IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


සිව් වසරක් උතුරේ ජනතාව රැවටුවා

සිතුම් චතුරංග

         

වසර හතර හමාරක් ආණ්ඩුවේ සිටි පිරිස ජනාධිපතිධූරය අහෝසි කරනවා කියා උතුරේ ජනතාව රවටා දකුණේ ජනතාව රට බෙදනවා කියා වෛරයට ලක්කරගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.

19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ බලය ජනාධිපතිට,අගමැතිට හා කථානායකට බලය බෙදී තිබීමෙන් ඔවුන් සමඟ වැඩකරන විට රට අවුල් සහගත තත්වයකට පත්වන බවද ජනාධිපතිවරයා පැවසීය.

රට ගොඩගැනීමට නම් 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවත් ගැටළුව නම් 19 වැනි සංශෝධනය අහෝසි කරන්න කවුද පාර්ලිමේන්තුවේ කැමති වන අගමැතිවරයා කියන එක බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස පැවසූයේ යාපනය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ සමාප්ති උත්සවයට සහභාගී වෙමිනි.

         

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

         

මගේ අවුරුදු පහකට ආසන්න කාලය තුල ලොකුම ජයග්‍රහණය තමයි මේ රටේ කිසිදු ජනාධිපතිවරයෙක් නොකරපු දෙයක් මම කරලා තිබෙනවා.  ඒ තමයි ආණ්ඩුවේ තුවක්කුවක් දේශපාලන හේතු මත කිසිදු කෙනෙකුට පත්තුකරලා නැහැ. ඒක මම පැහැදිලිව කියන්නට ඕනෑ. අනෙක් හිටපු සියලු ජනාධිපතිවරුන්ට චෝදනා රාශියක් තිබෙනවා. ආණ්ඩුවේ තුවක්කු පත්තුකළ හැටි ආණ්ඩුවේ මැදිහත්කම මත දේශපාලන වශයෙන් හිරිහැර කරපු ඒවාල ශාරිරික වද හිංසා දුන්න ඒවාල ගෙවල් දොරවල් ගිනිතියපුවා, මාධ්‍ය ආයතන ගිනිතියපුවා, මාධ්‍යවේදීන්ට කළ හිරිහැර පීඩා. මා ප්‍රජාතන්ත්‍රවාදය, සාමය ශක්තිමත් කරලා තිබෙන්නේ ඒ නිසා කිසිදු චෝදනාවක් මට නැහැ. ඒ නිසා විවේචන කොච්චර තිබුණත් නිදහස, සාමය හා සමානාත්මතාවය මට කළ හැකි උපරිම ලෙස ඉෂ්ඨ කරලා තිබෙනවා.

ඒ වගේම කියන්නට ඕනෑ පසුගිය අවුරුදු හතර හමාරෙන් අවුරුදු හතරක්ම පාර්ලිමේන්තුවේ ඉන්න මහත්වරු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. ඒකට කෝටි ගණනක් වියදම් කළා. අපේ මැති ඇමැතිවරු ආණ්ඩුක්‍රම විශේෂඥයෝ කෝටි ගණන් වියදම් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධ්‍යනය කරන්න ලෝකයේ රටවල්වල ගියා. මා කියා තිබුණා ඡන්දෙට ඉස්සල්ලාත් පස්සේත් පසුගිය වසර හතරේදීත්  ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා. නමුත් අවුරුදු හතරහමාරක් පාර්ලිමේන්තුවේ හිටපු මහත්වරු කරපු දෙයක් නැහැ. ඒක මගේ වැරුද්දක් නොවෙයි.

අප ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ගැන කතාකරන විට විශේෂයෙන්ම රට සංවර්ධනය කරන්න රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. දේශපාන බේද අමතක කර ආණ්ඩුව හා විපක්ෂය මෙය ඉටුකළ යුතුයි රට වෙනුවෙන්. එහෙම කළේ නැතිනම් රටේ යහපත් රාජ්‍යයක පාලනයක් ඇති කරන්න බැරිවයනවා. ජනාධිපතිවරණය ළඟ එන අතර ආණ්ඩුවට තවමත් මෙය නිවැරදි කරන්නට කාලය තිබෙනවා බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (40)

සිව් වසරක් උතුරේ ජනතාව රැවටුවා

Ruwan Friday, 30 August 2019 01:44 PM

යකෝ... දැන් ඒ කාලේ රට පාලනය කළ කෙනෙකුත් නැද්ද ....?

:       54       276

RaveendraFriday, 30 August 2019 03:11 PM

සහතික අැත්ත.. ඒ කාලේ රට පාලනය කරේ අලියෙක්නේ. එ්කනේ මෙයා මේ තෙපර බබා කියන්නේ.. ලැජ්ජයි රටේ නායකයා කියන්නත්... මේ වගේ හිඟන්නන් වත්ත පහළ‍ට විසිකරලා තියෙන පොල්පිතිවලින් සිය ගණනක් කපාගන්න පුළුවන්..

:       99       422

RaveendraFriday, 30 August 2019 04:09 PM

දේශපාලුවා යනු (විශේෂයෙන් අප රටේ) කිසිවිට විශ්වාස කළ නොහැකි "අපතයෙක්" බවට තව එක් උදාහරණයකි.

:       28       299

senaSaturday, 31 August 2019 06:50 AM

පුදුම කරුමයක්.. මේ මිනිස්සු හිතන් ඉන්නේ අපි මෝඩයන් කියලා... 225 ඔක්කොමලා එලවන්න ඕනේ.

:       0       108

abaranSaturday, 31 August 2019 02:14 AM

මගේ අමුඩේ වෙන කවුදෝ කැත කරලා..

:       0       58

නොකවුට් Friday, 30 August 2019 01:56 PM

ඔයා එන්න කලින් ඉඳලම මිනිස්සු රැවැට්ටුවා. මතකද මෝදි කෝට් බෑයක් ඇඳගෙන කරපු රඟපෑම...? රත්තරන් අශ්වයෝ..

:       21       280

Don Friday, 30 August 2019 01:58 PM

ජනාධිපති පුටුවේ රස විඳලා, එ්ක අහිමිවෙන්න යනබව දැනුණාම, නැතිකරනවා කියලා පොරොන්දු දුන්නු කෙනා, උදේට කණ්ණාඩිය ඉස්සරහ හිටගත්තම පෙනේවි. උතුරේ ජනතාව රැවට්ටුවේ කවුද කියලා...

:       73       354

කෝලිත Friday, 30 August 2019 02:34 PM

එතකොට 19 වෙනි සංශෝධනය ගෙනාවේ මෙයා දැනුවත්ව නෙමෙයිද..? මේ අවුරුදු 4 කවුද රට පාලනය කලේ... සිරිසේන කියනකෙනා... නිදහස් මාධ්‍ය ප්‍රකාශකයෙක්ද?

:       1       239

lankasri Friday, 30 August 2019 02:39 PM

මෙයා කතා කරන්නේ හරියට මම ජනාධිපති වෙලා හිටියා වගේනේ...

:       20       206

Ruhunu Friday, 30 August 2019 02:40 PM

ඔබත් රැවටුණා. අපිත් රැවටුණා. තේරුම්ගන්න බැරි හදවතකට...

:       122       143

chandima Friday, 30 August 2019 02:50 PM

ඕකත් කජ්ජක්ද? 1948 ඉඳලම ඔයගොල්ලෝ අපිව රවට්ටන්නේ?

:       50       309

isuru Friday, 30 August 2019 02:52 PM

දැන් තමයි මෙයාටත් උතුරේ ජනතාව ගැන මතක්වෙලා තියෙන්නේ... අවුරුදු 29ක් ඇමතිකම් දැරුවා. අවුරුදු 4කට වැඩිකලක් විධායක ජනාධිපතිකම දරනවා හීනෙන් නැගිටලා වගේ මෙයා

:       0       254

Bandula Saturday, 31 August 2019 12:58 AM

කාලෙකින්නේ අරයා දැක්කේ. දැක්කම දුක හිතෙන්න ඇති...

:       0       19

Hafeel Friday, 30 August 2019 03:14 PM

ඔයාම කියන්නේ මට අර චෝදනා මේ චෝදනා නැහැ කියලා. නමුත් මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ එකම නායකයා ඔයා...

:       42       377

Buddika Friday, 30 August 2019 03:21 PM

ඔයා මුළු රටම රැවැට්ටුවා. ඡන්දෙ දූපු අය ඔක්කෝම විනාශ කළා. තමන් මරන්න හැදුවා කියලා තමුන් විසින්ම චෝදනා කළ අයත් එක්ක පල් හොරු එක්ක ඉතුරු වෙන්නේ ජනතා ඡන්දයට පයින් ගසමින්..

:       46       441

Sanath Weerakoon Friday, 30 August 2019 03:36 PM

ආණ්ඩුව කරපු හැම හොඳ වැඩක්ම කරලා තියෙන්නේ මෙයාලු. වැරදි වැඩ ඔක්කොම කරලා තියෙන්නේ යූ.ඇන්.පී කාරයින්ලු...

:       34       253

Amila Friday, 30 August 2019 04:01 PM

වුවමනාව නොතිබුණේ කාටද කියන එක රට්ටු දන්නවනේ... ඕකත් නිකන් අර හිටපු මනුස්සයාට හෙලිකොප්ටර් එකක් දුන්නු කතාව වගේ. අනික රටේ වුණු හැමදේටම ඔබත් වගකියන්න ඕනෑ. නිකන් මම දන්නේ නෑ... මම කරේ නෑ... කියන කතා කවුද පිළිගන්නේ..?

:       8       203

thilak Friday, 30 August 2019 04:36 PM

අවුරුදු 30 කට වැඩි කලක් දේශපාලනේ ඇමතිකම් ජනාධිපතිකම් දරන ගමන් මෙහෙම කියනවා.

:       0       201

Chanak los angeles Friday, 30 August 2019 05:25 PM

ඒක නොවෙයි අර ජනාධිපති තාත්තා 2 තවමත් ලියලා ඉවර නැතිද? අපි ආසාවෙන් බලා ඉන්නවා ඒක කියවන්න ..

:       0       137

parakumba Friday, 30 August 2019 05:42 PM

මෙයා මැරිලා ඉපදිලා ඉන්නේ...

:       0       123

Prabha Friday, 30 August 2019 06:11 PM

දැන් ඉතින් මෙයා බබා. අනේ මෙහෙම ජනාධිපති කෙනෙක්.. කමක් නැහැ තව මාස කීයද?

:       0       158

Victor Friday, 30 August 2019 06:28 PM

"කම්මනාවසලෝ හොති කම්මනා හොති බ්‍රහ්මොනෝ "උපටා ගැනීම වසල සුත්‍රය _ ගෞතම බුදුන් ." මෙය ඔබතුමා අරබයා කළ දෙසුමක්ද?

:       0       141

nihal Friday, 30 August 2019 08:42 PM

මගේ වැරැද්ද නොවෙයි නම්.. වැරැද්ද ඊට ඉහලින් ඉන්න කෙනෙකුගේ වෙන්න ඕනෑ.. ඊට ඉහලින් කෙනෙක් නැතිනම් නොදැනීමට හේතුව රාජකාරිය ඉටු නොකිරීම.. එනම් වැඩක් නොකර ගන්න වැටුප පින් පඩියක් වේ.

:       0       73

siri Friday, 30 August 2019 09:01 PM

ඔයාට දැන් ඔහොම කියලා ඇඟ බේරගන්න හදන එකනම් හොඳ නැහැ. ඔයත් එයට ඕනෑ විදියටනේ නැටුවේ...

:       0       20

Warms Saturday, 31 August 2019 12:11 AM

එතකොට මගේ ආණ්ඩුව කිය කියා තෙපර බාන්නේ කාගේ ආණ්ඩුවක් ගේන්නද?

:       0       25

Chathuri Saturday, 31 August 2019 12:32 AM

තමන් හොඳටම දන්නවා වැරදි කරපු නායකයින් නිදැල්ලේ ඉන්නවා කියන එක... කොහොමද මෙවැනි කතා කියන්නේ? තමන් රටේ ජනාධිපති හොරු මිනීමරුවෝ නිදැල්ලේ... මේවා මාධ්‍යයට කියන්නේ නැතිව, අදිකරණයට කියලා දඬුවම් දෙන්න... නීතිය ක්‍රියාත්මක කරනවා කියලා නේද? ඔය රජ පුටුවේ ඉඳ ගත්තේ, ඕක මට දෙන්න මම පෙන්වන්නම් මේ පුටුවට අයිති වැඩ මොනවද කියලා, නායකයින්ගේ නම් ඉතිහාස ගතවෙන්නේ, නිකම් ඉඳලා රටේ ජනතාවගේ දේ හොරා කාලා නෙමේ, රටට ජනතාවට වැඩ කරලා, එකෙක් ඉන්නවද? ජනතාවගේ දුක අඳුනපු කට්ටිය. අල්ලක් තරම් රටේ හොරාකන්නේ අක්කරයක් තරමට, රටේ ජනතාව රැවැට්ටුවේ. ළඟදී නෙමේ, සුද්දාගෙන් රට ගත්ත දවසේ ඉඳලා... ජනතාව රවට්ටපු එක කෙරුවේ... මම ඔය පුටුවේ හිටියා නම් අඩි 8ක් යටට ගියත් කමක් නැහැ. හොර දූෂිතයින් ජීවිත කාලයටම දුක් විඳින්න හිරේයවලා දැන් ඉන්න කට්ටිය හොරුන්ට හුරේ දමනවා, කන කෑමවල විසට වෙන්න ඇති..

:       53       28

රවින් Saturday, 31 August 2019 02:38 AM

මේ රටේ මිනිසුන් මහා ලෝකය නුහුලන අපරාදයක් කරලා. මුකුත් නොදන්නා තොත්ත බබෙකුව 2015 දී පත්කරගෙන. ඉදිරියේදීවත් තොත්ත බබාලව වැදගත් තැන්වලට යවන්න එපා. නැතිනම් ඉදිරියේදීත් මම දන්නේ නැහැ, දැක්කේ නැහැ, මට කිව්වේ නැහැ, පත්තරෙන් තමා දැක්කේ, අන්තර්ජාලයේ තිබුණා වගේ මතකයි කියන කතා කියලා මිනිසුන් රැවටිය හැකියි සිතන අයෙක්ව පත්කරලා උඩ බලන් ඉන්න. මෙයා දෙන සහතික වටින්නේ නැහැ.

:       0       37

Sugath Premalal Saturday, 31 August 2019 04:47 AM

පසුගිය වසර 4 හමාරක් රට පාලනය කරපු කෙනෙක් නැහැ.. රනිල් සහ සිරිසේන පාලනයේ කලේ වෙනත් රටක්ද දන්නේ නැහැ. මෝදිගෙන්වත් අහල බලන්න ඕනෑ...

:       0       50

kaanthi Saturday, 31 August 2019 07:27 AM

මෙන්න වදේ පොඩිඑකා හීනෙන් නැහිටලා බෙරිහන් දෙනවා.. කවුරුත් නැද්දෝ සූප්පුවක් කටට ඔබන්නකෝ..

:       0       39

Ruwan Saturday, 31 August 2019 08:33 AM

ඒ කාලේ පත්තරයක් අරන් බලන්න... ඔය කියන කාලේ ජනාධිපති වෙලා හිටියේ කව්ද කියලා...

:       0       36

ලුම්බිණි Saturday, 31 August 2019 08:41 AM

ඔබ ඔය කියන්නේ විධායක ජනාධිපති තනතුර අවශ්‍ය බව නේද? ගියවතාවේ ඡන්දෙ කාලේ ඕක නැති කරනවා කියලනේ. මේ වතාවේ ඡන්දෙ කරන්න හිතාගෙන ඉන්නේ ඕක අවශ්‍යයි කියලනේ. ඇත්තටම ඔබතුමා රෙද්දක් ඇඳගෙන පාරේ යන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්න බැහැ.

:       0       27

victorSaturday, 31 August 2019 10:29 AM

මතකද? විධායක ජනාධිපතිකම නැති කරනවා කියලා සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරියේ කරපු දිවුරුම? ඡන්දය ඉල්ලන්න! ජනාදිපති තාත්ත ඉන්න තැන දරුවන්ටත් ඔබටත් තේරේවි. බුදු දහම අනුව වසලයෙක් වෙන්නේ ක්‍රියාවෙනි. ඔබ ජනාධිපති පියෙක් නොව යූඑන්පියේ ඡන්ද වලින් බලයට ආපු අයෙකි.

:       0       27

kule Saturday, 31 August 2019 08:57 AM

අර අපිව ගොනාට අන්දපු කාලේ කියපු වෙනස ඕකද?

:       0       9

nimal Saturday, 31 August 2019 04:29 PM

අම්මපා ජන්දෙන් පැරදුනහම කිසිම රාජ්‍ය තාන්තිරක වැඩකට ගාව ගන්ඩ එපා. මේ මිනිහ ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්ඩ එපා. අර කිව්වා වගේ පොල්පිති වලින් කපන්ඩ පුළුවන්

:       0       36

Rohana Saturday, 31 August 2019 04:37 PM

මෙය කිසිම ප්‍රපත්තියක් නැති කෙනෙක්. 19 කලින් හොඳය කියල දැන් 19 හොඳ නැහැ කියනවා. රටේ නායකයෙක් වුනාම ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තම එය පසුව හොඳ නැහැ කියන්නේ ඔහුගේ නායකත්වයේ දුර්වල කමක්.

:       0       28

Thushara Aiya Saturday, 31 August 2019 06:58 PM

දැන්නම් පිස්සුව හොඳටම තද වෙලා වගෙයි බලය දාල යන්න වෙන හින්දා. මේවගේ වගකීමක් නැතිව කතා කරන ක්‍රියා කරන මනුස්සයෙක්ට විදායක බලය සම්පූර්ණයෙන්ම ලැබුණා නම් මොනවා කරයිද කියයිද දන්නෙනෑ. මතකනේ රටම අරාජික කරලා නැටුව පිස්සුව.

:       0       26

Chanak los angeles Saturday, 31 August 2019 08:37 PM

මොහු මෙහෙම කියන්නේ හදීසියේ රනිල් සමග කරන ලද සාකච්චාවේ අවසාන මොහොතේදී විධායක ක්‍රමය අහෝසි කරන්න සැලසුමක් ගසුවාද කියන සැකය මට එනවා .එතකොට කාටත් කරන්න බැරිවූ දෙය මම කළා කියා සියලු පව් හෝදගෙන දෙයියනේ කියලා පොළොන්නරුවට යන්න පුළුවන්නේ .

:       0       9

Saman Sunday, 01 September 2019 05:32 AM

මෙයා බබා..

:       0       30

Nana Sunday, 01 September 2019 05:32 AM

2 වැනි වාරය ගැන හිතමින් හිටිය නේද ? දැන්ද මතක් වුනේ ?

:       0       20

isurandi Sunday, 01 September 2019 01:31 PM

කොටි නෙමෙයි වලස්සුත් පහරදෙනවා මේ දෙබිඩි කතාවලට....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද
2025 ජනවාරි මස 20 79 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩ


දුම්රිය ආසන තත්පර 30න් අවසන්
2025 ජනවාරි මස 19 1288 0

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.


මිනිරන් ආශ්‍රිත බැටරි නිෂ්පාදනය වාණිජකරණය කිරීමේ තීරණයක්
2025 ජනවාරි මස 19 9 0

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනය සොයාගත් දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ නැ


ත්‍රිරෝද රථ අනතුරින් දැරියක් මරුට
2025 ජනවාරි මස 19 253 0

මහනුවර රන්දෙනිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වය


උපස්ථායක,සාත්තු සේවක වෙයි
2025 ජනවාරි මස 19 466 0

රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත.


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 804 0

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 372 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 600 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 328 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site