IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රියදුරන්ගේ මහා හොරයක් කෝපා හෙළි කරයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

රථවාහන වැරදිවලට වරදකරුවන්වී නීතිමය පියවර සඳහා තාවකාලිකව අහෝසි කළ රියදුරු බලපත්‍ර අධිකරණවල තිබියදී රියදුරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර ගෙන රිය ධාවනයේ යෙදෙන බවට තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) පවසයි.

ඇතැමුන් රියදුරු බලපත්‍රය නැතිවූ බවට පැමිණිලිකර නව රියදුරු බලපත්‍ර ලබාගෙන ඇතැයිද එම සභාව තොරතුරු හෙළි කරගෙන ඇත.

රියදුරු කුසලතා ලකුණු ප්‍රධාන ක්‍රමය හා ක්ෂණික ඉලෙක්ට්‍රොනික දඩ මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීම මගින් මෙම අක්‍රමිකතා වළක්වා මාර්ග අනතුරු අඩකින් පමණ අඩු කර ගත හැකි බව පොලිස් ප්‍රධානීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සතු අරමුදලින් ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කෙරෙන තාක්ෂණික උපකරණ මිලදී ගත හැකිද යන්න කාරක සභාවේ විමසුමට ලක්විය.

ඊට අවශ්‍ය මුදල් වෙන් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එම කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ උපකරණවල ලැයිස්තුවක් ප්‍රවාහන අමාත්‍යංශට ලබා දෙන ලෙසත් එහි පිටපතක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසත් කෝපා කමිටුව ශ්‍රී ලංකා පොලිසියට පොලිසියට නියෝග කළේය.

 



අදහස් (4)

රියදුරන්ගේ මහා හොරයක් කෝපා හෙළි කරයි

ravin Friday, 22 October 2021 11:05 AM

වැරදි කරන කීදෙනෙක් දේශපාලුවෝ පිටිපස්සේ ඉන්නවද කියලා හොයලා බැලුවනම් හොර රියදුරු බලපත්‍රය සුළු දෙයක්

:       1       15

sachith Friday, 22 October 2021 11:52 AM

"ඇතැමුන් රියදුරු බලපත්‍රය නැතිවූ බවට පැමිණිලිකර නව රියදුරු බලපත්‍ර ලබාගෙන" මේකට හොඳම විසඳුම රථවාහන නිලධාරියාගේ සිට සියලු කටයුතු විද්‍යුත් ක්‍රමයකට සකස් කිරීමයි

:       0       11

විපරමා Friday, 22 October 2021 01:14 PM

පගාවක් දුන්නොත් මොනවද කරන්න බැරි...? සමහර දේශපාලුවන්ට හොර ID, හොර පාස්පෝට් එහෙමත් තියෙන්නේ..?

:       1       8

duminda Friday, 22 October 2021 01:59 PM

දැන්ද ඕක දන්නේ...?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site