IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිසුවිය රවටා අපයෝජනය කළ කුලීකරුවා අත්අඩංගුවට

(තිලකරත්න දිසානායක)

ගම්පහ නගරයේ උපකාරක පන්තියක ජීවවිද්‍යා ශිෂ්‍යයකු ලෙස එක්ව, ජීවවිද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමඟ මිත්‍රවී ඇය දූෂණය කර ඡායාරූපගත කරමින් අන්තර් ජාලයට මුදා හළ බව කියන 27 හැවිරිදි කුලීකරුවකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු නිට්ටඹුවට නුදුරු ප්‍රදේශයක පදිංචි අවිවාහකයෙකි. මොහු තරුණියන් මුලාකර ගනිමින් වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ කර ගැනීම පිණිස උපකාරක පන්තිවල ශිෂ්‍යභාවය ලබා ගෙන ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මෙම සැකකරු මීට පෙරද මේ අයුරින්ම 15 හැවිරිදි පාසල් දැරියක සමඟ මිත්‍රත්වයක් ඇති කර ගනිමින් ඇය දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් අත්හිටවූ සිරදඬුවමක් ලබා සිටියදී මෙලෙස තවත් තරුණියන් දූෂණය කර ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සැකකරු ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම සිදු කිරීමෙන් පසුව  පොලීසියට ලැබී ඇති පැමිණිලි මත මීට දෙමසකට ආසන්න කාලයක් ඉතා සූක්ෂම අන්දමින් පරීක්ෂණ අරඹා ඇති ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ සිදුකරමින් දුරකථන විශ්ලේෂණ වාර්තා ද කැඳවා තිබේ.

මොහු ව්‍යාජ හැදුනුම්පත් භාවිතා කර සිම් කාඩ්පත් භාවිතා කරමින් මෙලෙස තරුණියන් ඇසුරු කර ඇති බවද පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී තරුණිය සමඟ සිටි දසුන් අන්තර්ජාලයට මුදා හැරීම සිදු කළැයි පරිගණක කොටස් සහ ජාතික හැඳුනුම්පත් දෙකක් ද සොයා ගෙන ඇත. 



අදහස් (10)

සිසුවිය රවටා අපයෝජනය කළ කුලීකරුවා අත්අඩංගුවට

Asanka Wednesday, 08 January 2020 12:47 PM

මොන විකාරද මේ අහන්න දකින්න ලැබෙන්නේ..? එක පාරක් අවුරුදු 15ක දැරියක දූෂණය කළ කෙනාට ඇපදෙන මේ නීතිය වහාම වෙනස් වෙන්න ඕනෑ. මේ නීතිමගින් හැමදාම විඳවන්නේ අහිංසකයින්, වින්දිතයන් පමණයි..

:       0       459

SamWednesday, 08 January 2020 02:53 PM

දුප්පත්කමට පොල්ගෙඩියක් හොරෙන් කඩාගත්තු මිනිහා හිරේ. ළමා අපරාධකරුවන්ට අත්හිටවූ සිරදඬුවම්..! මේවා තමයි කැකිල්ලේ තීන්දු...

:       0       309

AkilaWednesday, 08 January 2020 04:04 PM

ලංකාවේ වැඩියෙන්ම අකාර්යක්ෂම සහ දූෂිතකම් තැන කොහෙද කියලා හිතාගන්න පුළුවන්නේ මේකෙන්...

:       0       227

namaliThursday, 09 January 2020 03:00 AM

රුපවාහිනී මගින් දරුවන්ට තමන්ගේ ආරක්ෂාව, රැවටීමකට අහුවෙන ආකාරය, පරිස්සම් වීම දැනුවත් කිරීමේ වැඩ සටහන් කරන්න, බොරු වැඩ සටහන් නවත්වන්න.

:       0       153

hemanthaThursday, 09 January 2020 08:52 AM

අපේ 7 පොත තහනම් කරපු එක ලොකු වරදක්. දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් එම වයස් සීමාවේ දිය යුතුමයි.

:       0       29

wije Wednesday, 08 January 2020 01:07 PM

මෙයාව අත්අඩංගුවට අරගෙන විතරක් නම් වැඩක් නැහැ. එකෙකුට දෙන්නෙකුට දුන්නා නම් අායෙත් කවුරුවත්ම කවදාවත්ම ළමා අපයෝජන කරන එකක් නැහැ.

:       0       255

amara Wednesday, 08 January 2020 01:47 PM

7 අපේ පොතේ එහෙම නැතේ...

:       0       78

Champa Wednesday, 08 January 2020 04:49 PM

අපූරුයි. පලවෙනි වරදට දීපු දඬුවම තව ඒ වගේ ඕනේ තරම් කරන්න ඉඩ ලබා දීමක්. දැන් දැක්කනේ වෙලා තියෙන දේ. අටල්ල කියන ගමේ කිරි දරුවෙක්ට නාකි මිනිස්සු 5ස් දෙනෙක් අතවර කරලා. රටේ නීතිය බල්ලට ගිහින්. අවුරුදු 5ක් තිස්සේ කියනව කාන්තාවන් දරුවන් ආරක්ෂා කරන්න නීති ගෙන්න කියලා. ඡන්ද කාලෙට රටේ නැති පොරොන්දු දෙනවා. 2012 වර්ෂයේ 8749ක් කාන්තාවන් සහ දරුවන් අපයෝජනයට ලක් වෙලා තිබුන. ඒ දත්ත පොලිස් වෙබ් අඩවියෙනුත් ඉවත් කරලා. හරිනම් 8749ක් අපරාධකාරයන් හිරේ ඉන්න එපාය. එහෙම වුනේ නැහැ. කාන්තා හා ළමා අපරාධ වලට මේ රටේ තියෙන්නේ ඉතාම අඩු තක්සේරුවක්. ඒ හින්ද දඬුවම් ලිහිල්. වඩාම භයානක තත්වය ඒක.

:       0       83

ලුම්බිණි Wednesday, 08 January 2020 11:04 PM

අඩු වශයෙන් වසර 30ක සිර දඬුවම් දිය යුතුයි.

:       0       41

Gonjanrama Thursday, 09 January 2020 01:54 AM

මේවා අර රංජන්ගෙන් ගත්ත ආදර්ශ තමා!. පොඩි ළමයිම තමා හොයලා තියෙන්නේ!

:       156       21

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13528 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site