IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ කොරෝනා නසන්න මුහුණු පොත එයි

( තිළිණි ද සිල්වා )

එන්නත් කරණය ගැන ජනතාවට දැනුවත් කිරීමට අවශ්‍ය සහය දීම හා කොවිඩ්-19 මර්ධනය කිරීමේදී එන්නත්කරණ ව්‍යාපාරය රටපුරා ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ ෆේස්බුක් ආයතනය සහයෝගීතාවයකට එළැඹ ඇත.

මෙම මූලිකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ජාතික එන්නත්කරණ ව්‍යාපාරයට සහයෝගය දීම සදහා ෆේස්බුක් ආයතනය  විවිධ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති අතර , ඒ යටතේ කොවිඩ්-19 එන්නත්කරණ තොරතුරු පහසුවෙන් දැන ගැනීමේ හැකියාව වැඩිකිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ වෙබ් අඩවිය වෙත ජනතාව යොමු කිරීම සිදු කරයි.

එන්නත්කරණ ව්‍යාපාරයට ජනතාව සහය දක්වන බව තමන්ටම ප්‍රදර්ශනය කරගැනීමේ හැකියාව එය දිරිමත් කිරීම සඳහා කොවිඩ්-19 ප්‍රොෆයිල් ෆ්‍රේම් එකක් ෆේස්බුක්හී හඳුන්වාදීමට ද කටයුතු කරයි.

ලාංකිකයන්ට කොවිඩ්-19 වෛරසය පිළිබඳව ඇති වැරදි තොරතුරු හඳුනාගැනීමට සහ ඒවාට විරුද්ධව නැඟී සිටීමට අවශ්‍ය දැනුම ඇතුළු සෞඛ්‍ය දැනුවත්භාවය ලබාගැනීම වෙනුවෙන් www.fightcovidmisinfo.com යන වෙබ් අඩවිය ඔස්සේ පොදු අධ්‍යපනික ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීම සිදු කෙරේ.

මුව ආවරණ පැළඳීම සහ නිසි සෞඛ්‍ය හුරුපුරුදු දිගටම පවත්වාගැනීම දිරිමත් කරමින් ජනතාව තවදුරටත් කොවිඩ්-19 තොරතුරු කේන්ද්‍රය වෙත යොමු කිරීමද ෆේස්බුක් ආයතනය විසින් සිදු කරමින් පවතී.

 



අදහස් (0)

ශ්‍රී ලංකාවේ කොරෝනා නසන්න මුහුණු පොත එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site