(රංජන් කස්තුරි)
නැවත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමේදී සෞඛ්‍ය අමාත්‍යධූරය කිසිසේත්ම රාජිත සේනාරත්න මහතාට ලබා නොදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යධුරය දරන කාලයේදී වෛද්‍ය ආඥා පනත අහෝසි කිරීම හා නව වෛද්‍ය සභාවක් පත් කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාක්ෂණික තීනදු තීරණ අභියෝගයට ලක්කරමින් ක්‍රියා කිරීම, වෛද්‍ය සභාවේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරය සම්පූර්ණ කිරීම හිතාමතා කල්දැමීම, වෛද්‍ය සභාවට දේශපාලන හෙංචයියන් පත්කිරීම වැනි අක්‍රමිකතා රැසක් සිදුකළ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට රට පුරා වෛද්‍යවරුන් 14000කට අදික ප්‍රමාණයක් අත්සන් කළ විරෝධතා පෙත්සමක් රාජිත සේනාරත්න මහතාට එරෙහිව සකස්කර මීට පෙර ජනාධිපතිවරයාට යවා තිබෙන බන ද ලේකම්වරයා කීය.
එම නිසා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයකු ද වන ජනාධිපතිවරයා යටතේ ම සෞඛ්‍ය අමාත්‍යධුරය තබාගන්නැයි ඉල්ලා සිටින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජිත එපා කියයි
sirimal Friday, 14 December 2018 12:21 PM
පහුගිය මාස එකහමාරේ කොහේ හිටියද කියල හොයා ගන්නේ නැතුව හිටපු කට්ටිය දැන් ආයෙත් අළුගහලා දාලා එලියට ඇවිත් වගේ. වැඩවර්ජන සෙල්ලම ආයෙත් පටන් ගනීවි මගේ හිතේ.
Rata Perata Friday, 14 December 2018 12:32 PM
ඔව් ඉතින් මාෆියාව කරගෙන යන්න බැහැනේ.. ඒ වගේ ඇමති කෙනෙක් එක්ක... කොහොමහරි රාජිතවම දාන්න...
athula Friday, 14 December 2018 01:08 PM
රාජිත කියන්නේ වංචා, දූෂණ නඩු 14 ක් තියෙන අන්ත දුෂිතයෙක් කියලා රට පෙරට.... මහත්තයා දන්නවාද...? එයා එක්ක රට පෙරට නෙවෙයි රට ආපස්සට යන්න පුළුවනි.
සංජයFriday, 14 December 2018 02:00 PM
ඔය දූෂණ කලේ මේ අවුරුදු 3 හමාරෙද. නෑ නේද. ඒවා කරන කාලේ ඒ මනුස්සයා හොඳනම් දැන් නරක් උනේ කෙහොමද
Raveendra Friday, 14 December 2018 12:50 PM
දොස්තර වුනත් දොස්තරලට එපා වුනි... දොස්තර වුනත් කොන්දොස්තරම වුනි... ඇරියත් කට ගලවයි දත් සියලු ගැලවුනි... එනමුත් මමය දත් දොස්තර එලෙස වුනි...
රමල් Friday, 14 December 2018 02:09 PM
නව වෛද්‍ය සභාවක් අනිවාර්යයෙන් පත්කළ යුතු වේ. එය වෛද්‍යවරුන් විතරක් සමන්විත නොවන සෑම පාර්ශවයක්ම නියෝජනය වන එකක් විය යුතුය.
පුජිත Friday, 14 December 2018 02:11 PM
ජනපති යටතේ තබාගත හැකි වන්නේ මහවැලි අමාත්‍යංශය පමණි.
dewa Friday, 14 December 2018 02:44 PM
ඔය නඩේට ඕනේ එයාගේ වැඩවලට හුරේ කියන කට්ටියද?
සමන්ත Friday, 14 December 2018 03:58 PM
මේ රටේ මිනිස්සු පත්කරගන්න රජය හැමෝටම ඇහුම් කන් දෙන්න ඕනේ තමයි. එ්ත් මේ දොස්තරලා හිතාගෙන ඉන්නවා නම් එයාලට ඕනේ විදියට මේ රට කරන්න එ්කට ටිකක් රෑ වෙයි කියලා තමයි කියන්න වෙන්නේ... රාජිත හොඳ නෑ කියලානම් කියන්නේ, පත් කළ යුතුම කෙනා තමයි රාජිත... ඒ කියන්නේ වැඩක් වෙනවා කියන කාරණේ. ඉන්න බැරිනම් රට දාලා යන්න. එ්ක අපිට පහසුවක්...
Rohana Friday, 14 December 2018 04:38 PM
GMOA එක කියන කියන විදියට වැඩකරන්න නම් ආණ්ඩුවක් මොකටද?
maheshFriday, 14 December 2018 06:20 PM
හැමදාම කලේ GMOA එක කියන එකමනේ... සයිටම් වැහැව්වෙත් එ් නිසානේ.
BamunuarachchiFriday, 14 December 2018 11:43 PM
ඇත්ත මේවගේ ආණ්ඩුවක් තිබෙන්න ඕනේ පල් මෝඩයින් වෙනුවෙන්.
Bamunuarachchi Friday, 14 December 2018 05:34 PM
ඉල්ලීම නොසලකා හැරියොත් කළයුතුදේ මම කිවයුතු නැහැනේද?
Bangomunu.Saturday, 15 December 2018 04:13 AM
ඒ කියන්නේ කොන්දොස්තරලා වගේ ස්ට්‍රයික් කරලා ලෙඩ්ඩු මරන්න කියන එකනේ.එහෙම නේද ?
BamunuarachchiSaturday, 15 December 2018 03:10 PM
දොස්තර කෙනෙකුට කරන්න පුළුවන් එච්චරද? දොස්තරලාගෙන් වෙන දේවලට තවම දොස්තරලාට නඩු දාන්න බැරි වුන බව මතක තියාගන්න.
Bangomunu.Saturday, 15 December 2018 04:13 AM
ඒ කියන්නේ කොන්දොස්තරලා වගේ ස්ට්‍රයික් කරලා ලෙඩ්ඩු මරන්න කියන එකනේ... එහෙම නේද?
Saman Saturday, 15 December 2018 02:28 AM
පාවාදෙනිය.., කරුණාකරලා 19 වැනි සංශෝධනය කියවල එන්න. අගමැති තමයි කැබිනට් එක තෝරන්නේ, ජනාධිපතිට තියෙන්නෙ අත්සන් කරලා, සීල් එක ගහලා ලියුම දෙන එකයි.
Amila Saturday, 15 December 2018 02:43 AM
මේ ගැටලුවට හේතුව ඇත්තටම සාමන්‍ය දොස්තරලා මෙයා දත් දොස්තර නිසා අකැමැති කම. ඒ වගේම අරයගේ උද්දච්ඡකමත් යම් ආකාරයකට මේක හේතුවක්... ඒත් සංගමයක් වුණාම මධ්‍යස්ථ වෙන්න ඕනෑ. අරයා ඕනේ.. මෙයා ඕනේ නම් පක්ෂයක් අටවන් ඡන්දය ඉල්ලන එක තමයි සුදුසු...
Bamunu pappa Saturday, 15 December 2018 03:33 AM
ඔය GMOA එකට අගමැතිකමත් දීලා දුන්නා නම් ඉවරයි නේද? මොකද, දැන් මේ අය කියන විදිහටනේ ඇමති පත්වීම් දෙන්නත් ඕනේ නේද?
de Saturday, 15 December 2018 09:11 AM
මහින්ද මහත්තය සෞඛ්‍ය ඇමති කලොත් GMOA කැමති , වෙන අය එපා.!
Nandana Saturday, 15 December 2018 12:02 PM
සැම වෘත්තිකයෙක්ම එක සමාන විය යුතුය. අපට වෛද්‍යවරයා වගේම මේසන් බාස්, වඩු බාස්, ගරාජ් බාස් අපේ ජීවිතයට අවශ්‍යයි. දොස්තරගේ කාර් එක කැඩුනත් ගරාජ් එකකට යන්නම වෙනවා. ඒක නිසා බොරු පුම්බා ගැනීම් එපා.
chanak los angeles Saturday, 15 December 2018 11:13 PM
අපි ඉල්ලා සිටිනවා රජයේ වෛද්‍ය සේවය හැර පුද්ගලික සේවයට පිවිසෙන සියලු දොස්තරවරුන්ට ඔවුන් වෙනුවෙන් රජය වියදම් කල සියලුම මුදල් රජයට නැවතත් ගෙවන්න පනතක් සම්මත කරන්න කියා.
Liyanage Sunday, 16 December 2018 02:55 AM
මේ විදියට රට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ සංගම් කියන විදියට.මට මතක් කරදෙන්න වෙන්නේ මේ වෙලාවේ කොටලුවගේ කතාව. සංගම් වලට ඕනා විදියට රට පාලනය කරන්න බෑ.
Liyanage Sunday, 16 December 2018 03:21 AM
ජීඑම්ඕඒ එකට ඕන කොන්දොස්තර කෙනෙක් සෞඛ්‍ය ඇමති කමට.
de silva Sunday, 16 December 2018 07:00 AM
දොස්තරලා අතර හිත හොද සාධාරණ මනුෂ්‍යයෝද සිටිති , නමුත් ඔවුනට මේ මාෆියාව මෙහෙයවන පුද්ගලයන්ට විරුද්ධව තනිව නැගී සිටීමට නොහැක එම නිසා මාෆියාව ගහන පදයට අකමැතෙන් වුනත් නටන්නට ඔවුන්ට සිදුව ඇත............