IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


බැංකු මැසිමෙන් දෙන්නෙත් නම් ගම් ලියූ නෝට්ටු

මහජනයා දැඩි අසීරුවේ

ඕනෑම රටකට පොදු වූ මුදල් ඒකකයකින් ගනුදෙනු කිරීමේ හැකියාවක් පවතින අතර භාණ්ඩ හුවමාරුවලදී පවා මුදල් ඒකකය ඉතා වැදගත්කමක් උසුලයි. ජනතාව තුළ ඕනෑම ගනුදෙනුවක් සඳහා පොදුව බලපාන වස්තුවක් ලෙස මුදල් ඒකකය හැඳින්විය හැක. ලෝකයේ බොහෝ රටවල් තම රටට ආවේණික මුදල් වර්ග හඳුන්වා දී තිබේ. උදාහරණයක් වශයෙන් ඇමෙරිකාව එක්සත් ජනපද ​ඩොලරය භාවිත කරන අතර බ්‍රිතාන්‍යයේ භාවිත කෙරෙන්නේ ස්ටර්ලින් පවුම්ය. එවැනි ආකාරයට ලෝකයේ විවිධ රටවල් මුදල් ඒකක භාවිත කෙරේ.


රජ සමයේ ශ්‍රී ලංකාව තුළ භාවිත කළේ රන් රිදී හා තඹ ලෝහයන්ගෙන් තැනූ මුදල් ඒකකයන්ය. ඉංග්‍රීසි පාලන සමයේ පවුම, සිලිම හා පැන්ස යන මුදල් ඒකකවලට පරිවර්තනය විය. ඉංග්‍රීසි පාලන කාලයෙන් පසු එම මුදල් ඒකක ක්‍රමක්‍රමයෙන් රුපියල් ශත වලට පෙරළුණි. අද වෙන විට ලංකාව තුළ ද විවිධ මුදල් වර්ග හුවමාරු වූවත්, ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකය වෙන්නේ රුපියල් ශතය. ශත කියන මුදල් ඒකකය අද භාවිත වෙන්නේ බොහෝම කලාතුරකිනි. ශත යන මුදල් ඒකකය අද භාවිත නොවන තරම්ය.


ඉපැරණි කාලයේ රුපියලේ කාසිය වෙනුවට රුපියලේ නෝට්ටුව භාවිත විය. ඒකාලයේ ශතය යන මුදල් ඒකකයට හිමිවූයේ සුවිශේෂ ස්ථානයක් වූවත්, අද වෙන විට ශතයක් දක්නටවත් නැති තරම්ය. කාලයේ ඇවෑමෙන් කාසි භාවිතයට පැමිණීමත් සමග මුදල් නෝට්ටුවට තිබූ ඉල්ලුම අඩු විය. කෙසේ වෙතත් අද වෙන විට රුපියල් 5000 නෝට්ටුව දක්වා මුදල් ඒකක භාවිත කෙරේ. ශ්‍රී ලංකාවේ විවිධ සුවිශේෂී උත්සව අවස්ථාවලදී සැමරුම් කාසි නිකුත් කිරීමට රජයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගැනිණ.


මෙයට වසර ගණනාවකට පෙර ශ්‍රී ලාංකිකයන් ගනුදෙනු කිරීම සඳහා හෝ මුදල් ලබාගැනීම සඳහා හෝ රාජ්‍ය බැංකුවක් කරා යොමුවිය යුතු විය. ඒ සඳහා අනන්‍යතාව තහවුරු කිරීමට පාස් පොත හෙවත් බැංකු පොතක් නිකුත් කර තිබේ. අද වෙන විට පෞද්ගලික බැංකු රාශියක් රට තුළ ස්ථාපනය කර තිබේ. විදේශීය රටවල බැංකු ශාඛාද ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර ඇත. ඒ අතරම නවීන තාක්ෂණයත් සමග රාජ්‍ය හා පෞද්ගලික බැංකු, ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සවිකර ඇත. පැය 24 පුරාම එම යන්ත්‍ර ක්‍රියාත්මකයි. බොහෝ ගනුදෙනුකරුවන් දැන් බැංකු පොත් වෙනුවට භාවිත කරන්නේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හෙවත් A.T.M. යන්ත්‍රයි. ඒ, ඒ සඳහා ලබාදී ඇති විශේෂිත වූ කාඩ් පත්‍රයක් මගිනි. අපි මේ ලිපිය මගින් සඳහන් කරන්නට සිතුවේ එම දියුණුව හෝ ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් ඒකකයන් වත්, බැංකුවල තොරතුරුවත් නොවේ.
ලංකාවේ භාවිත වෙන මුදල් නෝට්ටුවල ඇතැම් අය විවිධ අත්සන් තැබීම්, ඒවා විකෘති වන අන්දමේ කුරුටු ගෑම් වැනි හේතුන් නිසා එම මුදල් නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව පියවර ගැනීමත් සමග මහජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ හෙළි කිරීමටයි.


සිතා මතා විකෘති කර ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු 2018 මාර්තු 31 වැනි දිනට පෙර එම මුදල් නෝට්ටු පිරිසිදු මුදල් නෝට්ටුවලට මාරු කර ගතයුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. මහජනතාවට සිදුවෙන අපහසුතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම කාලය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කෙරිණ.


දැනට බොහෝ දෙනෙකු මුදල් හුවමාරු කරන්නේ A.T.M. යන්ත්‍ර හරහායි. එවැනි යන්ත්‍රයකින් එවැනි මුදල් නෝට්ටු නිකුත්වුවහොත් විශේෂයෙන් රාත්‍රී කාලයක හෝ බැංකු නිවාඩු දිනයකදී එම මුදල් නෝට්ටු පරිහරණය කිරීමේදී ගනුදෙනුකරුවෝ දැඩි අපහසුතාවලට පත්වෙති. එවැනි මුදල් නෝට්ටු ව්‍යාපාරික ස්ථානවලින් මාරු කිරීමට නොහැකිවීම නිසා ගනුදෙනුකරුවන් දැඩි අපහසුතාවලට පත්වූ බව අපට වාර්තා විය.


ඒ නිසා මේ පිළිබඳ ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන අප ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළෙමු. එහි ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිනී දීපා සෙනවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ මෙවැනි අවස්ථාවකදී ගනුදෙනුකරුවන්ට සිදුවෙන අපහසුතා සැලකිල්ලට ගෙන ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කරන බවයි. වැඩිදුරටත් ඒ පිළිබඳ විස්තර කළ දීපා සෙනවිරත්න මහත්මිය,‘‘අපි ජනතාව දැනුම්වත් කළා ව්‍යවහාරයේ පවතින මුදල් නෝට්ටුවක යම් පළුදුතාවක් ඇත්නම් මාර්තු 31 වැනිදාට පෙර මහා බැංකුවෙන් හෝ වාණිජ බැංකුවකින් හුවමාරු කර ගන්නා ලෙස. පිරිසිදු මුදල් නෝට්ටුවකට හුවමාරු කරගැනීමට ලබාදී තිබූ කාලය මාර්තු 31 වැනිදා අවසන් වුණා. නමුත් අපි දිගින් දිගටම ජනතාව දැනුවත් වීම් සිදුකළ නිසා මහජනතාව මේ පිළිබඳ දැනුම්වත් වෙලා තිබුණේ. අප විශ්වාස කරනවා මෙවැනි මුදල් නෝට්ටු මහජනතාව විසින් හුවමාරු කර ගෙන අවසන් වී ඇතැයි කියා. නමුත් මහජනතාව අතර මෙවැනි මුදල් නෝට්ටුවක් තිබුණහොත් ඔවුන්ට සිදුවෙන අපහසුතා සැලකිල්ලට ගෙන ඒකට පහසුවන පරිදි එම කාලය දීර්ඝ කරලා වහාම එම මුදල් නෝට්ටු පිරිසිදු මුදල් නෝට්ටුවලට හුවමාරු කරගන්න කියලා දැනුම් දුන්නා.

 

දැනටමත් අප සතු ක්‍රමයක් තිබෙනවා ගංවතුර වැනි ස්වාභාවික විපත් නිසා ව්‍යවහාර මුදල් නෝට්ටුවක් විනාශ වුණොත් හෝ පලුදු වුණොත් එවැනි මුදල් නෝට්ටු ශ්‍රී ලංකා මහා බැංකුව මගින් හුවමාරු කිරීමේ අවස්ථාව තිබෙනවා.


සිතාමතාම විකෘති කරපු මුදල් නෝට්ටුවක් හදිසියේවත් තමන් ළඟ තිබෙනවා නම් ශ්‍රී ලංකා මහා බැංකුවෙන් මාරු කර ගත හැකියි. අපි බලාපොරොත්තු වෙනවා මහජනතාව ඉදිරියේදී මෙවැනි මුදල් නෝට්ටු පලුදු නොකරන බවට හෝ විකෘති නොකරන බවට. ඒ නිසා ඉදිරියේ දී මෙවැනි මුදල් නෝට්ටු සංසරණය වෙන එකක් නොවනු ඇතැයි අපි විශ්වාස කරනවා.


අපි දිගින් දිගටම මහජනතාව දැනුම්වත් කළා සේම අපි වාණිජ බැංකුවලට දිගින් දිගටම උපදෙස් දීලා තිබෙනවා A.T.M. යන්ත්‍ර තුළට නියමිත ප්‍රමිතීන් සහිත මුදල් නෝට්ටු, යන්ත්‍ර තුළට ඇතුළු කරන ලෙස. ඒ වගේ මුදල් නෝට්ටුවක් හඳුනාගත හැකි වෙන ලෙස එම යන්ත්‍ර සකස් කරගන්නා ලෙසත් විශේෂයෙන් මුදල් ගණනය කරන යන්ත්‍ර ද ඒවා හඳුනා ගන්නා ලෙස සකස් කරන ලෙස. අපි සියලුම වාණිජ බැංකුවලට දැනටමත් උපදෙස් දීලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දැනටමත් ඒවා සකස් කර ගෙන ඇති කියලා. ඒ වගේම එම වාණිජ බැංකුවලට මුදල් නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවයි. සිතාමතා විකෘති කරන ලද මුදල් නෝට්ටු තිබෙනවා නම් ඒවා වහා ඉවත් කරලා තමයි වාණිජ බැංකුවලට මුදල් නෝට්ටු නිකුත් කෙරෙන්නේ. අපි විශ්වාස කරනවා වාණිජ බැංකු වලින් එවැනි මුදල් නෝට්ටුවක් නිකුත් නොකෙරෙනු ඇති බවට.


අවස්ථා කිහිපයකදී එවැනි මුදල් නෝට්ටු ගනුදෙනුකරුවන් අතට පත් වූ බවට අපට වාර්තා විය. විශේෂයෙන් රාත්‍රී කාලයේදී හෝ බැංකු නිවාඩු කාලයේ එවැනි මුදල් නෝට්ටුවක් ගනුදෙනුකරුවකු අතට පත්වුවහොත් සිදුවෙන අපහසුතාව පිළිබඳ අප කළ විමසීමකදී පිළිතුරු දුන් ශ්‍රී ලංකා මහා බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිනී දීපා සෙනවිරත්න මහත්මිය,


අපි සියලු වාණිජ බැංකුවලට දැනුම් දීලා තිබෙනවා හදිසියේ හෝ A.T.M. යන්ත්‍රයකින් පලුදු වූ මුදල් නෝට්ටුවක් පිටත් වුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව. සාමාන්‍යයෙන් ඇසින් දකිනවා වගේ නොවෙයි යන්ත්‍රයකින් එවැනි මුදල් නෝට්ටුවක් නිකුත් වෙන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. එවැනි මුදල් නෝට්ටුවක් හමුවුවහොත් වාණිජ බැංකුවකින් මුදල් මාරු කර දෙන ලෙස අප වාණිජ බැංකුවලට උපදෙස් දී තිබෙනවා.


විශේෂයෙන් මේ දිනවල නැවතත් උපදෙස් දී තිබෙනවා. සියලු වාණිජ බැංකුවලට විශේෂයෙන් බැංකු නිවාඩු දිනවල. දැන් වාණිජ බැංකු බොහොමයක් පැය 24 පුරාම සියලුම නගරවල විවෘතව පවතිනවා. නමුත් සති අන්තයේ හෝ නිවාඩු දවස්වල, විශේෂයෙන් මේ උත්සව දවස්වල වාණිජ බැංකුවලට අපි උපදෙස් දී තිබෙනවා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා A.T.M. යන්ත්‍රවලට මුදල් ඇතුළත් කරන විට ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන නව මුදල් ඊට ඇතුළත් කරන ලෙසට. විශේෂයෙන් අපි උපදෙස් දී තිබෙනවා මහජනතාවට අපහසු නොවන ලෙස වගබලා ගන්නා ලෙස.


ඉදිරියේ දී එවැනි සිද්ධීන් ඇති නොවීමට වාණිජ බැංකු අපෙන් ඉල්ලීමක් කළා. එවැනි සිද්ධීන් ඇති නොවීමට වගබලා ගන්න සුළු කාලයක් ලබා දෙන්න කියලා. ඒ අනුව ඔවුන් ලෑස්තියි ඒ නෝට්ටු වෙනුවට පිරිසිදු මුදල් නෝට්ටුවක් ලබාදෙන්න. එවැනි මුදල් නෝට්ටු ලැබුණු ජනතාවට සිදු වූ අපහසුතාව අපට වාර්තා වුණා. විශේෂයෙන් අපි මහජනතාවට දැනුම් දුන්නා සිතාමතාම නොව කිසියම් හෝ පෑන් තුඩක් යම් මුදල් නෝට්ටුවක තිබේනම් ඒවා පිරිසිදු මුදල් නෝට්ටු ලෙස භාවිතා කළ හැකි බව. විශේෂයෙන් ව්‍යාපාරික ස්ථාන වගේම ජනතාව ගනුදෙනු කරන ස්ථාන දැනුවත් කරන වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. විශේෂයෙන් දිවයිනම ආවරණය වන පරිදි පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යන්න මේ පිළිබඳ ව්‍යාපාරික ස්ථාන දැනුවත් කරන්න. මෙවැනි මුදල් නෝට්ටු පිරිසිදු මුදල් නෝට්ටු ලෙස සලකා ක්‍රියා කරන්න කියලා.


මුදල් නෝට්ටුවක් කියන්නේ කඩදාසි කොළයක්නේ, ඉතින් යම් හෙයකින් කුඩා පෑන් ඉරක් හෝ ඇදුණොත් ඒවා පිරිසිදු මුදල් නෝට්ටු ලෙස භාවිතා කළ හැකි බව අප කඩිනමින් උපදෙස් දීමට ක්‍රියා කරනවා. විශේෂයෙන් මේ උත්සව සමයේ අප ඒ සඳහා අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී මෙවැනි සිතා මතා විකෘති කරන මුදල් නෝට්ටු භාවිතයට නොඑනු ඇතැයි කියලා. විශේෂයෙන් මහජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා මෙසේ රටේ සංසරණය වෙන මුදල් විකෘති නොකර ඒවා ආරක්ෂා කරන ලෙසට.

 

 

 

 

නිශාන්ත කුමාර බණ්ඩාර

 



අදහස් (0)

බැංකු මැසිමෙන් දෙන්නෙත් නම් ගම් ලියූ නෝට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 602 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 514 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site