IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලක්ෂ 20ක කේරළ ගංජා මලයාලම්පුර නිවසකින් සොයාගනී


(සිතුම් චතුරංග)
 
අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමක් සහිත කේරළ ගංජා කිලෝ 13යි ග්‍රෑම් 315 සමඟ පුද්ගලයකු අද(03) කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
 
මත්ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලැබුණ තොරතුරක් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී මලයාලපුරම් නිවසක් තුල සඟවා තිබූ කේරළ ගංජා සොයා ගෙන ඇත.
 
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති මෙම කේරළ ගංජා තොගය යාපනය සිටින ධීවරයකු මාර්ගයෙන් සැකකරු මිලදීගෙන ඇතිබවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය. සැකකරු කේරළ ගංජා තොගය මුලතිව් ප්‍රදේශයට රැගෙනගොස් කුඩා ප්‍රමාණයේ පැකට් සකසා තරුණයින් අතර අලෙවිකිරීමට සූදානම්ව සිටි බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
 
අත්අඩංගුවටගත් සැකකරු මුලතිව් ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූවකු බව පොලිසිය වැඩිදුරටත් පැවසීය. සැකකරු කිලිනොච්චිය මලයාලපුරම් පදිංචි වයස අවුරුදු 29 පුද්ගලයකු වේ.
 
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ සැකකරු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.



අදහස් (0)

ලක්ෂ 20ක කේරළ ගංජා මලයාලම්පුර නිවසකින් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site