
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීග්‍රෙයන් අඩු වී ඇති අයුරු දිස්වූ අයුරුයි මේ.
විදුලිය නිෂ්පාදනයේ අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක ජල විදුලිය නිපදවීම වැඩි වීමත් පවතින වැසි රහිත වියලි කාලගණ තත්වයත් හේතුවෙන් ජලාශවල ජල මට්ටම අඩු වීමට බල පා ඇති බව මහවැලි අධිකාරියේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ඔහු තව දුරටත් සදහන් කළේ ජලාශයේ යම් මට්ටමක ජලය රඳවා ගැනීමට සෑම පියවරක්ම ගන්නා බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය අවුරුදු දෙකේ අපිට තිබුණ හැම දෙයක්ම නැති වෙලා ගිය එකේ ඕක මොකක්ද. ලංකාවේ මිනිස්සුන්ට, ලංකාවේ ඉතිහාසය පුරාවටම ලබපු නරකම කාලේ වෙන්න ඇති .
රටේ පාලකයා හොඳ නැති වෙනකොට මේවා තමයි වෙන්නේ.
චීනෙන් වතුර ගෙනත් දෙයිනේ.
සර් ඊළඟ අවුරුද්දේ ඉවර වෙනකොට කියයි වැස්ස නැතිනිසා රට ඇරියට පාලනය කරන්න බැරිවුණා කියලා.
සියල්ල සිඳීගිය රටක ජලාශ පිළිබඳ කවර කථාද?
දැන් තියෙන්නේ මේවාට වතුර පුරවන්න තමයි.
කොරෝනා නිසා පහුගිය අවුරුදු දෙක කරන්න බැරි වුණා කිව්වා. එතකොට වර්තමාන මේ අවුරුද්දේ ජලය සහ තෙල් නැති වුණු නිසා කරන්න බැරිවුණා කියලා කියන්න පුළුවන්. ඉතුරු අවුරුදු දෙකකට තව මොනවා හරි හේතු දැනටමත් සොයලා ඇති...
මහජන මුදලින් පිනට ඉහළටම ඉගෙන ගත්ත විදුලි ඉංජිනේරු "මහත්තයාලාට" කට කනේ නේද...? මොකද විදුලිය පෞද්ගලික විදුලි බලාගාරවලින් මිලදී ගන්න වෙනවානේ...
මම 21 සිකුරාදා රන්දෙනිගල, රන්ටැඹේ, වික්ටෝරියා ජලාශ ළඟින් ගියා. ඔය කියන තරම් හිඳිලා නෑ. පුද්ගලික බලාගාර වලින් විදුලිය ගන්න මාෆියාවක්....
ඒක පටන් ගත්තේ ඔයාලගේ යහපාලනය කාලේ ඉඳලා තමයි.
මේක නම් රටට කළ සාපයක්... දෙවියන් කෝපවෙලාද කොහේද?