
(විනීතා එම් ගමගේ)
ඛණිජ සම්පත් ඉවත් කර ගැනීමෙන් පසු අලෙවි කරන වැලිවල අසාමාන්‍ය ප්‍රමාණයෙන් විකිරණ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කළ අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
පුල්මුඬේ ඛණිජ වැලි සංස්ථාවේ දී සහ දඹුල්ලේ සමාගමක් ඛණිජ නිස්සාරණය කර ගත් පසුව ඉතිරිවන වැලිවල විකිරණ පවතින බව මහාචාර්ය සේනාරත්න මහතා පෙන්වා දී තිබේ.
එම වැලිවලින් මිනිත්තුවකට ඒකක 500 කට වඩා විකිරණ නිකුත් කරන බවත් එය ජපානයේ පුකුෂිමා හි විකිරණ කාන්දුවෙන් පසු අද පවතින විකිරණශීලතාවට වඩා වැඩි යැයි ද හෙතෙම සඳහන් කළේය.
පුල්මුඬේ ඛණිජ වැලි සමාගමේ දී ඉල්මනයිට්, රූටයිපල්, සර්කෝන් , මොනොසයිට් යන ඛණීජ වර්ග ඉවත් කරගන්නා අතර, එහි දී ඛණිජ වැලි ඉවත් කරගන්නා ප්‍රමාණය සාමාන්‍යයෙන් 40% පමණක් බවත් තවත් 60% පමණ එම වැලිවල ඛණිජ ඉතිරිවෙන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
එසේ වීමට හේතුව එහි ඇති යන්ත්‍ර සූත්‍රවල කාර්යක්ෂමතාවයේ මදකම බවට තමන් දැනුවත් වූ බව කී මහාචාර්යවරයා එම වැලි ටෙන්ඩරය ලබාගන්නා දඹුල්ලේ ඛණිජ වැලි සමාගම මීටර් හත අටක් උසට ගොඩ ගසා ඇති අතර එවැනි ගොඩවල් දහයක් පමණ දඹුල්ලේ සමාගමේ තිබූ බවත්, එහි ඇති ඛණිජ ද්‍රව්‍යවලින් විකිරණ නිකුත් වන බවත් විශේෂයෙන් සුළඟේ ගසා ගෙන යන එම වැලිවලින් විශාල හානියක් අවට ප්‍රදේශවලට සිදුවන බවත් පෙන්වා දුන්නේය.
පුල්මුඬේ ඛණිජ වැලි සමාගම ලබා ගන්නා වැලි එම වෙරළ වෙත ගලා එන්නේ ගංඟා ඔස්සේ යැයි පෙන්වා දුන් ඔහු විශේෂයෙන් යාන් ඔය, හා මහවැලි ගඟ ඔස්සේ ගලා එන වැලිවල මෙසේ විකිරණ අඩංගු වන බව කියා සිටියේය.
මෙම වැලි යොදාගෙන නිවාස හෝ ඉදිකිරීම් සිදුකළ පසු එම ගොඩනැගිලිවල සිටින අයට පිළිකා අවදානමෙන් මිදෙනු බැරි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙහි දී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට විශාල වගකීමක් ඇති බවත් වැලි නිධියක් කැණීමට අවසර දීමට පෙර එම වැලි සුදුසුද නැද්ද යන්න ගැන පරික්ෂා කළ යුතු බවත් පෙන්වා දුන් මහාචාර්යවරයා එය සිදු නොවන බව ද පැවැසීය.
මේ සම්බන්ධව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ බලපත්‍ර දෙද්දී විකිරණශීලීතාව මෙතෙක් නොබැලූ බවකි. ඒ පිළිබඳව වහා ක්‍රියාත්මක වන බවත් අද (1) පරමාණුක බලශක්ති අධිකාරියේ නිලධාරින් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කරන බවත් ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ. එච්චරයි අඩුවකට තිබුනේ.
මහාචාර්ය කෙනෙක් කියන නිසා නොපිලිගෙනත් බැහැ . නමුත් මේ කියන දෙය වෙන්න විධිහක් නැහැ. වැලි වලින් කණිජ ඉවත් කලාම විකිරණ පිට වෙන්න ගන්නවා කියල කියන්නේ, කනිජ ඉවත් කිරීම පරමාණුක ප්‍රතික්‍රියාවක් වෙන්න ඕනේ. එහෙම ඒවා කරන්න ලංකාවට පුළුවන් කමක් තියෙනවා නම් ලංකාව මිට වඩා බොහොම බලවත්. වැලි රත් කලාට, සාමාන්‍ය රසායන ප්‍රතික්‍රියා කෙරෙව්වට විකිරණ පිට වෙන්න ගන්නේ නැහැ. මට හිතන්නේ වැලි මාෆියටවට සම්බන්ධ ප්‍රකාශයක් කියල.
මැටි ගෙදරට යමු.
ප්‍රශ්නයක් තියෙනවා නම් අර වැලි මහින්දගෙන් අහන්නකෝ... එයා තමයි ලංකාව වටේම මුහුදු පතුල විකුණගෙන කෑවේ..
මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ ප්‍රකාශය මෙරට ජිවත්වන සියලුදෙනාගේම ඇස් ඇරවන්නක් වනු නොඅනුමානය. අලුතින්ම නිවාස සාදාගන්න සැරසෙන ඔබ නිවාස සැදීමට ගන්නා වැලි පිළිබඳව විමසිලිමත් වන්න. වැලිවල විකිරනශිලිතව තිබේදැයි දැනගනිමට අපට ගයිගර් කවුන්ටරයක් උපයෝගිකරගන්න වෙනවා. ඉතා මිල අධික මේ උපකරණ අපේ රටේ තිබෙන්නේ ඒ කාර්යයන් සඳහාම විශේෂවූ ආයතනවල පමණයි. ඔබ භාවිතා කරන වැලි සාම්පල් කිහිපයක් කොළඹ විශ්ව විද්‍යාලයේ විකිරනශීලි සමස්ථානික අංශයෙන් පරික්ෂා කරගැනීමට හැකියාවක් තිබෙනවා කියලා මම හිතනවා. විකිරනශිලිතව ඇති වැලි වලින් සාදන නිවාසවල ජිවත්වන අය නිතරම වැළඳෙන හිසේ අමාරුවෙන් පිඩා විඳින බව මම අසා තිබෙනවා. බටහිර දියුණු රටවලනම් " රේඩොන් ඩිටෙක්ටර් " මගින් ඉතා පහසුවෙන් මේ තත්වය වටහා ගන්නට පුළුවනි. විකිරනශීලි සමස්ථානික වියෝජනයවනවිට රේඩොන් වායුවත් එහි ප්‍රතිපලයක්ලෙස පිටවේ. ඔබේ නිවසෙත් රේඩොන් වායුව තිබේනම් අනිවාර්යයෙන්ම ඔබේ නිවසේ බිත්තිවලින් තවමත් මාරක විකිරණ පිටවෙමින් පවතිනබව ඉන් ඔබට පවසනවා. එවැනි ස්ථානයක ජීවත්වනවා කියන්නේ ඔබ පිළිකා මාරයාට අතවැනීමක්. එනිසා දැන්වත් නිවසක් සැදීමට පෙර වැලි පිළිබඳව විමසිලිමත් වන්න.