
(බිමල් ශ්‍යාමන් ජයසිංහ,තුසිත ද සිල්වා සහ සුමිත් ප්‍රේමතිලක)
කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ සාගරිකා දුම්රිය බේරුවල පන්සල් හන්දිය අනාරක්ෂිත දුම්රිය මාර්ගයේදී පෞද්ගලික බස් රථයක ගැටීමෙන් දුම්රියට හා බස් රථයට දැඩි අලාභ සිදු වී ඇතැයි බේරුවල පොලිසිය කියයි.
අනතුරින් සාගරිකා දුම්රියේ ඇන්ජින් කොටසට හා බස් රථයේ පිටුපස කොටසට බරපතල අලාභ හානි සිදු වී ඇත.
මංගල උත්සවයකට සහභාගී වන පිරිසක් රැගෙන ආ බසයක් මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. අනතුරු සිදුවන අවස්ථාවේ බසයේ රියදුරු පමණක් ගමන් කර ඇත.
මංගල උත්සවයට ආ පිරිස බස්සවා බසය නැවත ගමන් කිරීම සඳහා බස් රථය දුම්රිය හරස් මාර්ගය දෙසට පිටුපසට ධාවනය කරවද්දී මෙම අනතුර සිදුව ඇති අතර දුරින් දුම්රියක් එනු දුටු බස් රියදුරා වේගයෙන් බසට ඉදිරියට ධාවනය කරවීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකී ඇතැයි ද පොලිසිය පවසයි.
බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(ඡායාරූප: තුසිත ද සිල්වා)

2025 දෙසැම්බර් මස 18
665
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාගරිකා දුම්රියේ බසයක් ගැටේ
ජගත් ලියනගේ Wednesday, 22 December 2021 08:22 PM
ඉස්සර ඔය වගේ තැන්වලට උණබම්බු ගේට්ටු දැම්මා. ඒ තාක්ෂණය දියුණු නැති අවධියේ... මෙච්චර දියුණු තාක්ෂණය තියාගෙන ඇයි සිග්නල් ලයිට්වත් දාන්න බැරි? හරිම කණගාටුයි...
ravin Thursday, 23 December 2021 08:09 AM
දුම්රිය ගිහින් ඕනෑකමින් බස් එකේ හැප්පුවද?නැතිනම් නොසැලකිලිමත් ලෙස බස් එක දුම්රිය මාර්ගය හරහා ගියාද ?