IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


විශ්‍රාම වයස 60දක්වා වැඩි කෙරෙන පනත අනිද්දා මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස 60 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන්වූ   පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අනිද්දා(11)විවාදයට ගැනීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය  ඊයේ(9) ලැබිණ.

කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී අද(9)   රැස්විය.

එසේම කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතටද  කාරක සභාවේ අනුමැතිය මෙහිදී  ලැබිණ.

මෙම පනත් කෙටුම්පත මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම අරමුණු කර  ඇත. මෙතෙක් පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් නියමකර නොතිබුණ. බොහෝ විට පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය, සේවක දෙපාර්ශ්වය අතර ඇති කරගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසීන්ය.

මෙම උපදේශක කාරක සභා රැස්වීමට  රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන  ඩබ්ලිව් ඩී ජේ  සෙනෙවිරත්න, වඩිවේල් සුරේශ්, අශෝක ප්‍රියන්ත සහ වී. රාධක්‍රිෂ්ණන් යන මහත්වරුද සහභාගී වූහ.



අදහස් (2)

විශ්‍රාම වයස 60දක්වා වැඩි කෙරෙන පනත අනිද්දා මැතිසබයට

sagara Edirisinghe Wednesday, 10 November 2021 11:02 AM

මෙම උපදේශක කමිටුවේ සුදුසුකම් සහ පළපුරුද්ද කුමක්දැයි ඔබට පැවසිය හැකිද? මේ පිළිබඳව ඔබ පෞද්ගලික අංශයේ සේවකයන් සමඟ සාකච්ඡා කර තිබෙනවාද? පුද්ගලික අංශයේ සේවකයෙකු ලෙස අපි වයස අවුරුදු 55 දී සේවක අර්ථසාධක අරමුදල ඉවත් කිරීමට බලාපොරොත්තු වෙමු. කරුණාකර එම අයිතිය අයුතු ලෙස භාවිතා නොකරන්න. අපි සේවක අර්ථසාධක අරමුදලට දායක වන ජනතාවයි. අපිට කවදාවත් රජයෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් හැමවිටම දේශපාලන මෝඩයන් අපේ මුදල් කොල්ලකන්න උත්සාහ කරනවා. ඔවුන් සියල්ල කොල්ලකා ඇත. දැන් ඔවුන් උත්සාහ කරන්නේ අපේ අවසාන අපේක්ෂාව බිඳ දැමීමටයි. මෙය තවත් ව්යසනයකි. ඔබ දැනටමත් මුළු කෘෂිකාර්මික අංශය විනාශ කර ඇත. දැන් පෞද්ගලික අංශය විනාශ කරන්න හදනවා. කරුණාකර මෙය නවත්වන්න.

:       0       2

Bamunuarachchi Wednesday, 10 November 2021 01:01 PM

විශ්‍රාම වයස වැඩි කරන්න එපා... පාසල් වලින්, විශ්වවිද්‍යාල වලින් එන දරුවන්ට රැකියා අවස්ථා නැතිවෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 299 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site