
(යොහාන් භාසුර)
ත්‍රිකුණාමලය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ ඉදිකළ මෙරට පළමු ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විත සමුද්‍රීය පුහුණු ආකෘතිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ විවෘත කළේය.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය මෙම පුහුණු ආකෘතිය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි දෙකහාමාරක් වැය කළ අතර ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහන යටතේ මෙම අංග සම්පූර්ණ සමුද්‍රීය පුහුණු ආකෘතිය ඉදිකළේය.
මෙම විවෘත කිරීමේ අවස්ථාවට නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ප්‍රධානී ඇලන් කෝල්, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රසන්න මහවිතාන, නාවික දියත් විධානයේ ධජ නිලධාරී රියර් අද්මිරාල් ලසන්ත ගමගේ, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි කපිතාන් නිස්සංක වික්‍රමසිංහ සහ ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ව්‍යාපෘති තාක්ෂණික විශේෂඥ ගෙරේන්ට් රොබට්ස් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.






2025 දෙසැම්බර් මස 18
160
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමුද්‍රීය පුහුණු ආකෘතිය විවෘත කරයි