(ඩයනා උදයංගනී)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දඬුවම් දෙකක් ලබාදී තිබීම බරපතල වැඩිය යන්න තම පුද්ගලිකව අදහස යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
වරදක් කළ රන්ජන් රාමනායක මහතාට අධිකරණයෙන් දඬුවමක් ලැබුණු අතර, 1,50,000කට ආසන්න ජනතා කැමැත්තෙන් තේරී පත්වූ ඔහුගේ මන්ත්‍රීධූරය ද අහෝසි කෙරුණු බව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
එය පුරවැසියකුට දිය හැකි බරපතල දඬුවමක් බව කී ඇමතිවරයා රන්ජන් රාමනායක මහතාට එවැනි දඬුවම් දෙකක් හිමිවීම බරපතල වැඩි බව ද කීවේය.
රාජ්‍ය නායකයා හෝ ආණ්ඩුව ඔහු දෙස ද්වේශසහගතව නොබලන බව කී අලහප්පෙරුම මහතා ‘ඒ ගැන ධනාත්මකව කල්පනා කරමු’ යැයි ද කීය.
ඇමති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බරපතල කියන්නේ මිනිහෙක් මරලද?
රටේ නීතියක් තියෙනවද... ඒ නීතියෙන් සාධාරණයක් ඉෂ්ඨ වෙනවද? දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නකෝ... කරුණාකරලා..!
සාමාන්‍යය බුද්ධියක් තියන කෙනෙක් ප්‍රේමලාල් ජයසේකරවයි, දුමින්ද සිල්වාවයි, රන්ජන් රාමනායකවයි සංසන්දනය කරන්න. එක්කෝ ලංකාවේ ඉන්නෙ හිතන්න බැරි මන්ද බුද්ධිකයෝ. මොකද සාමාන්‍යය අයට හිතාගන්න බැරිවෙනවා ඇයි ඔහුට එහෙම වුනේ කියල. එච්චර ගනන් ගන්න එපා… කොහොමත් අපිට හිතාගන්න බැරි අපි අවුරුදු හැත්තෑවක්ම මන්ද බුද්ධික වුණු පුරුද්දටයි.
මෙය ඉතාමත් අසාධාරන විදියට කරපු පළිගැනීමක් බව දන්නෝ දනිති. එකම රටක නීතිය දෙවිදියකට .
පක්ෂය තුළදී ඔබට හඬක් නැඟිය හැකිය. සමාවන්න! ඔවුන් අතර ඔබට හඬක් නැත!
බරපතල වැඩිම බව ඕනෑම කෙනෙකුට තේරෙනවා.එතුමාට අභියාචනයක් ඉදිරිපත් කරන්න ක්‍රමයක් නැහැ. එනිසා දැන්වත් මෙවැනි අවස්ථාවල පළමුව අභියාචනා කරන්න ක්‍රමයක් සකසන්න.නැත්නම් අපහාස කලායැයි කියනදේ සත්‍ය ලෙසම සිදුවී ඇත්ද පාර්ලිමේන්තුවෙ විවාදයක් කර (තුනෙන් දෙකක් අවශය නැතිව) නිදහස් කරන්න ක්‍රමයක් සකසන්න
අධිකරණ තීන්දුවක් විවේචනය කරන්න මොහු කව්ද ?
එතකොට එයා නිසා නීතිය ඉදිරියේ අහිංසකයෙක් වෙන්න ගිය පුද්ගලයාට ලැබුන දඬුවම? ඒගැන මොකද කියන්නේ? ඒ රහස එළිකරන්න එපා කියලා නේද එක්කෙනෙක් ගෙදර වලන් හෝදන්න ලැහැස්ති උනේ?
ඔය කතා අහලා කොටියාගේ වලිගෙ අතහරින්න ඝෝඨභය මහතා මෝඩ නැහැ. දඬුවම දික් කරනවානම් මම වචනෙන් හරි සහයෝගය දෙනවා.