩට ආවා   
දැන් මගේ වටේම කිඹුල්ලු දෙන්නයි මම එකෙකුට පිහියෙන් ඇන්නා. ඌ ගියත් අනිත් එකා මගේ ළඟට එනවා. දැන් මිනියත් පාවෙනවා මට පීනන්න බෑ ලණුව අත්තක පැටලවිලා! මට දෙවියෝ සිහි වුණා! පස්සේ මම පිහියෙන් කපලා ලනුව ලිහා ගෙන නැවත ගොඩට පීනුවා. පස්සේ මිනිය ලණු දමලා අල්ලා ගත්තා.   
ඒ මිනිය ගොඩට ගන්න කොට බඩ පුපුරලා පුදුම දුගඳක් හැමුවා” යනුවෙන් තමන්ට සිදු වූ බිහිසුණුම සිද්ධිය විස්තර කළ ගුණසිරි මාමාගෙන්, ‘‘මේ තරම් පුද්ගලයින් හා මළසිරුරු ගොඩගැනීම නිසා ඔබට ලැබුණු වාසි මොනවාද” කියා විමසුවෙමි.   


මුවට සිනාවක් මවාගත් ගුණසිරි මාමා පැවසුවේ, ‘පුතේ මම කොතෙක් මිනිස්සු බේරාගත්තත් මිනී ගොඩගත්තත් පත්තරේ පළ වුණේ පොලිසිය විසින් සොයා ගත්ත යන්න පමණයි. ඒ වගේම මාව කතරගම කාටත් ඕනෑවෙන්නේ මැණික් ගඟේ මිනියක් සොයා ගන්න බැරි වුණාම ඒ දෙය කර ගන්න පමණයි.   
මම ගොඩක් ජීවිත බේරාගත්තේ ගඟ ළඟ කඩේ තිබුණ නිසා මම නිතරම යට ඇඳුමක් ඇඳලා සූදානම් වෙලා ඉන්නේ. මම දන්නවා සෙනඟ වැඩි දවස්වල වන්දනාකරුවන් මැණික් ගඟේ ගහගෙන යන බව! මම කවදාවත් මේවා කළේ වාසි බලාපොරොත්තුවෙන් නෙවෙයි. කවුරු හරි ගිලිලා මැරුණම මිනිය සොයලා දීලා පිනක් කර ගත්තා. මම අදත් දුක් වෙනවා එක තරුණියක් මට බේරා ගන්න බැරි වුණා. අම්මයි දුවයි ගඟේ ගහගෙන ගියා! මම අම්මාව බේරාගත්තා! දුව මගේ අතින් අතහැරුණා. ඒ හැර මම 152 දෙනෙක්ගේ දිවි බේරුවා. කතරගම දෙවියෝ මට වරයක් දුන්නා වගෙයි මට දැනෙන්නේ.’’


ඔහු අන්තිමට මෙසේ පැවසීය. ළිඳකට වැටුණු ළමයෙක් බේරාගත් අයකුටත් වීර සම්මානයක් දීලා කියලා මම පත්තරවල දැක්කා. මාව අගයන්න කවුරුවත් නැහැ’’ යනුවෙන් ගුණසිරි මාමා 2017.10.09 වැනි දින මා හමු වූ අවස්ථාවේදී පැවසීය.   


මෙම පුවත පිළිබඳව පළ වීමත් සමග ගූණසිරි මහතා ඇගයීමට රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් ගේ අනුශාසන පරිදි දිවුලපිටිය රස්සාපාණ බාඳුරාගොඩ රංජිත් ගූණවර්ධන මහතා ප්‍රමුඛ පිරිස් කතරගම ශ්‍රී අභිනවාරම විහාරස්ථානයට පැමිණ ඔහුට මල් මාලා දමා පිළිගෙන ගුණසිරි මහතාට ඇගයීමක් කරන ලදී. එහි දී ඉතාම සතුටට පත් ගුණසිරි මහතා. ‘මිනිස්සු මැරුණාට පස්සේ තමයි ඇගයීම් කරන්නේ! මම ජීවත් ව සිටිය දී නව ජීවයක් ලබා දුන් සැමට පිං අයිතිවෙන්න ඕනි!” යැයි කියමින් වචන කීපයක් ගුණසිරි මහතා පැවසීය.

 

 

කතරගම කේ. ඩී. දේවප්‍රිය



අදහස් (0)

මැණික් ගඟේ ගිලුණු සිය ගණනක් ජීවිත බේරාගත් ‘ගුණසිරි අයියා’

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 14 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 21 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 9 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 12 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 59 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1262 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 325 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site