
මව් කුසින් බිහිවී මිනිත්තු 20කින් ඇවිදින්නට උත්සාහ කළ බිලිඳියක පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වෙනවා. දකුණු බ්‍රසීලයේ රියෝ ග්‍රන්දේ දො සුල් නගරයේ සාන්ත කෲස් රෝහලේ උපත ලද මෙම බිලිඳිය ඇයගේ උපතට සහය වූ හෙදියක විසින් සෝදා පිරිසුදු කිරීමට උත්සාහ කෙරුණු අවස්ථාවේදී මේ අයුරින් ඇවිදින්නට උත්සාහ කළ බවයි වාර්තා වූයේ.

“සාමාන්‍යයෙන් දරුවකු ඇවිදින්නට උත්සාහ කරන්නේ අවම වශයෙන් මාස 12ක් වත් ගතවූ පසුවයි. මෙය කිසිවකු විශ්වාස නොකරනු ඇති. මා මෙවැන්නක් දුටුවේ පළමු වරටයි. මා අල්ලාගෙන සිටියදී බිලිඳිය යහන මත අඩි තබමින් ඇවිදින්නට උත්සාහ කළා” යනුවෙන් එම හෙදිය සඳහන් කර තිබෙනවා. එම රෝහලේ සිදුවූ මෙම අරුම පුදුම සිදුවීම එහි සිටි කිසිවකු විසින් රූගත කරනු ලැබ අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
බිලිඳිය පළමුවරට ස්නානය කිරීම සඳහා සූදානම් කරන අවස්ථාවේ ඇය තම පාද තබමින් ඉදිරියට යන්නට උත්සාහ කරන ආකාරයත්, හෙදිය යළි ඇය යහන මත සතපන්නට උත්සාහ කළද බිලිඳිය යළිත් පෙර පරිදි පාදයෙන් පාදය ඉදිරියට තබන්නට උත්සාහ කරන ආකාරයත් මෙම රූපරාමුවල දැක්වෙනවා.
ඕක්ලන්ඞ්හි ළමා රෝග විශේෂඥවරියක වන ඈන් ටේට් සඳහන් කරන ආකාරයට මෙය ප්‍රාතිහාර්යයක් නොවෙයි. මෙය නිරායාසයෙන් සිදුවිය හැකි ක්‍රියාවක් බවත්, බිලිඳකුගේ දෑත් යටින් අල්ලාගෙන (හිස කඩා නොවැටෙන පරිදි සහයක් දෙමින්) සිටින විටෙක දෙපා සමතල මතුපිටක පවතී නම් ඔවුන් තම පාදයෙන් පාදය ඉදිරියට තබන්නට උත්සාහ දරන බවත්, අප සිතන්නේ එය ඇවිදින්නට ගන්නා උත්සාහයක් ලෙසින් බවත් ඇය සඳහන් කරනවා.
බිලිඳිය පළමුවරට ස්නානය කිරීම සඳහා සූදනම් කරන අවස්ථාවේ ඇය තම පාද තබමින් ඉදිරියට යන්නට උත්සාහ කරන ආකාරය.
‘හැමෝම සිතන්නේ බිලිඳුන්ට කළ හැක්කේ ඉතා සුළු දෙයක් පමණක් බවයි. එය වැරදියි. ඔවුන්ට බොහෝ දේ කළ හැකියි. මෙය ‘ඇවිදීමේ ප්‍රත්‍යාවර්තිතයක්’ ලෙසින් හඳුන්වන්න පුළුවන්. එය මානවයාගේ ප්‍රාථමික ක්‍රියාවලියක පරාවර්තනයක් වන අතර බිලිඳකු ශාරීරිකව හෝ මානසිකව හෝ වර්ධනය වීමට පෙර ඔවුන් අවට ඇති පරිසරය අවබෝධ කර ගැනීමට හෝ ඒ හා සමඟ අනුගත වීමට හෝ ඔවුන්ගේ ස්නායු පද්ධතිය දරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් මෙවැනි දේ සිදුවිය හැකියි’ යනුවෙන් ඇය සඳහන් කරනවා.
තත්ත්පර 41කින් යුත් මෙම සිදුවීම සම්බන්ධ විඩියෝව මැයි මස 26 වැනි දින ෆේස් බුක් ගිණුමක ප්‍රචාරය වීමත් සමඟ මිලියන 68කට අධික පිරිසක් එය නරඹා ඇතැයි වාර්තා වෙනවා. ඇතැම් පිරිස් මෙම සිදුවීම විස්මයක් ලෙස සඳහන් කර ඇති අතර ඇතැමෙක් එයට උපහාසාත්මක ප්‍රකාශද යොදා තිබෙනවා. එක් අයෙක් පවසා ඇත්තේ 9 මාසයක් කුසයේ සිරවී සිට එළිමහනට පැමිණි විගස පාදවල හිරිය හැර ගන්නට බිලිඳිය උත්සාහ කරන බවයි.
බිලිඳියගේ අනන්‍යතාව පිළිබඳ තොරතුරු අල්ප වුවත් හෙදිය බ්‍රසිලයේ සාන්ත කෲස් රෝහලට අනුයුක්තව සේවය කරන බවට වාර්තා වුණා. ඒ අනුව ඇය බ්‍රසීලියානු මව්පියන්ට දාව උපත ලද්දියක බවට අනුමාන කෙරෙනවා.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉපදුණු ගමන් ඇවිද්ද බිලිඳිය
Lakvidu Wednesday, 07 June 2017 02:06 AM
සිදුහත් කුමාරයා ඉපදුන ගමන් ඇවිද්දා කිව්වම අපේ සමහර කට්ටිය පිළිගන්න කැමති නැහැ.
chandana ramasingheTuesday, 13 June 2017 07:07 AM
මෙය ප්‍රාතිහාරයකි නැතිනම් උපදින සෑම දෙනාම මෙයා වගේ ඇවිදින්න ඕනි.
Upali Saturday, 10 June 2017 07:07 AM
බිලිඳියක් කිව්වට බිලිඳෙක් වගෙයි පෙන්නේ. නම දමාගන්න කරපු වැඩක්ද කියලත් මට හිතෙනවා
bamunu Thursday, 15 June 2017 11:55 AM
සිදුහත් කුමරු උපන් ගමන් ඇවිද්දේ කොහොමද කියල මගෙන් අසපු අයට මෙන්න පිළිතුර.