(කාංචන කුමාර ආරියදාස)
ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලබන 10වන දින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අඛණ්ඩ වැඩ වර්ජනයක් පවත්වන බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල එකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල තාක්ෂණික නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික කපිල දැරණියගල මහතා ඇතුළු නියෝජිතයෝ අද(03) දඹුල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසූහ. විශ්වවිද්‍යාල 15කට අයත් වෘත්තීය සමිති 25ක නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
එහිදී විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිදුකෙරෙන මෘත ශරීර ආරක්ෂා කිරීම, සතුන් ආරක්ෂා කිරීම, පරිපාලන කටයුතු ආදිය අතහැර දමා මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැමිණෙන බවද ඔවුහු කීහ.
2016 වසරේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට රුපියල් 10,000ක වැටුප් වැඩි වීමේ ක්‍රියාවලියේ වැටුප් විෂමතාවයක් පවතින බවද මෙම වැටුප් විෂමතාවය අනෙකුත් රාජ්‍ය සේවකයන්ට හැර තම සේවකයන්ට පමණක් පවතින බවද මේ පිළිබඳව 2016 සිට බලධාරීන්ට දැනුවත් කළ ද මෙතෙක් අවධානය යොමු කර නැති බවද, මේ හේතුවෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යන බවද ඔවුහු අවධාරණය කළහ.
විශ්වවිද්‍යාල පද්ධතිය ලබන 10 වන දින සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන බවත් වෛද්‍ය පීඨවල ඇති මෘත ශරීර විනාශවී නරක් වී යාමේ අවදානමක් පවතින බවත් පේරාදෙණිය වැනි විශ්වවිද්‍යාලවල රඳවා ඇති වටිනා සතුන් විනාශ වී යන බවත් විශ්වවිද්‍යාල පවතින ජාලගත කිරීම් පරිගණක ගත කිරීම් සියල්ල අකර්මණ්‍ය වන බවත් මෙහි පාඩුව වර්තමාන රජය වගකිවයුතු බවද කපිල දැරණියගල මහතා සඳහන් කළේය.
වෛද්‍ය විද්‍යාල මෘත ශරීරාගාරවල තැන්පත් කර ඇති මළසිරුර නරක් වීම වැළැක්විය නොහැකි බවත් නරක් වුණු මළ සිරුරු රැගෙන තම අයිතීන් වෙනුවෙන් පාරට බැසීමට වෘත්තීය සමිති දැඩි ක්‍රියාමාර්ගයකට එළඹීම ලබන 10වනදා සිදු කරන බවද ඔහු දැඩි අවධාරණය කළේය.
10වන දිනට පෙර අනධ්‍යන සේවක මණ්ඩලයේ වැටුප් විෂමතාවයට සාධාරණ විසඳුමක් ලබා නොදුනහොත් විශ්වවිද්‍යාල පද්ධතිය ආශ්‍රිත නෙවාසිකාගාර ආපනශාලා ත්‍රිරෝද රථ ප්‍රවාහන ආදී සියලු වෘත්තීන්හි ජනතාව ඒකරාශී කරගෙන මුදල් අමාත්‍යාංශය වටලන බවද හෙතෙම සඳහන් කළේය.
අනධ්‍යයන සේවකයන් සහ මුදල් අමාත්‍යාංශය අතර එදිනට ඇතිවෙන සටන කොතනින් කෙළවර වේ දැයි යන්න සොයා ගැනීමටවත් නොහැකි බවත් එහි වගකීම බලධාරීන් විසින් ලබාගත යුතු බව ද දැරණියගල මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම විශ්වවිද්‍යාලෙ හිටපු නිසා දැකපු දෙයක්, මෙයාලගෙන් බහුතරයක් ගන්න පඩියෙන් බගේකටවත් වැඩක් කරන්නේ නෑ. ගොඩක් අය උදේ ඇවිත් තමන්ගේ වැඩ වලට ගිහින් හවස එනවා, සමහරු යුටියුබ් එකේ දවසෙම කතා බල බල ඉන්නවා. එහෙමත් කෙනෙක් තමා වැඩක් කරන්නේ.
විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැනට මාසයකට ලබන මුළු වැටුප කීයද දන්නවාද? උපාධි ගුරුවරයෙකුට වඩා විශ්වවිද්‍යාල කම්කරුවෙක් පඩි ගන්නවා. එත් ඉතා අඩුවෙන් වැඩ කරන්නේ. විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය රජයේ සේවකයෝ කරලා අනෙක් අමාත්‍යංශ වලට අවුරුදු 5 කින් මාරු කළා නම් හරි.
ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල වැඩි හරියක් අකාර්යක්ෂමයි. ඉතින් තව වැඩි පඩිත් ඕනද?
සියලුම විශ්වවිද්‍යාල පුද්ගලීකරණය කල යුතුය. සුදුසු සිසුන්ට රජය විසින් නොමිලේ ඉගෙන ගැනීමට ශිෂ්‍යත්ව ලබාදිය යුතුය. මෙවැනි වර්ජන එවිට නැති වෙයි.
මොනාද විශ්ව විද්‍යාල 15 ?
මේ මිනිස්සු හිතනවා ඇති මේ අය නැතිව එයාලගේ රාජකාරිය කරගන්න බැරිව ඇති කියල. මේ අයගෙන් බහුතරයක් නුපුහුණු සේවකයන් . අඩු තරමින් වෘත්තීය පුහුණුවක්වත් අවශ්‍ය රැකියා නොවෙයි. තව ගොඩනැගිලි ,විද්‍යාගාර සහ කාර්යාල සේවාවල අර්ධපුහුණු හා පුහුණු කාර්යමණ්ඩලයේ අයත් ඉන්නවා. පුහුණු අත්‍යාවශ්‍ය අයට රජයේ සමාන වැටුප් ගෙවල අනිකුත් අය ඉවත් තරලා පුද්ගලික ආයතන වලින් සේවා ලබා ගත්තනම් මේ වගේ කරදර නැහැ. මොකක් වුනත් බොහෝ දෙනෙක් වැඩිපුර නිකම් ඉන්න එක ඇත්ත.
අපේ ලේකම්තුමා එනකම් විතරයි අපිට මේ විකාර ඉවසන්නේ තියෙන්නේ. මේ පුහු වීරයන් ඊට පස්සේ පඩි නැතිව වැඩ කරන හැටි අපිට බලාගත හැකි .....
කරන ස්ට්‍රයික් එකක් ඝෝටා එන්න කලින් කරපල්ලා. ඒකාධිපතියෙක් රට කරවනකොට ඝෝඨාට ඡන්දෙ දුන්නත් සුදු වෑන්වලින් නොමිලේ අවසාන ගමන් යනු ඇත..
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේහය වෛද්‍ය පීඨයට බාරදි දිනක් ගත වෙන්නට කලින් මොහු කරන ලද ප්‍රකාශය ඉතාමත්ම අශෝභනයි. තරයේ හෙලා දකිනවා...
විශ්වවිද්‍යාල වල, එක්කෝ ළමයි, එක්කෝ අනධ්‍යයන තරගෙට රෝහල්වල හෙදියෝ, වෛද්‍යවරු, සුළු සේවකයෝ, ගුරුවරු පාසල්වල මේ සේරම එක්කෝ වහලම දන්නා ඕනේ... නැත්නම් අත්‍යාවශ්‍ය සේවා කරන්න ඕනේ.. පඩි වැඩිකරන්න කියන්න බඩුමිල වෙඩි කරන්න කියලා නැත්නම් බදු බර වැඩි කරන්න කියලා කරන ඉල්ලීමක්..
"විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිදුකෙරෙන මෘත ශරීර ආරක්ෂා කිරීම, සතුන් ආරක්ෂා කිරීම…" යකෝ මේ කියන්නේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින් ආරක්ෂා කිරීම ගැනද? ඒකට නම් වැඩි පඩි දුන්නට කමක් නෑ. ගමේ හරක් බලන එකාටත් අපි කීයක් හරි දෙනවනේ.
විශ්වවිද්‍යාලේ හිටිය කියන මහත්තය එක්කෝ වැස්සකටවත් විශ්වවිද්‍යාලේ ගිහින් නෑ. නැත්නම් වෙන දේශපාලන වුවමනාවකට කඩේ යනවා.. දන්නවද දන්නෑ..? ආසියානු රටවල් අතරින් ලංකාවේ විශ්ව විද්‍යාලවළට ඉහළම පිළිගැනීමක් තියෙන්නේ කියලා.. ලංකාවේ වෛද්‍ය උපාධියට තමයි ආසියාවේ ඉහළම පිළිගැනීමක් තියෙන්නේ. මෙච්චර නූගත් නුපුහුණු සේවකයින් අඩු තරමින් වෘත්තීය පුහුණුවක්වත් නැති වැඩ නොකරන මිනිස්සු ඉන්න විශ්වවිද්‍යාලවලට ආසියාවේ ඉහළම රෑන්කින් ගන්න එක ...පිස්සු නේ...අනික විශ්වවිද්‍යාල සේවකයාටත් අනිත් රජයේ සේවකයින්ට හිමි වරප්‍රසාද තියෙන්න ඕනෑ නැද්ද..? ඇමතිවරු සැප කාර්, මන්දිර ගන්නකොට බැංකු හොරකම් කරන කොට අනේ සාදු.. කියන අලයෝ පොඩි පන්තියේ මිනිහෙක්ගේ සාධාරණ ඉල්ලීමක් දැක්කම මාර කේන්තියක් එන්නේ.. විශ්වවිද්‍යාලයට ගියා නම් දන්නවා ශිෂ්‍යයෙක් විශ්වවිද්‍යාලයට ආව දවසේ ඉඳලා අන්තිම රනින් ෂිට් එක ගන්නකම් වැඩි පුරම සම්බන්ධ වෙන්නේ අනධ්‍යන සේවකයන් එක්ක. ටොයිලට් එක හෝදන එකේ ඉඳලා, දේශනශාලා පිරිසිදු කිරීමේ ඉඳලා අන්තිමට ඇඩ්මිෂන් එක අත්සන් කරන්නේ අනධ්‍යන සේවකයන්... ඇත්තටම මේ මහත්වරු කියන විදිහට නුපුහුණු සේවකයන් අඩු තරමින් වෘත්තීය පුහුණුවක්වත් නැති අය ඉන්නවා නම් ඒකෙ වැරද්ද සේවකයාගේද පාලකයාගේද?