(තිළිණි ද සිල්වා හා රංජන් කටුගම්පොළ)
තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අහෝසි කර යළි එම ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) පෙත්සම්කරුට අවසර ලබාදුන්නේය.
මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම ඉල්ලීමට අධිකරණය අවසර ලබා දෙන ලදී.
එහිදී පෙත්සම්කාර පාර්ශවය සහ නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල අදාළ පෙත්සම සලකා බැලීම මැයි මස 26 වනදා තෙක් කල් තබන ලදී.
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත් බවත්, තමන් මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ව්‍යවස්ථානුකූලව කිසිදු බලයක් නොමැති බව පෙත්සම්කාර පූජිත් ජයසුන්දර මහතා කියා සිටී.
COMMENTS
හපොයි හපොයි ! සියලු විනිසුරුවන්ට ප්‍රවේශමෙන් මේ නඩුව විමසන්න කියන්න.
එයාට බලයක් නැත්නම් කිව්වම ගියේ ඇයි ? ඒ වෙලාවේ කියන්න තිබුනනේ ඔබ කිව්වට මම යන්නේ නෑ කියලා.
ඕකට විතරක් නෙවේ තව වින්නැහි බර ගණනකට වග උත්තර බඳින්න ඕනෑ කියලයි සමහරු කියන්නේ.
පාස්කු බෝම්බ ප්‍රහාරයට ඍජුවම වගකිව යුතු පුද්ගලයා වන්නේත් මේ හිටපු ජනාධිපතිවරයා තමයි. ඔහුට එරෙහිව කවද්ද මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ..?
දේශපාලුවන්ට මේ රටේ නීතිය වලංගු නැතුවා වගේ. හිරේට යන්න ඕනෑ අයත් රජ වෙලා. මහ පරිමාණයේ දූෂිත දේසපාලුවන් නිදහසේ, සුවසේ කවර කතාද...?
උන්දැ බේරිලා ඉන්නේ ඩීල් බලයෙන් වෙන්න ඇති...
උපුටා ගැනීමක් "මේ මහත්තයට නාමයෝජනා ලබාදීමට එරෙහිව පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු විශාල පිරිසක් විරෝධය පළකර ඇති බව කියනවා. ප්‍රසන්න රණතුංග මහතා ද ඊයේ (02) ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේවග කියා තියෙනවා. මේ අතර, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු තමන්ට මුහුණ පෑමට සිදුව ඇති ගැටළු ගණනාවක් ඇතිකිරීමට මූලික වූ පුද්ගලයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ප්‍රචාරණ ව්‍යාපාරයක නිරත වීම තමන්ට දැඩි ලෙස අවාසි සහහත බව පොදුජන පෙරමුණේ ඉදිරි පෙළ ක්‍රියාකාරික දේශපාලනඥයින් ගණනාවක්ම පක්ෂ නායකත්වය වෙත පෙන්වා දී ඇති බවත් කියනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට වසරක් පිරෙන කාලය ආසන්නයේදී මහමැතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් එම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කටයුතු නොකළ බවට දැඩි චෝදනා එල්ල වී ඇති එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකම වේදිකාවක හිඳගැනීම යනු තම පක්ෂයට දරුණු හානියක් ගෙනදෙන්නක් බවත් ඔවුන් විසින් අවධාරණය කර ඇති බව සඳහන්." උපුටාගැනීම අවසන්.
මෙයා කරපු දෙයක් නැහැ. පොහොට්ටුවට ගන්න හොඳ නැහැ. දැනුත් ඒකෙත් නම කැතවෙනවා. දැනුත් ස්වාධීනව පැත්තකට වෙලා ඉන්න කියන්න තියෙන්නේ. දෙවැනි පාර ඉල්ලන්න ට්‍රයි කළ එකත් අවුල් ගියා.
හිතක් පපුවක් නැද්ද ඔහෙලට හිටන්? මම ඇති කරපු නිදහස වැරැදි විදිහට ඔයාලා පාවිච්චි කරනවනේ.. කමක් නැහැ.. මම හොඳට ඉවසීම ප්‍රගුණකරලා තියෙන නිසා ඕවා මට ඉවසන්න පුළුවන්...
මේ මනුස්සයව අපේ රටේ නිදහස් දින උත්සවයට කිසිසේත් වද්දා නොගත යුතුයි. රට අයාලේ යාම පමණක් නොවෙයි, පසුගිය වසර හතරහමාර තුළ සිංහල ජාතියට කල විනාශයට පිටුවහල් කල යුතුයි. වර්තමාන ජනාධිපති හා අගමැතිතුමා ප්‍රමුඛව ගෞරවනීය ජාතියක් ලෙස අද අපේ නිදහස් දිනය සමරමු!!
එකක් සහතිකයි. රාජපක්ෂවරු මෙතුමාට සැනසිල්ලේ සිටීමට ඉඩ නොදෙන බව නම්..