(සුජිත් හේවාජුලිගේ)
සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකි යැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
දැන් රට තියෙන්නේ ඒ තීරණය ගනිද්දි තිබුණ තත්ත්වයේ නොවේ යැයි පැවසූ රාජ්‍ය ඇමතිවරිය පසුගිය සතියේදී රෝගීන් ප්‍රමාණය වැඩිවී ඇතැයිද සඳහන් කළාය.
පවතින අවදානම් තත්වය යටතේ කල්පනාකාරීව තීරණ ගැනීමට සිදුවන බව ඇය වැඩිදුරටත් කීවාය.
COMMENTS
ඔයගොල්ලන්ගේ කතාවලට කටින් හිනාවෙලා මදි... 100%ක් කරන්න පුළුවන් දෙයක් පමණක් මාධ්‍යයට කියන්න. නොකෙරෙන දේවල් හදිස්සියෙන් දොඩවලා ඉන්පස්සේ වෙනස්කරන්න ඉන්නේ නැතුව...
ආණ්ඩුවේ විහිලු කාරයින් වැහිවැහලා. උදේට එක්කෙනෙක් කියන දේ දවල් වෙද්දී තව කෙනෙක් වෙනස් කරනවා. හවස තව විහිලු කාරයෙක්... හරියට රටේ කාලගුණය කියන දෙපාර්තමේන්තුව වගේ...
මේ ප්රශ්නයේදී කාටවත් ඒකමතික තීරණ ගන්න බැහැ.. කරන්නට තියෙන්නේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පමණි. මුහුණ දෙන තත්වය යටතේ වහාම තීරණ ගත යුතුය. මෙය භයානක වුවදුරක් බැවිනි. මර්දනය කිරීමට අවශ්‍ය ජීවන රටාවක් අපේ රටේ නැත. දරිද්‍රතාවය තිබුණත් බංග්ලාදේශය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය එයට මුහුණ දෙමින් සිටිනවා.
තරුණ කාලේ පින්තූර දැම්මාම අපි අඳුනාගන්නේ කොහොමද?
රට ඇරියොත් රටත් ජනතාවත් ගොඩ .රට වැහුවොත් දේශපාලුවෝ සහ බටහිර බෙහෙත් මුදලාලිලා ගොඩ
ඔබතුමියගේ දැනුම නෙවෙයිනේ මෙතන බලන්නේ .අපි තමා හොඳට කරේ කියන්නනේ ඕනි
ආණ්ඩුවේ විහිළුකාර ලේකම්වරු මොන නිවේදන නිකුත් කරත් ,මෙතුමිය කියන්නෙ ඇත්තක්. අදත් (31) දැනට කෝවිඩ් අසාදිතයින් 2150ක් ප.ව.8.00 වන විටත් වාර්තා වෙලා. ගත් තීරණය නැවත සමාලෝචනය කළ යුතුයි.
යුරෝපීය රටවල එක දිගට මාස ගනන් රට වහල තිබුනා. කඩ සාප්පු පාසල් ආයතන ඇතළුව. නීතිය හරියට පිලිපදනව. ඒ කිසිම කමැත්තෙන්ම නොවේ. නීතියට ගරු කරන නිසා. ලංකාවෙ හැම දේම කඩා කප්පල් කරන්න බලන් ඉන්නෙ..