IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


‘රට වෙනුවෙන් ජය ගන්න තවත් අභියෝග තියෙනවා’

(නිමල කොඩිතුවක්කු)

 

විශ්වාසභංග යෝජනාව ජය ගත්තා සේම රට වෙනුවෙන් ජය ගැනීමට තවත් අභියෝග රැසක් ඉදිරියේ පවතින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන්ටත් අමාත්‍යවරුන්ටත්  එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වීමෙන්ම  ඒ යෝජනාවේ සඳහන් චෝදනා පදනම් විරහිත බව පාර්ලිමේන්තුව තීන්දු කර ඇති බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අද(12) මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

‘‘මටත්, අමාත්‍යවරුන්ටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වුණා. පාර්ලිමේන්තුව තීන්දු කළේ ඒ යෝජනාවේ සඳහන් චෝදනා පදනම් විරහිත බවයි.

පාස්කු ප‍්‍රහාරය සැලවූ ගමන්ම මම ආරක්ෂක ප‍්‍රධානීන් හමුවුණා. වහාම ක‍්‍රියාත්මක වීමට උපදෙස් දුන්නා.

අප ගත් පියවර නිසා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ප‍්‍රහාරයට සම්බන්ධ සියළු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට පුළුවන් වුණා. ඒ ගැන අපේ ආරක්ෂක අංශවලට මම ප‍්‍රශංසාව පුද කරනවා.

විපතට පත් අයට සහන සැලසීමටත්, විනාශ වූ දේපල යළි ගොඩනැංවීමටත් අපේ ඇමැතිවරු කැපවී, වෙහෙසී කටයුතු කළා. මේ කටයුතු නිසියාකරව සිදු වූ බව දැන් පාර්ලිමේන්තුවත් පිළිගෙන තියෙනවා.

මේ අතර තවත් ප‍්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ප‍්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු නිසි ආකාරයට නිසි තැන්වලට සන්නිවේදනය නොවීම. ආරක්ෂක බුද්ධි මණ්ඩලයේ අවධානය මේ ගැන නිසි අයුරින් යොමු නොවීම.

අප මුලින් කළේ ත‍්‍රස්තවාදීන් සොයා ගැනීමේ මෙහෙයුමයි. අපට එය සාර්ථක කර ගන්නට පුළුවන් වුණා. ඊට පසුව අපි බුද්ධි තොරතුරු සන්නිවේදනය නිසියාකාරව සිදු නොවීම ගැන හොයන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා.

මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත්, එය නීත්‍යානුකූල බව අධිකරණයත් පිළිගෙන තියෙනවා. අපට හංගන්නට දෙයක් නැහැ. ඒ නිසා තේරීම් කාරක සභාව හමුවට යන්නට බයක් නෑ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියනවා.

විශ්වාසභංග යෝජනාව විවාද කරද්දීත් වැදගත් කරුණු ගණනාවක් රටට හෙළි කරන්නට අවස්ථාව ලැබුණා. අපට අවශ්‍ය මෙවන් ත‍්‍රස්ත කටයුතු යළි සිදු නොවන ආකාරයට පදනම දමන්නටයි. රටේත්, ජාතියේත් අනාගතය වෙනුවෙන් එසේ කළ යුතුයි. නැතිනම් එය දේශද්‍රෝහී ක‍්‍රියාවක් වනවා.

ඒ නිසා තේරීම් කාරක සභාව මගින් අප සත්‍යය සොයා ගන්නවා. ඒ වගේම අධිකරණය හමුවේ ද මේ සිද්ධිය සම්බන්ධ නඩුවක් තියෙනවා. එතැනදී ද සත්‍යය හෙළිවේවි.

මේ සත්‍යය අප හෙළිදරව් කරගන්නේ පුද්ගලයන් හෝ දේශපාලන පක්ෂය ඉලක්ක කරගෙන නොවෙයි. සත්‍යය හඳුනාගෙන, අඩුපාඩු වී ඇත්නම් අනාගතයේ එසේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීමටයි.

ගෝලීය ත‍්‍රස්තවාදය මැඬලීමට අවශ්‍ය නව නීතිරීති කීපයක් ද සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

තවත් කරුණක් පිළිබඳව මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි. මෙවැනි අනපේක්ෂිත විපතක් නිසා රටේ සියළු කටයුතු එක තැන හිරවෙනු ඇතැයි කියා සමහරු සිතුවා. නමුත් අප ඊට ඉඩ දුන්නේ නෑ.

අපේ ආණ්ඩුව ආර්ථික, සමාජයීය හා සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට ගෙන ගියා. සමෘද්ධිය ලබා දුන්නා. ඉඩම් ඔප්පු ලබා දුන්නා. රැකියා ලබා දුන්නා. නිවාස ලබා දුන්නා. අඩපණ වුණු සංචාරක වයාපාරය යළිත් ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කළා. ආණ්ඩුවේ ඉදිරි ගමනට කිසිදු බාධාවක් වෙන්න අපි ඉඩ දුන්නේ නෑ.

මේ සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වුණේ අප සියල්ලම එකට එක්වී රට ගැන සිතමින් කටයුතු කළ නිසයි. ජය ගැනීමට තවත් අභියෝග අප ඉදිරියේ තියෙනවා. කඩිනම් කළ යුතු කාර්යයන් තවත් තියෙනවා. රට වෙනුවෙන් එකතු වී අපි ඒ සියල්ලත් සාර්ථක කර ගනිමු’’ යනුවෙන්ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පැවැසීය.



අදහස් (0)

‘රට වෙනුවෙන් ජය ගන්න තවත් අභියෝග තියෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 113 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 957 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2563 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site