(සනත් ගමගේ)
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට හම්බන්තොට සුචී ජාතික පාසලට පැමිණි වෑන් රථයක ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් තිබී අද(15) හමු වූ බවත් එහි රියදුරු අත්අඩංගුවට ගත් බවත් හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි.
මුල්ගිරිගල ආසනයේ ඉත්තදෙමළිය ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට ඡන්ද පොළ භාර නිලධාරියා, පොලිස් නිලධාරියා සහ සහයකයා ඡන්ද පෙට්ටිය රැගෙන මෙම වෑන් රථයට ඇතුළු වී ඇත. එහි රියදුරු අසුන අසළ තිබී මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගය හමු වී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා කීය.
ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ කිසිම සලකුණක් ලකුණු කර නොමැති අතර පත්‍රිකාවට යටින් ඡන්ද දායකයින් දැනුවත් කිරීම සඳහා පමණක් යනුවෙන් සඳහන් කර තිබූ බවද පොලිසිය කියයි.
මේ හේතුවෙන් වෙනත් වාහනයක් යොදා එම මධ්‍යස්ථානයට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදු කෙරිණි.
අත්අඩංගුවට ගත් සැකකාර රියදුරු තිස්සමහාරාම මෝල කැපූ පතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම වෑන් රථය පසුගිය දිනවල මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුලියට ලබා දී තිබූ වෑන් රථයක් බවද රියදුරු පොලීසියට ප්‍රකාශ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නම් ඉතාම බරපතල තත්වයකි. අනිවාර්යයෙන්ම මේ ලෑස්තිවෙන්නේ නම් හොර ඡන්ද දාන්නය. යහපාලනය ගෙනෙනවා යැයි පවසා අවසානයේදි ඡන්දයද මංකොල්ල කෑමට සැරසෙයි. සියලු වගකිවයුතු අංශ දැනුවත් කර ආරක්ෂාව තරකළ යුතුය.
මට නම් ඡන්ද පෙට්ටි අරන් ගිය අයත් සැකයි. ඔවුන් මෙවැනි පත්‍රිකා එහි තිබූ බව පවසා වෙන වාහනයක් යොදාගත්තා කියන්නේ සමහර විට ඒ වාහනේද දන්නේ? නැහැ හොර ඡන්ද පෙට්ටි ගණන් තියෙන්නේ...
පුතාණෝගේ පියා 89යේ ජනාධිපතිවරණය දින්නෙත් ඔය වාගේ නේද?
මම කලිනුත් කිව්වා වගේ මේ රටට සිදුකළ මහා විනාශය සහ ඇමෙරිකානු ගිවිසුම්වලින් මේ රටට කරන්නට යන විනාශය නිසා අපකීර්තියට පත්ව ඉතිහාසගතවන පරාජයක් පෙනිපෙනී හොර ඡන්ද දමා ඡන්ද මංකොල්ලයකට සැරසෙන බව හොඳින්ම පෙනෙන්නට තිබේ. ඒ නිසා සියලු ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටීම වැදගත්ය.
පියාගේ අඩිපාරේ යන පුතාණෝ සහ 30පාරක් පැරදුණු සූත්තර පුංචාගේ වැඩ තමයි.
හේමා ඔයානම් මාරයි. හොර ඡන්ද පෙට්ටි දැම්මෙත් පොහොට්ටුව නේද?