IMG-LOGO

2024 ජුලි මස 17 වන බදාදා


කොරෝනා සොයන ඉන්දීය සුනඛයෝ

 

 

ඉන්දීය හමුදාවේ ජයා, කැස්පර් සහ මානී යන නිල සුනඛයන් පුරුදු කර ඇත්තේ ඉව අල්ලා කොරෝනා සෙවීමටය.


‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැට කන රටක් වූයේ අප අසල්වැසි ඉන්දියාවය. ඇමෙරිකාවට පසු දෙවැනියට වැඩිම කොරෝනා අසාදිතයන් වාර්තා වීමට පටන් ගත්තේ ඉන්දියාවෙනි. ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්’ එන්නත සහ ‘භාරත්’ බයෝටෙක් එන්නත නිපදවීම සිදුවන්නේ ඉන්දියාවෙනි. ඉන්දීය රජය ‘වැක්සින් මෛත්‍රී’ වැඩසටහන හරහා අප ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය ආසියානු රටවලට ප්‍රදානය කළේ ද මෙම කොවිෂීල්ඩ් එන්නතය.   


‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයකු ද නැති ද යන්න සෙවීම සිදුවන්නේ පී.සී.ආර්. සහ ප්‍රතිදේහ පරීක්ෂණ මගිනි. පී.සී.ආර්. පරීක්ෂණයට වඩා ඉක්මනින් ප්‍රතිදේහ පරීක්ෂණයේ ප්‍රතිඵල ලබා ගත හැකිය. පී.සී.ආර්. වලට වඩා ප්‍රතිදේහ පරීක්ෂණය මිලෙන් අඩුය. එකිනෙකට වෙනස් වුවත්, මෙම පරීක්ෂණ දෙකටම උගුර ඇතුළෙන් සහ නාසය ඇතුළෙන් සාම්පල ලබා ගැනීම කළ යුතුය. බොහෝ දෙනකුට මෙය වේදනාවක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත. එය අමිහිරි අත්දැකීමකි. 

 
ඉන්දියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් හඳුනාගැනීමට විශේෂයෙන් පුරුදු පුහුණු කළ තිදෙනෙක් සිටිති. ජයා, කැස්පර් සහ මානී යනු ඒ තිදෙනාය. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ ඉදිරිපෙළ ‘සටන්කරුවන්’ අතරට මොවුන් තිදෙනා අයත් වෙයි. ජයා, කැස්පර් සහ මානී ඉන්දීය හමුදාවේ නිල සුනඛයන්ය. මොවුන් පුහුණු කර ඇත්තේ ඉව අල්ලා ‘කොවිඩ් 19’ වයිරසය හඳුනාගැනීමටය. අද යුරෝපා රටවල් කීපයක ද මේ අයුරින් ‘කොවිඩ් 19’ වයිරසය හඳුනාගැනීමට පුහුණු කළ සුනඛයන් ගැන අසන්න ලැබේ. එම නිල සුනඛයන් යෙදවෙන්නේ ගුවන්තොටුපොළවල රාජකාරි සඳහාය. ජයා, කැස්පර් සහ මානී පුහුණු කර ඇත්තේ ‘කොවිඩ් 19’ ආසාදිතයකු සිටින්නේ නම්, ඔහු හෝ ඇය අසලට ගොස් ඉදිරියේ වාඩි වීමටය.   
‘‘ඉව අල්ලා කොවිඩ් 19 වයිරසය හඳුනාගැනීමේ වැඩසටහන සඳහා හමුදා සුනඛයන් පුහුණු කිරීම අප ආරම්භ කළේ මාස කීපයකට කලින්. පුහුණු කිරීම් සිදු කළේ මුත්‍ර සහ දහඩිය සාම්පල යොදා ගනිමින්. චිපිපරේ, කොකර් ස්පැනියල්, ලැබ්රඩෝර් යන වර්ගයේ සුනඛයන් මෙම වැඩසටහනට අප සම්බන්ධ කරගෙන තිබෙනවා. දැන් අපේ සුනඛයන්ට කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම කළ හැකියි. එය සියයට 95 ක් සාර්ථකයි.”‍ යැයි සුනඛයන් පුහුණු කිරීමේ වැඩසටහන බාර ඉන්දීය හමුදා කර්නල් සුරේන්ද්‍ර සයිනී පැහැදිලි කරයි.   

 


සුනඛයන්ගේ නාසයට මිලියන 300 කට වඩා වැඩි ගඳ සුවඳ හඳුනාගැනීමේ හැකියාවක් පවතී. මනුෂ්‍ය අපට හඳුනාගැනීම කළ හැක්කේ මිලියන 5 ක් හෝ 6 ක් පමණක් බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. නිල සුනඛයන් යොදා ගනිමින් පුපුරන ද්‍රව්‍ය, මත්කුඩු ඇල්ලීම, දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආදිය නිරතුරව සිදුවෙයි. අපරාධකරුවන් ලු‍හුබැඳ යෑමට පොලිස් නිල සුනඛයෝ හපන්නුය. ඊට අමතරව, පිළිකා හඳුනාගැනීමට පවා පුහුණු කළ සුනඛයන්ට හැකියාව තිබේ. ඊට අමතරව මැලේරියාව, දියවැඩියාව, පාකින්සන් රෝගීන් හඳුනාගැනීමට සමත් සුනඛයන් ගැනත් ලොව නන්දෙසින් අසන්න ලැබේ.   


කෙසේ නමුත් ඉන්දියාවේ නිල සුනඛයන් මේ අයුරින් වෛද්‍ය විද්‍යාව සම්බන්ධ කටයුත්තකට සම්බන්ධ කළ පළමු අවස්ථාව මෙයයි. ‘කොවිඩ් 19’ වයිරසයේ අවදානම ඇත්තේ අප මනුෂ්‍යයන්ට පමණක් නොව, සුරතල් සතුන් ද රෝගී වූ බව වාර්තා වේ. ඇමෙරිකාවේ සත්වෝද්‍යානවල සිංහයන්ට, ව්‍යාඝ්‍රයන්ට සහ ගෝරිල්ලන්ට පවා කොවිඩ් ආසාදනය විය. පාකිස්තානයේ ධවල ව්‍යාඝ්‍ර පැටවුන් දෙදෙනකු කොවිඩ් ආසාදනය වී මියගිය බව ද අසන්න ලැබුණි. මේ වනවිටත් දකුණු කොරියාවේ සෝල් නුවර සුරතල් සතුන් පවා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට නගරසභා බලධාරීන් තීරණය කර තිබේ. එහෙයින්, කොරෝනා සොයන්න ඉව අල්ලන ජයා, කැස්පර් සහ මානී ද නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කරන බව කර්නල් සුරේන්ද්‍ර සයිනී පැවසීය. 
බෲට් ඉන්දියා ඇසුරිනී

 

 

ලු‍සිත ජයමාන්න්‍



අදහස් (0)

කොරෝනා සොයන ඉන්දීය සුනඛයෝ

ඔබේ අදහස් එවන්න

නිම්තෙර

අපරාධ වලට අතවනන සමාජ ආකල්ප
2024 ජුලි මස 15 33 0

ක් ලබ් වසන්තගේ ඝාතනය - ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරීත්වය, ජනතාවගේ ආරක්ෂාව, නීතියේ පාලනය පවත්වාගෙන යාමට රජයට ඇති හැකියාව හා වගකී


යුද ගිනි අළු මතින් නගී සිටි උතුරේ දිරිය කත
2024 ජුලි මස 15 18 0

ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල වෙසෙන කාන්තාවන්ට වඩා උතුරුකරයේ කාන්තාවන් ශක්තිමත් යැයි පැවසෙයි. තිස් වසරක යුද්ධයෙන් බැට කා, ඔවුන් සිටියේ හෙම්බත්වය. ස්වාමිප


වර්ගවාදයට සහජීවනවාදී පිළිතුරක් දෙන යාපනයේ සිංහල ගම
2024 ජුලි මස 01 74 0

දමිළ ජාතිකයන්ගේ හදවත බඳු වූ යාපනය නගරය, වර්තමානයේ දමිළ ජාතිකයන් පමණක් ස්ථීර පදිංචිකරුවන් ලෙස සිටින නගරයක් ලෙස පැවතිය ද, අතීතයේ එහි සිංහල ජාතිකයන් ද ස්


පිළිකා රෝගී පවුල්වල දරුවන්ට උසස් පෙළ ශිෂ්‍යත්ව
2024 ජුලි මස 01 31 0

පිළිකා ‍රෝගය ‍ලොව පුරා ජනතාව ‍පෙළෙන ප්‍රධාන රෝගාබාධවලින් එකකි. වර්තමාන ලෝකයේ සංකීර්ණ ජීවන රටාව හා ක්ෂණික ආහාර පාන වැඩි වශයෙන් භාවිත කිරීමේ ප්‍රතිඵලය


ජයභාරති ජය ලැබුවාය
2024 ජුලි මස 01 71 0

අවුරුදු පහළොවක කාලයක් තේ දලු නෙළීමේ නිරතව සිටි කාන්තාවක දික්ඔය දිස්ත්‍රික් මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළේ ඇයගේ මොළේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක්


අන්තර්ජාල සල්ලි හොරු ජාලයක් අත්අඩංගුවට
2024 ජුලි මස 01 43 0

මෙරට විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාසවල රැඳී සිටිමින් අන්තර්ජාතික වශයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැවැන්ත හෙළ


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 125 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 988 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1868 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site