කවිතා සුබසිංහ
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ මහර බන්ධනාගාරයේ රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදි සිරකරුවෝ 21 දෙනෙක් නිදහස ලැබූහ.
ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව යටතේ මෙම රැදවියන් පිරිස අද(07) වෙසක් පොහෝ දිනයේ දී මෙලෙස නිදහස ලබා පිටව ගොස් ඇත.
නිතී විරෝධී මත්පැන්, බීමත්ව රිය පැදවීම, සොරකම් හා නඩත්තු මුදල් නොගෙවීම , ප්‍රජා සේවය කඩකිරීම හා බලපත්‍ර නොමැතිව රිය ධාවනය ආදි චෝදනා සදහා සිරදඩුවම් ලැබූ පිරිසක් මෙලෙස මහර බන්ධනාගාරයෙන් නිදහස ලබා පිටව ගියේය.
ශ්‍රී ලංකාව පුරා බන්ධනාගාර ආයතනවල පිරිමි සිරකරුවන් 224 හා කාන්තා සිරකාරියන් 04 ඇතුළුව 228 දෙනෙකු වෙසක් පොහොය දින විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස ලබා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් නේද ඉහත කී වැරදි කරපු කට්ටිය විතරයි කියලා? ඔං ආයේ පස්සේ එහෙම කියන්න එපා අත් වැරැද්දකින් බරපතල වරද කළ (කුඩ්ඩෙක්) අයෙකුත් නිදහස් කරලා කියලා එහෙම...