නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ අද (12) පැවැත්වුණ ඡන්ද විමසීමෙන් පැහැදිලිවම පෙනුනේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතර බලයක් නැති බව යැයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ලංකාදීපයට අද (12) පැවසීය.
හිටපු අගමැතිවරයාට සහය පළකිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ යෝජනාවට ඡන්ද 117ක් ලැබුණු බවට කතානායකවරයා විසින් නිවේදනය කළද ඉන් ඡන්ද 14ක් එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක්නොවන බව පවසන ද්‍රවිඩ ජාතික සංධානයේ ඡන්ද යැයිද මන්ත‍්‍රීවරයා කීය.
ඒ අනුව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයට සැබෑවටම ලැබුනේ ඡන්ද 103ක් පමණක් යැයිද කී මන්ත්‍රීවරයා ඒ අනුව තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකගේ සහය තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂය කරනු ලබන ප‍්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවට නැවතත් තහවුරු වූ බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔය ගණන් හැදිල්ල ඉදිරිපත් කලයුතු ස්ථානය කොතනද? වැසිකිලියද? කෑම කාමරයද? ඉස්තොප්පුවද? ගෙමිදුලද? මහා පාරද?
මහින්ද මහත්තයා නැති කරන කොන්ත්‍රාත්තුව දිගටම කරනවා වගේ... මහින්ද මහත්තයා නැති කරන හතර දෙනාගෙන් ප්‍රධාන කෙනෙක් තමයි මෙයා. රෝදය ලකුණෙන් තිබුණු මහජන එක්සත් පෙරමුණ කියලා පක්ෂයක් තිබුණාද කියලවත් මතක නෑ. ඒ මදිවට සාටකයකුත් දාගෙන බොරු කියනවා. මේ වගේ දේශපාලකයෝ ඉන්න පක්ෂයකට හරියන්නෙත් නෑ එවන් පක්ෂයක් ආණ්ඩු කරන රටකට හරි යන්නෙත් නෑ. කක්කුස්සිවලට වතුර ඇද ඇද වෙනත් දේශපාලන පක්ෂවල නායකයන්ගේ පස්ස පැත්ත හෝදන එක කවදා නතර කරයිද මන්දා...
බහුතරයක් තියෙනවා නම් මොකටද හැංගිමුත්තන් කරන්නේ...? මිරිස්කුඩු දියර මොකටද? පාර්ලිමේන්තුවේ පුටු පෙරලන්නවත්, පුටු කඩන්නවත් වුවමනා නැත. ජනපතිවරයාට මන්ත්‍රීවරු සොයා ටෙන්ඩර් කැඳවන්න වුවමනා වෙන්නෙත් නැත.
එ්ක නිසා වෙන්න ඇති කට්ටියම පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ...
ඉතින් පාර්ලිමේන්තුවට ඇවිදින් පරාජය කරන්න. අපිටත් ඕනෑ රනිල්ව එල්වන්න තමයි.
දැන්නං හොඳටම තදවෙලා වගේ....!!!
දැන් නම් හොඳටම විකාර වැහිලා වගෙයි.
කොහේ තියෙන ගණිතයක්ද බොල මේ...? බහුතරේ තියෙන්නේ දැන් එතකොට මහින්ද මහත්තයටද?
මේවා ගැන තර්ක කරනවාට වඩා හොඳයි... දෙකේ පන්තියේ ළමයෙකුගෙන් ඇහැව්වා නම්... ගෙඩි 106ක් තියෙන පොල් ගොඩකින් ගෙඩි 3ක් , ගෙඩි 95ක් තිබෙන දෙල් ගොඩක් එක්ක තැබුවොත් දෙල් ගෙඩි 98ක් බවට පත් වෙනවාද කියලා ළමයා හරි උත්තරය දෙයි නේද?
ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඡන්ද මේ ගොල්ලන්ට ලැබුණා නම් ඒ් බහුතරය හරියනවා. පුදුම ගොන්කතා තමයි.
ඉතිං ඔහෙලට ඒ තරම්වත් නැති බව අද ලෝකෙටම පෙනුණා නේද?
මෙයා ගණන් අහගෙන තියෙන්නේ අර දෙක දෙකෙන් බෙදුවහම බින්දුවයි කියපු කෙනාගෙන් වෙන්න ඕනෑ.
මේ මහත්තයා වුනත් ලජ්ජා වෙන එකේ සීමාව මොකක්ද දැනගන්න ඕනෑ. ඇමරිකාවේදී ගණන් ඉගෙනගත්තේ මෙහෙමද? රටම දන්නවා ඔයගොල්ලෝ පාර්ලිමේන්තු එන්නේ නැත්තේ බහුතරේ නැති නිසා බව...
ඔබට තරු පෙනුනා...
මොංගල් තමයි...
මෙයා ළඟදීම මෙයාගේ පුතා කසාද බැන්දා. අර ගම්පහ ලේලි අපේ නෙමෙයි කියයි මෙහෙම ගියොත්... රෝයල් මොලේ කොලොප්පම...
රනිල් අගමැති කළ යුතු බව ද්‍රවිඩ සන්ධානය පැහැදිලිවම ප්‍රකාශ කර සිටියා.. දැන් සිරිසේනට තිබෙන්නේ එය ක්‍රියාත්මක කිරීම පමණයි..
දැන්වත් ඔය ගොන් කතා නවත්වන්න.
අංගොඩ යවන්න වෙයි වගේ අද හෙටම...
මොලේ චෙක් කරන්න ඕනේ.. ඊටපස්සේ පාසල් යවන්න ඕනේ.
මානසික ගැටළුවක්
සුත්තර පුංචට විතරක් නොවේ ගවයන් 225ටම ඇඩ්රස් නැති වේවා යන අපගේ පැතුමයි.
බුදු අම්මේ..!!! යූඇන්පී කාරයන් ඉන්න තරමක් මේ රටේ. පොහොට්ටු කාරයෝ ඇත්තෙම නැහැ වගේ ජනතාව ස්වාධීන වෙලා නොවැ...
ඔබතුමාත් විමලේගේම ලෙවල් එකට වැටුණා නේද? " ගණන් ෆේල් බව අද පෙනුණා". මොකද දන්නවාද, 225න් කතානායකතුමා හැර 224 න් 117ක් අඩුවුණාම, ඒ කියන්නේ ජ.වී.පෙ. 6 නිර්පාක්ෂික්ව බැලුවොත්, ඔය පැත්තටම ඉන්නේ 101යි නේද මැතිතුමෝ ? මේ ගණිත ප්‍රශ්නය දෙකේ පංතිය ළමයින්ටයි ! දැනට රනිල්ට පක්ෂ 117යි ( එකතු කිරීම මධ්‍යස්ත) ජ.වී.පෙ. 6 යි (එකතු කිරීම ) මහින්දට හා දිනේෂ්ට පක්ෂ 101 යි, සමානයි 224 යි . ( උත්තරය 1. වැරදි යි , 2 . නිවැරදි යි .) පාඨක ඔබ ඉන්න ඕනෑ 1. අංගොඩ ද ? 2. පියවි ලෝකයේ ද ?
ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නකෝ මහත්තයෝ... පන්සල් වල කතා කරලා, මාධ්‍ය සකච්ඡා තියලා ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ හොයන්න බෑනේ...
තවත් මොලේ පරික්ෂා කරන්න කෙනෙක් ඇවිල්ලා, මුළු පොහොට්ටුව සමග නිදහස් කට්ටියයි සමූහ මොලේ පරික්ෂාවකට ලක් කිරීම රටේත්, සැමගේත් යහපත් බවයි මෙයින් ඔප්පුවෙන්නේ...
මෙහෙම මැටිමෝල් කතා කියන්න පුළුවන් වෙන්නේ මහින්ද උන්නැහේට කඩේ යන ඔබ වැනි අය සමග ඉඳගෙන පන්දම් අල්ලන විමලේ, උදය, ඩලස් වගේ අයට තමා. ඔබගේ අප්පච්චි කවදාවත් මෙහෙම තුට්ටු දෙකේ කතාවල් කියලත් නැහැ. කෙස් පැහිලා ජීවිතේ අවසන් අදියරට පැමිණ සිටින ඔබ වැනි අය දැන්වත් මෙවැනි අනුවණ කතා නොකියා රටට වැඩක් කරන්න බැරිනම්, බහුභූත කතා නොකියා පාඩුවේ ඉන්නකෝ !
අදද දැක්කේ?
රනිල්ට විශ්වාසය පල කරපු ගාන 117නම් ජවිපේ ඡන්දෙ දීමෙන් වැලකීසිටියානම් ඉතිරි අයත් පාර්ලිමේන්තු ආවෙ නැත්නම් රනිල්ට බහුතරේ සහය තියෙනවා කියල ඕන කෙනෙක්ට තෙරෙනවා.... ඒත් මේ මී හරක්ට ඕක තේරෙන්නෙ නැහැනේ.
117 තියෙනවා මෙයාට ගණිතය බැරිද ?
තොරතුරු පනත ගේනවටත් විරුදධ උනේ මෙතුමනේ යූඑන්පී යට බහුතරයක් නැහැ. රනිල්ට තියෙන බව නේ සනාතවුනේ.
මෙතුමාට එකතු කිරීම උගන්වන්න.
මොනවා කතා කරනවද මන්ද? එක්කෝ කතා නොකර ඉන්න ඕන.
මෙයත් එක්ක ගියොත් මහින්දටත් ඡන්ද නැතිවෙයි.
හොඳම ඡන්දයක් තිබිමි. ද්‍රවිඩ ජාතික සංධානයේ ඡන්ද ලබගැනීම ඡන්දදායකන්යට කරන නිගාවක්. ව්‍යවස්ථාව වෙනස් කරන්න මිනිසුන් ඉදිරියට යා යුතුයි.
ගනන්කරනත් දන්නේ නැත.
මෝඩ කතා නොකියා රට අස්ථාවර නොකර බහුතරය පෙන්නලා තියෙන රනිල්ව අගමැති කරලා බජට් ඒක පාස් කරගෙන අපේ වැටුප් ගෙවන්න.
ඔයාගේ ගණිතයට අනුව මහින්ද මහත්තයට බිංදුව, මොකද පොහොට්ටුව කියලා පක්ෂයක් පාර්ලිමේන්තුවේ නැති නිසා මහින්ද මහත්තයා එහි සාමගිකයෙකි. අද ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ධුරයට අයිතිවාසිකම නොමැත පොහොට්ටුව එක්සත් ජනතා නිදහස් සංධානයේ සාමාජිකත්වය ගත්ත පක්ෂයකුත් නොවේ විදුරු ගෙවල් වල සිට ගල් ගහන්න එපා.
අපි පොඩි කාලේ කරා වගේ මෙයාට මදටිය ඇට 225 ක් දීලා. 117ක් වෙන් කරලා ඉතිරි ඇට ටික ගණන් කරන්න දෙන්න
මේ අයට මොලේ නැති උනාට ඕක තේරුම් ගන්න දෙකේ පන්තියේ ළමයටත් පුලුවන්...
රටේ පිළිගත නායකයෙකුගේ පුතෙක් කියා කියාගන්න අයෙක් බල කෑදර කම නිසා පිරිහිලා තිබෙන තරම.
වැදගත් කියලයි මං හිතුවේ මෙතුමා. බලපුවාම වාසි පැත්තට හොයියා කියන කෙනෙක්. මෙයාට කවදාවත් අගමැතිකමකටවත් ජනාධිපති කමටවත් නොමිනේෂන් දෙන්න නරකයි. කුමාර වෙල්ගම මැති තුමා තමයි සැබෑම රටට අවශ්‍යම නායකයා.
රෝයල් ගියාට ගණන් බැරිය.
දැන් නොමිලෙත් අස් කන්නාඩි ලබා දෙනවා ලංකාවේ හැමතැනම . කණුත් පරීක්ෂා කරගන්න . වයසට ගියාම ඔහොම තමයි . එත් පින් කරපු අයට නම් ඔහොම වෙන්නේ නැහැ . දැන් හැමදේම පඩිසන් දෙන්න කාලය හරි වගෙයි .
ලංකාවේ ඉන්නෙ මොඩයො විතරයි කියලා මේ අය හිතන් ඉන්නේ , පචයා
පව් පව් දැන් මේ අයගේ වයර් මාරු වෙලා ඉන්නේ.. වයසයිනේ.. එ්කයි. අනික් රතු කට්ටියට දැන් පාටක් නැහැ. ඇත්තටම දුකයි. හෝඩියේ ළමයි වගේ ඔහේ කියවනවා. අර කියනවා වගේ අංගොඩ දාන්න ඕනෑ..
ඔය කතාකරන්නේ කටින්ද? ගනින්න දන්නේ නැතිද?
බොරලුගොඩ සිංහයාගේ පුතාට වෙච්ච වැඩේ.
ඉස්සෙල්ලාම ලැජ්ජා නහරය ශල්‍යකර්මයක් මගින් අයින් කර දමන්න. [අවශ්‍ය නැහැ. උප්පත්තියෙන්ම මෙයාට ලැජ්ජා නහරය නැහැ] ඊට පස්සේ ගම වටේ දෙසැරයක් දුවන්න [ ඇඳුම් ගැලවිලා නේ ඉන්නේ] ඊට පස්සේ ඔය කියන දේ අහන්නම්.
මෙතුමා, එතුමා, අතිගරු වැනි වර්ණනාවන් නමට කලින් දාන්න එපා. උන්, මුන්, එවුන් වැනි වදන් වඩා සුදුසුයි. ලංකික ජනතාවනි, එය මේ වගේ අයට යෙදුවොත් ඔබ, ඔබ විසින්ම වහල්ලු බවට ඉබේම පත්වෙනවා. මේ අයට ගරු බුහුමන් කරන්න එපා. ඇමෙරිකාවෙත් ජනාධිපතිට ආමන්ත්‍රණය කරන්නේ මිස්ටර් ප්‍රසිඩන්ට් කියලයි. ඒ මිනිස්සු මේ වගේ සත්තු නෙවෙයි.