IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


​කොටින්ගේ මිටිම සාමාජිකයා දැන් සිවිල් ආරක්ෂක හමුදාවේ

‘කොටකම’ නිසා එල්ටීටීඊයෙන් කොන්වූ හිටපු කොටි සාමාජිකයෙකු මේ වනවිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කිලිනොච්චි මුලතිව් ඒකාබද්ධ අණ දෙන නිලධාරිවරයාගේ සහායකයා (බඩියා) වශයෙන් කටයුතු කරයි.  


එල්ටීටීඊයේ ගුවන් හමුදා බළකායේ ගබඩා භාරකරුවෙකු ලෙස වසර 10කට අධික කාලයක් කටයුතු කර ඇති ඔහු හඳුන්වන්නේ ශෂි කුමාර් වශයෙනි.  


ශෂි කුමාර් පිළිබඳව කිලිනොච්චිය මුලතිව් ඒකාබද්ධ මූලස්ථානයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්. රත්න ප්‍රියබන්දු මහතා හෙළි කළේ මෙවැන්නකි.  


මානුෂික මෙහෙයුමේදී හමුදාවට භාරවී පුනරුත්ථාපනය වී ඇති ශෂි කුමාර් මට හමුවී අවුරුදු 5ක් වෙනවා.  


ඔහු එදා එල්ටීටීඊයට බැඳී ඇත්තේ කොට නිසා නිවසින් කොන්කළ නිසයි.  


එල්ටීටීඊයට සම්බන්ධවීමෙන් පසුවද කොට නිසා ඔහු කොන්කර දමා තිබෙනවා.  


ඒ නිසාම දැඩි හිත් අමාරුවෙන් පසුවී ඇති ඔහුට එයින් ඉවත්වීමටත් ඉඩ ලබාදී නැහැ.   


අපේ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ පුනරුත්ථාපනය ලැබූ කොටි සාමාජිකයින් අතර එකම කොට පුද්ගලයා ලෙස සිටි ඔහු බඳවාගත් දින සිටම මගේ සහායකයා බවට පත් කර ගත්තා. දැන් ඔහුට ‘කොටා’ කියන අන්වර්ථනාමය ඉවත් වෙලා. අනික් අයගේ විශේෂ ඇගයීමට පවා ලක්වෙලා.  


මට ඕනෑ කර තිබුණේ මගේ සහායකයා (බඩියා) බඳවා ගෙන ඔහුව අනිත් අයගේ විශේෂ සැලකිල්ලට භාජනය කිරීමටයි.  


වැඩි කතා බහක් නැති ඔහු මට කිව්වේ විවාහකයක් වීමට අවශ්‍ය බවයි.  


මම 2013 වසරේදී කොට මනාලියක් හොයලා ඔහුට බන්දලා දුන්නා. දැන් එක දරුවෙක් සිටිනවා. විශ්වමඩු ප්‍රදේශයෙන් සේවා වනිතා එක්කයේ සහාය ඇතිව නිවසක් ද හදලා දුන්නා.  


දැන් උදේ සේවයට ඇවිත් හවසට යනවා. හරිම සන්තෝසෙන් ජීවත් වෙනවා.  


මම කියන ඕනෑම දෙයක් කරන මගේ එකම විශ්වාසවන්තයා ඔහුයි.  


එල්ටීටීඊයෙන්ද කොන්වූ ඔහුට අද අපේ දෙපාර්තමේන්තුවේ විශේෂ සැලකිල්ලක් යොමු වී තිබෙනවා.  


ඔහුගේ විශ්වාසවන්තකම හා කීකරුභාවය, මගේ රාජකාරියට විශාල ශක්තියක්.  

 


(ස්තුතිය - සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂ මේජර් වජිර කුමාරතුංග මහතාට)   

 

 

 

ජයන්ත සමරකෝන්

 



අදහස් (0)

​කොටින්ගේ මිටිම සාමාජිකයා දැන් සිවිල් ආරක්ෂක හමුදාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site