IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘වරාය නගරය පනතකින් චීනයට දෙන්න යනවා‘‘

(ඩයනා උදයංගනී සහ මුදිතා දයානන්ද)

කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය ලබාදුන්නේ ගිවිසුමක් මගින් වන අතර වරාය නගරය ‍පනතක් හරහා චීනයට පවරාදෙන්නට යාම හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානක එකක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.

යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය විකුණද්දීත් තමා එයට විරුද්ධ වූ බව කී රාජපක්ෂ මහතා එහි එක් ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය නැත්තනට නැති වූ බව ද කීවේය. විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙ‍සේ ද කීවේය.

'' අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.

දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි ‍වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.

නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි‍යෝද  අදහස් දක්වමින් මෙසේ කීය.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව තම සංවිධානය ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කළා.       

තම සංවිධානය ඉදිරිපත් කළේ එම පනතට එරෙහි පහළොස්වැනි පෙත්සම බවද උන්වහන්සේ සඳහන් කළහ.         

මෙම පනත මගින් වරාය නගරය ලංකාවේ කොටසක් ලෙස බස්නාහිර පළාතේ සිතියමට ඇතුළත් නොවන බවද දැනට රට තුළ ක්‍රියාත්මක වන පනත් අටක් වරාය නගරය තුළ ක්‍රියාත්මක වීම වැළැක්විමෙන් එය චීන කොළණියක් බවට පත්වන බවද ආනන්ද හිමියෝ සඳහන් කළහ.

         



අදහස් (11)

‘‘වරාය නගරය පනතකින් චීනයට දෙන්න යනවා‘‘

Senevi Thursday, 15 April 2021 01:36 PM

ඇමති කමක් ලැබුනු අය නම් ඔය වගේ කතා කරන්නේ නැහැ.

:       4       9

Gamage Thursday, 15 April 2021 03:24 PM

තුනෙන් දෙක දීපු අයට දැන් සැපද?

:       4       9

Lankawe Thursday, 15 April 2021 05:49 PM

මේක හැදුවේ චීනේ නම් අපිට මොන අයිතියක් ද? කොහොමත් මේක අයිති චිනේට නේ

:       10       3

CHANDIMA Thursday, 15 April 2021 05:51 PM

වැඩේ නම් වැරදි තමයි... ඒ වුණත් චීනෙන් ගත්තු ණය ගෙවන්න තියන අඩු තරමින් ඒ නගරයේ පාරවල් වලට ලයිට් දාන්න විදුලි බිල ගෙවන්නත් සල්ලි නැතිනම් වෙන මොනවා කරන්න?

:       5       3

Demuni Uduwara Thursday, 15 April 2021 09:10 PM

හාමුදුරුවනේ රාජපක්ෂවරුන්ලා රට ද්‍රෝහියන් සේ වැඩ කරනවා දැන් එය ඔප්පු වෙලා හමාරය

:       2       11

ranjith Friday, 16 April 2021 12:42 AM

රජයේ දේපල විකුණනවා කියලා කිබුල් කඳුළු හලලා ජනතාව රවටලා ඡන්ද ගන්නවා. ආවාට පස්සේ හිරිකිතක් නැතුව ඔක්කෝම විකුණනවා

:       3       13

ජන්දදායක Friday, 16 April 2021 01:27 AM

දැන් සැපද...............???????

:       3       11

Bamunuarachchi Friday, 16 April 2021 02:26 AM

කතා දෙකක් එපා කෙලින්ම විරුද්ධ වෙන්න

:       7       8

උපුල් Friday, 16 April 2021 04:26 AM

රට රකින අපේ මිතුරා... මව් බිමට කෙලින් (න) සැමදා... රට රකින කෙනෙක් වේ නම්... ඒ ඔබයි උතුම් මිනිසා...

:       3       12

Nihal Friday, 16 April 2021 06:13 AM

කළින් ආණ්ඩුවේ ඇමැතිකමක් ගන්න හිරිකිතයි කීව අපිට මතකයි සතියක් ගියේ නැහැ. අධ්‍යාපන ඇමැති වශයෙන් දිවුරුම් දුන්නා මතකයි.

:       1       6

Bamunuarachchi Saturday, 17 April 2021 05:34 AM

රාජපක්ෂ මහතෝ, අපි චීනාට දුන්නේ අක්කර ගණනක මුහුද පමණයි. එය ගොඩකර වෙළඳ නගරයක් කිරීමේ ඩොලර් මිලියන ගණනක වියදම් දැරුවේ චීන රජයයි. එසේ ගොඩනගපු වෙළඳ නගරයේ පාලනයට නීති පද්ධතියක් ඕනේ නේද? අපේ රටේ නීතිය කොල්ල බල්ලා අනුව වෙනස්වෙන බව ඔබත් දන්නවා, අපිත් දන්නවා, චීනත් දන්නවා. හෙල්මට් නැතුව යන හම්බයාගේ ඔලුවට හෙල්මටය ඔබන්න බැරි නීති වලින් මේ වෙළඳ නගරය පාලනය කරන්න බැරිබව චීනා දන්නවා, අපිත් දන්නවා. එසේ නම් නගරය පාලනය වෙන්න අලුත් නීති පද්ධතියක් ඕනේ නේද? එය වෙළඳ නගරය අයිතිකරුවන්න්ට වුවමනා විදිහට හැදෙනවා මිස අපිට ඕනේ විදිහට කෙරෙන්නේ නැහැ නේද? අනික ඕවා තීන්දු වෙන්න ඇත්තේ වෙළඳ නගරය හදන්න පළමුව මෙපමණ කලක් ඔබලා ඔය ගැන දැනගෙන සිටියේ නැද්ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11006 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site