IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දූෂණවලට වරදකරු වූ පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට යළි සිර දඬුවම්

එතෙරින් මෙතෙරට

බීබීසී සිංහල සේවයෙන් උපුටා ගැනිණි

 

 


තම සම්පූර්ණ වත්කම් හෙළි නොකිරීමේ චෝදනා මත ඉස්ලාම්බාද්හි පිහිටි දූෂණ විරෝධී අධිකරණයක් විසින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් නියම කර ඇත.   


අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අගමැතිවරයා පසුගිය ජූලි මස වෙනත් දූෂණ චෝදනාවකට සිරගත කරනු ලැබිණි. නමුත් පසුව ඉස්ලාමාබාද්හි ඉහළ අධිකරණයක් විසින් වසර දහයක අත්හිට වූ සිරදඬුවමක් සමග ඔහු ඇප මත නිදහස් කරන ලදී.   


නවාස් ෂරීෆ් සිරගතව සිටින අතරතුර පැවැත් වූ මහ මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය පරාජයට පත්විය.   


හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් නියෝජනය කරන පීටීඅයි පක්ෂයට වැඩි ආසන ගණනක බලය හිමි වූ අතර දූෂණය මැඩලීම ඔවුන්ගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුව විය.   
සඳුදා (දෙසැම්බර් 24) තීන්දුව ලබාදෙන අවස්ථාවේ අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.   


නවාස් ෂරීෆ් නැවත සිරගත කිරීමට එරෙහිව විශාල විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් පවා අඩපණ කරන බවට ඔහුගේ ආධාරකරුවෝ තර්ජනය කරති.   


කෙසේ වෙතත් අධිකරණය පිටත සිටි ඔහුගේ ආධාරකරුවන්ට පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් පොලු පහර එල්ල කර තිබේ.   


තීන්දුව පිළිබඳ ප්‍රතිචාරය පළ කරමින් නවාස් ෂරීෆ් කියා සිටියේ දේශපාලන පෙළඹීම් මත මෙම තීන්දුව ලබා දී ඇති බවය.   


සෞදි අරාබියේ පිහිටි යකඩ කර්මාන්ත ශාලාවක අයිතිය සහ ආදායම තහවුරු කිරීමට ​අපොහොසත් වීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.   


ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදුකළ බව පැවසෙන දූෂණ සම්බන්ධයෙන් මින් පෙර අධිකරණයක් විසින් ඔහුට වසර 10ක සිර දඬුවමක් නියම කළේය.   


එවර ඔහුගේ දියණිය වන මරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට ද වසරක සිර දඬුවමක් නියම කෙරිණ. නමුත් ඔවුන් සියලු දෙනා ඇප මත මුදා හැරිණි.   


එක්සත් රාජධානියේ ලන්ඩන්හි පිහිටි දේපළ ගණනාවක් සම්බන්ධයෙන් පැවති මෙම නඩුව හඳුන්වා ඇත්තේ Avenfield Reference යනුවෙනි.   


ලන්ඩනයේ නිවාස මිලදී ගැනීම පිණිස අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය සමාගම් යොදාගෙන ඇතැයි 2015දී පැනමා ලිපි ගොනුවලින් අනාවරණය වී තිබුණි.  

 

 

 

 

බීබීසී ලෝක සේවයේ එම්රේ අසීස්ලේර්ලි (Emre Azizlerli) සකස් කළ ලිපියක් ඇසුරෙනි.



අදහස් (0)

දූෂණවලට වරදකරු වූ පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට යළි සිර දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site