(තරිඳු ජයවර්ධන)
දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිනියට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් ගැන විමර්ශනයක් ආරම්භ කළ බව ගාල්ල පොලිසිය කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගෙන් සහ විදුහල්පතිනියගේ සැමියාගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සවුත්ලන්ඩ් විද්‍යාලයට ඇතුළත් කළ යුතු ළමයින් හතර දෙනකු ඇතුළත් කර ගැනීමට නියමිතව තිබිය දී එම ළමයින් මේ වන තෙක් ඇතුළත් කර නොගත්තැයි කියමින් මෙලෙස බැණ තර්ජනය කළ බවට ඇය පොලිසියට පැමිණිලි කරමින් කියා තිබේ.
පසුගිය 28 වැනි දා මෙම විදුහල්පතිනියට දුරකතන ඇමතුම් දුන්නත් ප්‍රතිචාරයක් නොලද නිසා වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට එහි ගොස් පණිවිඩය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇති බවත්, ඒ අනුව වරාය පොලිසිය නිවසට ගියද ඒ වන විට විදුහල්පතිනිය ආගමික වතාවත් සඳහා ගොස් සිටි බවත්, ඒ අනුව එම විහාරස්ථානයට ගොස් වරාය පොලිසියේ ස්ථානාධිපතිගේ දුරකතනයෙන් ඇමතුමක් ගෙන විදුහල්පතිනියට දුන් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
විදුහල්පතිවරිය සහ ආණ්ඩුකාරවායා කතාබහේ කළේ මොනවාදැයි නොදන්නා බව ද පොලිස් නිලධාරියා කීවේය.
පසුදින එනම් මාර්තු පළමු වැනි දා උදෑසන විදුහල්පතිනිට පොලිසියට ගොස් ඒ පැමිණිල්ලක් කර ඇති බව ද පොලිසිය කියයි.
ගාල්ල සවුත්ලන්ඩ් විද්යා ලය පළාත් පාසලක් නොවන බැවින් විදුහල්පතිනියට උපදෙස් දීමට ආණ්ඩුකාරවයාට බලයක් නැති බව ගුරු සංගම් කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙක් කළ විමසීමේ දී දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ කීවේය.
‘‘සවුත්ලන්ඩ් විද්‍යාලයට ඇතුළත් කිරීමට සුදුසුකම් තියන ඉස්කෝලේ පේන දුර ඉන්න ළමයින් හතර දෙනෙක් අරගෙන තිබ්බේ නෑ. අධ්‍යාපන අමැතිවරයා ලිඛිතව දැනුම් දුන්නා මේ ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස. නමුත් ළමයින් ඇතුළත් කරගෙන තිබුණේ නෑ. දකුණු පළාතේ පාසල් 37ක අල්ලස් ගන්නවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අල්ලස් ගනිද්දි අල්ලලා දුන්නු කීර්ති තෙන්නකෝන්ට මේව නවත්වන්න බැරිනම් වැඩක් තියෙනවද? මම දකුණු පළාතේ අල්ලස් ගැනීම සම්පූර්ණයෙන්ම නවත්වනවා. දකුණේ සුදුසුකම් තිබෙන ළමයින් දෙසිය ගණනක් ඇතුළත් කරගෙන නෑ. මම ඒ ළමයින් වෙනුවෙන් පෙනී සිටිනවා.‘‘
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය මතුවෙනවා. පහුගිය කාලයේ පුරාවටම මෙයාගේ කටින් පිටවුණේ NGO හන්දා.. ප්‍රජාතන්ත්‍රවාදය, ස්වාධීන මැතිවරණ, ඡන්ද අයිතිය වගේ බොහෝ දේ තිබ්බනේ. බලාගෙන ගියාම ඒ සේරම පට්ටපල් බොරු. මෛත්‍රි වෙනුවෙන් රෙදි හෝදලා අද චණ්ඩිත් වෙලා. මේ ගැන සොයාබලා දඬුවම් දිය යුතුයි.
අශ්වයන්ට අං ආපුවම ඔය වගේ දේවල් සිද්ද වෙනවා.
මේ වගේ මිනිස්සුන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
ආණ්ඩුකාරවරු පත්කරන්නේ පළාත්සභා හා ජනාධිපති අතර සම්බන්ධීකරණය සඳහාය. මේ පාසැල මධ්‍යම රජයේ ජාතික පාසැලකි. එහි කටයුතු ඔහුට අයිති නැත. ආණ්ඩුකාර කෙනෙකු විශේෂයෙන් කාන්තාවකට බැණ තර්ජනය කරන්නේ නම් ඔහු එම තනතුරට සුදුස්සෙක් නොවේ...
ජනාධිපතිතුමනි, මෙයා පිස්සු කෙලිනවා. මේ ගැන වහාම තීරණයක් ගන්න.
කොකා ඉගිලෙනකොටලු සුද පෙනෙන්නේ...
පළාතක ආණ්ඩුකාරයකු තේවත්තක කංකාණියකු වගේ තුනේ පංතියේ වැඩ කිරීම ඔහුගෙන් අපේක්ෂා කෙරෙන රාජකාරිය නොවෙයි. ළඟකදී නුගේගොඩ අනුලා දේවි විද්‍යාලයේත් මේ හා සමාන සිද්ධියක් වුණා. ඉක්මණින් ජනප්‍රිය වෙන්නට මේ වගේ ක්‍රියාවලින් මේ අය තමන්ගේ රාජකාරිය හෑල්ලුවට ලක්කර ගන්නවා. හොඳ නැද්ද එකී රාජකාරිවලට අදාළ නිලධාරීන් ලවා ඒවා කරගත්ත නම්?
දූෂණ නැතිකරනවා කියමින් විදුහල්පතිනියට තර්ජන කරන්න අයිතියක් නැහැ. මෙයත්, අසාද් සාලිත් ගානට වැඩියි.
කාගේ කාගේත් සුදු පිරුවට ගැලවී යනවා නේද? මේ උඩින් දාලා තියෙන කමෙන්ට්ස් ඔක්කොමගෙන් කියන්නේ මේ දෙය නේද? ඉදිරියට තවත් දේවල් බලාගන්න පුළුවන් වෙයි...
අාණ්ඩුකාරයෙක් හොඳ උගත් කෙනෙක් වෙන්න ඕනේ... විදුහල්පතිනියක් එම තැනට ඇවිත් තියෙන්නේ මෙයාලා වගේ පන්දම් අල්ලලා නෙවෙයි.. අනෙක් අයට ගරු කරන්න දන්නේ නැත්තේ මීහරක්...
මෙතන ඔක්කොම අදහස් දාලා තියෙන්නේ ආණ්ඩුකාරවරයා විදුහල්පතිනියට බැනවැදුනා කියන එක පිලිඅරගෙන ඒක තමයි ඇත්ත කියලා පූර්ව නිගමනයකට ඇවිත්. ඇත්තටම සිදුවුනේ ආණ්ඩුකාරවරයා කියන දේ වෙන්න බැරිද? විදුහල්පතිවරු සුදුසුකම් තියෙන දරුවන් ඇතුලත් කරනු වෙනුව පගාවට කරන වැඩ ගැන ගැන මේ අදහස් දාන අය අහලවත් නැති පාටයි.
හුගක් විදුහල්පතිවරු අල්ලස් ගන්නවා.
මේ ගොල්ලන්ව බේරගන්න දැන් පක්ෂ පාට නොබලා රටට වැඩකරන කට්ටිය ඉන්නවා. පසුගිය දවස් කිහිපය තුළම වෙච්ච සිද්ධීන් වලින්, පෙනී යන්නේ දූෂිතයින් බේරගන්න ඉදිරිපත් වෙන අය ඉන්න වගයි...
තම බලතල නොදැන කරන වැඩ අනුකම්පා කරන්න
සිවිල් සේවයේ වැඩ කරන්න හරිහමන් අධ්‍යාපනයක් නොලත් අයට දීමේ විපාකයෙන් හිරිහැර විඳින්න බුද්ධිමතුන්ට සිදුවෙලා
ගාල කදාගත්ත හරකා හරක් අයිතිකාරයාගේ ඉඩමත් විනාශ කරලා අල්ලපු ඉඩමත් විනාශ කරනවාලු.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අල්ලස් ගනිද්දි අල්ලලා දුන්නු කීර්ති තෙන්නකෝන්ට මේව නවත්වන්න බැරිනම් වැඩක් තියෙනවද? කාටද මේ බොරු කියන්නෙ..? ඒක කලේ අල්ලස් කොමිසම මෙයා කරපු ඇති කෙහෙල්මලක් නෑ.. මෙයා මේ ඡන්දෙ ඉල්ලන්න හදන්නෙ බොරු වීරකම් පෙන්නලා.. ප්‍රශ්නෙ වෙන්නෙ මොන පක්ෂයද මෙයාට ටිකට් එක දෙන්නෙ කියන එකයි.