ඩොන්බාස් ජනරජ සමුහාණ්ඩුවේ රුසියානු හමුදාවන්ට විශේෂ හමුදා මෙහෙයුමක් සිදු කිරීමට තමන් අණදුන් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

ඩොනෙට්ස්ක් සහ ලූහාන්ස්ක් නායකයන් වන ඩෙනිස් පුෂ්ලින් සහ ලියනොයිඞ් පසෙච්නික් දිනෙන් දින වැඩිවෙන යුක්රේන ආක‍්‍රමණිකත්වය හේතුවෙන් තමන්ට රුසියානු හමුදාවේ සහාය අවශ්‍ය බව නිල වශයෙන් ලිඛිතව කළ ඉල්ලීමට ප‍්‍රතිචාර වශයෙන් මෙම විශේෂ හමුදා මෙහෙයුම සිදුකිරීමට ජනාධිපති පුටින් අණදී ඇත.

යුක්රේන හමුදාවන්ට අවි බිම තබන ලෙසත් රුසියාවේ යුධ මෙහෙයුම්වලට බාධා කරන්නන් හට රුසියාව විසින් ක්ෂණිකව පිළිතුරු දෙනු ඇති බවත් ජනාධිපති පුටින් පැවසීය.

යුක්රේනයේ සිටින නාසි කණ්ඩායම් ඩොනෙට්ස්ක් සහ ලූහාන්ස්ක් ජනතාව රුසියාව සමග එකතු වීම පිළිබඳව කිසිම දිනක සමාව නොදේවි,අපිට යුක්රේන භූමිය අත්පත් කර ගැනීමට අවශ්‍ය නැහැ අපිට ඕනෙ ඩොන්බාස් ජනරජ ආණ්ඩුවේ ආරක්ෂාව තහවුරු කරන්න ජනාධිපති පුටින් වැඩිදුරටත් පැවසීය

මීට සුළු මොහොතකට පෙර රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ යුක්රේන හමුදා බැරැක්ක සහ ගුවන් හමුදාව අඩපණ කිරීම සඳහා ඉලක්කය නොවරදින ආයුධ භාවිතා කරන බවයි.

මේ වන විට යුක්රේනයේ හමුදා නීතිය ප‍්‍රකාශයට පත් කර ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.