(සුජිත් හේවාජුලිගේ)
රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික (ආරුනූල් සමූහය) ස්විට්සර්ලන්තයට ආරක්ෂිතව රැගෙන ගිය බව මැණික් හා පතල් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
මෙම ආරුනූල් මැණික සම්බන්ධයෙන් සහතිකයක් ලබාගැනීම සඳහා එය ස්විට්සර්ලන්තයට මෙසේ රැගෙන ගිය බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මැණික ස්විට්සර්ලන්තයේ මැණික් සම්බන්ධ පර්යේෂණාගාරයකදී පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් තත්ත්ව සහතිකයක් නිකුත් කෙරෙනු ඇත.
මැණික විදේශීය මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට කටයුතු සූදානම් කෙරෙන්නේ ඉන් පසුවය.
මැණික ස්විට්සර්ලන්තයට රැගෙන ගොස් ඇත්තේ කුරියර් භාණ්ඩ ප්‍රවාහන ක්‍රමය මාර්ගයෙනි.
මෙම මැණික චීන මැණික් වෙන්දේසියකදී අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත් මැණික සම්බන්ධයෙන් රටවල ගණනාවකින් දැනටමත් විමසීම් කර ඇති බවත් ලොහාන් රත්වත්තේ මහතා කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලොව විශාලතම මැණික ස්විට්සර්ලන්තයට
JCN Friday, 27 August 2021 11:58 AM
මේ මැණික ගැන ඇමතිතුමාට ඇති උනන්දුව ගැන අපිත් උනන්දුවෙන් ඉන්නෙ
senarath Friday, 27 August 2021 12:18 PM
තව ටික දවසකින් කියයි ඕක මැණිකක් නෙමෙයි කියලා
SenaFriday, 27 August 2021 04:17 PM
මටත් හිතෙනවා මෙතන මොකක හරි ගෝනි සෙල්ලමක් තියෙනවා කියලා
Ashan Friday, 27 August 2021 01:00 PM
කළින් කිව්වේ චීනය බලා පිටත් වුණා කියලා. එහෙම එකක් මතකද?
Nimal Silva Friday, 27 August 2021 01:51 PM
වචන දෙකයි... මුදල්, ගැරීම...!!!
wca Friday, 27 August 2021 02:56 PM
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් සහතිකවල තරම හිතාගන්න පුළුවන්නේ මේ කෙරුවාවෙන්ම...!!!
Don Friday, 27 August 2021 02:56 PM
එහෙනම් දැන් අලුත් මුදල් ඇමැතිගේ ආශීර්වාදයෙන් ස්විස්වල, බැංකුවල තියෙන සල්ලි හෝ ගාලා ලංකාවට එවයි මැණික වික්කා කියලා. සල්ලි ටික ගුවන් යානයේ එද්දී ලොකු වැස්සක් වැහැලා කලුවෙලා තියෙන සල්ලි ටික ඔක්කොම හේදිලා සුදුවෙයි. එතකොට ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
Galuge Friday, 27 August 2021 03:03 PM
‘‘මැණිකේ මගේ හිතේ...‘‘
srinath Friday, 27 August 2021 03:09 PM
වෙනම ප්ලේන් එකක ගෙනියනවා කිව්වා... මතකයිද?
ජුවානිස් Friday, 27 August 2021 03:16 PM
මේ මැණිකේ ඇත්තම අයිතිකාරයා මේ ඇමතිම වෙන්න ඕනෑ.
Nuwan Friday, 27 August 2021 03:38 PM
ඩේසි ආච්චිගේ මැණික් මල්ල තරම් නැතුව ඇති නේ
sampath Saturday, 28 August 2021 07:52 PM
මේ මැණික විකුනන්නේ අපරාදේ. මේක කොහේ හරි තිබ්බනම් සංචාරකයෝ ගෙන්නාගෙන මැණික වගේ 10 ගුණයක් සල්ලි හොයන්න තිබ්බා
fairoos Sunday, 29 August 2021 12:57 PM
අනේ ඇමතිතුමා .ඕක විකුණලා ඉක්මනට සල්ලි ගේන්න බලන්න .සර් ගේ අලුත් ප්‍රොජෙට් එකට සල්ලි නැතිලු
Anura Sunday, 29 August 2021 06:24 PM
අන්තිමට කියයි ඕක තිරිවානා ගලක් කියලා.