IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක්

 

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගම මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය හේතුවෙන් ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

ඒ යටතේ දළ වශයෙන් සේවකයින් 560 දෙනෙක් පමණ විශ්‍රාම ගනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 1.46ක් වැය වෙතැයි ද ඇස්තමේන්තු කර තිබේ.

මෙම විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ගුවන්සේවා හා අපනන කලාප සංවර්ධන රාජශ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර ඇත.

සමාගමේ ඉදිරි වසර 3 සඳහා වන මෙහෙයුම්වලට හානියක් නොවන පරිදි යෝජිත ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට එම කමිටුව නිර්දේශ කර ඇතැයි අමාත්‍යවරයා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ. 



අදහස් (0)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site