(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
රට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලනයේ සිට රට ගිලගැනීමට බලා සිටින මකරුන්ගෙන් හා මංකොල්ලකාරයින්ගෙන් රට බේරාගත යුතු යැයි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (24) පැවසීය.
එහිදී රටේ ජාතික ධනය විනාශ කරන දේශපාලකයින්ට ද නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව හිටපු යුද හමුදාපතිවරයා පැවසීය.
හිටපු යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ සිය ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.
ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වන ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (24) පස්වරුවේ සිදුකෙරිණි.
රෝගී වී පසුගිය දින කිහිපය තුළ යුද හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තමන් මෙම අවස්ථාවට පැමිණියේ පැය දෙකක් සඳහා රෝහලෙන් අවසරයක් ලබාගෙන බව ද හිටපු යුද හමුදාපතිවරයා කීවේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ලැබීම රට වෙනුවෙන් ලැබූ භාග්‍යයක් ලෙස සිතන බව කී මහේෂ් සේනානායක මහතා ස්වාධීන නිර්පාක්‍ෂික ජනාධිපතිවරයකු ලෙස ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල ගැන රටේ කුකුසක් පවතින බව කී සේනානායක මහතා ඒ තුළත් ජනාධිපතිවරයා රටේ, රජයේ හා විධායකයේ ප‍්‍රධානියා බැවිනුත් සේනාධිනායකයා වන බැවිනුත් රටට යුතුකම් ඉටු කිරීමට තිබෙන බලතල ප‍්‍රමාණවත් බව කීවේය.
අමාත්‍යාංශවලට සුදුසු ලේකම්වරුන් පත්කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇති බැවින් වඩාත් සුදුස්සන් එම තනතුරුවලට පත්කිරීම තම බලාපොරොත්තුව බව ද හෙතෙම සඳහන් කළේය.
රටේ උගතුන්, බුද්ධිමතුන් තමා වටා එක්ව සිටින බව කී හිටපු යුද හමුදාපතිවරයා තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කළේ ජනතාවගේ අදහස් ලබාගෙන බව ද කීවේය.
මෙහිදී අදහස් දැක්වූ හිටපු යුද හමුදාපතිවරයා මෙසේ ද කියා සිටියේය.
‘‘එක රටක්, එක නීතියක්, එක දැයක් යන්න මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ එන ප‍්‍රධානම කරුණයි. අද රටේ ප‍්‍රධානම ගැටලූවක් වන්නේ ජනාධිපති, අගමැති, ඇමතිවරු නීතියට උඩින් සිටීමයි. රටේ දූෂණ වංචා වැඩිවීමට හේතුව එයයි. එය නැවැත්විය හැක්කේ මා වැනි නිර්පාක්‍ෂික ජනාධිපතිවරයෙකුට පමණයි. පක්‍ෂයක් තිබුණා නම් පක්‍ෂයේ අයගේ වංචා දූෂණ වහන්න සිදුවෙනවා. රටට වගවන පාලන ක‍්‍රමයක් ඇති කළ යුතුයි.
ගෞරවනීය රාජ්‍ය සේවයක්, ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව එකට ජීවත් විය හැකි පරිසරයක්, විනයක් ඇති දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුයි. එමෙන්ම රට නැවත ලේ වැගිරීමක් නොවන ආකාරයෙන් ඉදිරියට ගෙන යා යුතුයි. නැවත මේ රටේ මිනිසුන් අවි ආයුධ අතට නොගෙන සහජීවනයෙන් ජීවත් වන පරිසරයක් හා යහපත් ආර්ථිකයක් ඇතිකිරීම අපේ අරමුණයි. පක්‍ෂ දේශපාලනය නිසා රට තුළ නැවත නැවත අභ්‍යන්තරික ගැටලූ ඇතිවෙනවා. ජාතික ධනය හොරකම් කරන විට රට එන්න එන්න දිළි`දු වෙනවා. මෙය දුප්පත් වූ රටක් නොව දුප්පත් කළ රටක්. රට මේ සියල්ලෙන් බේරාගැනීම අපේ අරමුණක්.
දේශපාලනයේ සිට අපව ගිලගන්න බලා සිටින මකරුන්, මංකොල්ලකාරයින්ගෙන් රට බේරාගත යුතුයි. සියලූ දේශපාලකයින්ට නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි. සියලූ ජනතාවට සාධාරණයක් විය යුතුයි. විනයක් ඇති දේශපාලන සංස්කෘතියක් ඇතිකළ යුතුයි. වත්මන් දේශපාලන ක‍්‍රමය මා සටන් කළ ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණුයි. අපි ඒ ත‍්‍රස්තවාදය පරාජය කළා. නමුත් මෙවර එන්නේ ආයුධයකින් මෙල්ල කළ නොහැකි සතුරෙක්. ඔවුන් මෙල්ල කළ හැක්කේ නොවැම්බර් 16 වැනිදා ඡුන්දයෙන් පමණයි. සෑම ත‍්‍රස්තවාදයක්ම ඇතිකරන්නේ මෙම ත‍්‍රස්තවාදියායි. එය විනාශ නොකළොත් අපට ඉදිරි කාලයේත් හූල්ලමින් සිටින්නට වේවි. ජනතාවට කොන්ද කෙළින් තියාගෙන අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් ලෙස රට තුළ ජීවත් විය හැකි වැඩ පිළිවෙලක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අපි ඇතුළත් කර තිබෙනවා.’’ යැයිද හිටපු යුද හමුදාපතිවරයා කීවේය.
මෙහිදී පිළිගැනීමේ කතාව සහ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිබඳ හැඳීන්වීම හිටපු විගණකාධිපති හා ජාතික ජනතා පක්‍ෂයේ නායක ගාමිණී විජේසිංහ මහතා විසින් සිදුකළේය.
නව ව්‍යවස්ථාවක් හා රටට ගැළපෙන නව නීති පද්ධතියක් යනන් ප‍්‍රධාන ඉලක්ක කරගනිමින් සකස් කර ඇති මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට ණය ආර්ථිකයෙන් මිදී ඉදිරියට යාම, රටට ගැළපෙන ව්‍යාපෘති හඳුනාගෙන ක‍්‍රියාත්මක කිරීම ආදී කරුණු ඇතුළත්ව තිබෙන බව මෙහිදී හිටපු විගණකාධිපතිවරයා සඳහන් කළේය.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අරගොල්ලෝ කියයි අපිත් කරන්න යන්නේ මේ වැඩ පිළිවෙළම තමයි කියල. එතකොට මොකද කරන්නේ?
ලොකු පක්ෂයකට සම්බන්දයක් නැති නිසා මහත්මයාට වැඩි ඡන්දයක් ලැබේය කියා සිතන්න බැහැ. ලංකාවේ ඡන්දදායකයන් අලියෙකුට හරි අතකට හරි පොහොට්ටුවකට වගේ ලාංඡනයකට ඡන්දය දමන්නයි. ඔබතුමා රටට කල සේවය ගැන සිතන්නේ නැහැ.
හම්මේ ඇති යාන්තන් 150ක් ඉන්නවා...
"ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක" කියනවා "දුෂණය නැවැත්විය හැක්කේ මා වැනි නිර්පාක්‍ෂික ජනාධිපතිවරයකුට පමණයි. පක්‍ෂයක් තිබුණා නම් පක්‍ෂයේ අයගේ වංචා දූෂණ වහන්න සිදුවෙනවා" කියලා. ඔබතුමා නිර්පාක්ෂික වෙන්නේ කොහොමද පක්ෂයකින් ඡන්දය ඉල්ලද්දී. එතැනම ලොකු වැරැද්දක් හෝ ඔබට තර්කානුකුලව සිතීමට බැරිකමක් හෝ තිබෙනවා.
මෙම උත්සාහය දිගටම පවත්වාගෙන ගියොත් විතරක් යම් දවසක ප්‍රතිඵල ගත හැකිවේවි.
"රට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලනයේ සිටන මකරුන්ගෙන් බේරාගත යුතුයි"- ඉතින් ඔබතුමාත් එක්සත් ජාතික පක්ෂය විසින්ම ඇප මුදල් තැම්පත් කර මේ ජනාධිපතිවරණ තරගයට එවන ලද දේශපාලන මකරෙක්නේ? මොකද ඔබතුමාට දෙමළ සහ මුස්ලිම් ඡන්ද ලැබෙනවද? නැහැනේ,, ඔබතුමාට ලැබෙන්නේ ගෝඨා සතුවියයුතු සිංගල ඡන්ද නේද?
සියල්ලට පෙර රට ඉදිරියට ගෙන යාමට නම් මෙවැනි කොන්ත්‍රාත්කාර මකරුන්ගෙන් රට බේරාගත යුතුයි
ඔය කියන්නේ තමුන් ගැනම වෙන්න ඕනේ
ඔබ දක්ෂ හමුදා නිළධරයෙක්. හැබැයි ඔතනට නාගනන්ද කොඩිතුවක්කු මහතා කෙසේ හෝ සම්බන්ධ කර ගත්තානම් ඔයිට වඩා ජවයක් ශක්තියක් ඔය ව්‍යාපාරයට ගන්න තිබුණා. ඔහු හොඳ කතිකයෙක් සටන්කරුවෙක්. රාජපක්ෂලගේ ඇට විසිවෙන්න කතාකරන්න ඔහුට කරුණු සහ හැකියාව තියනවා.
හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් 7000 ක පිරිසක් සිටියද ,එහි අධ්‍යක්ෂවරයාට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් නොලැබීම පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මවිතයට පත්වී ඇත. ඊට අමතරව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා සහ හමුදා බුද්ධි අංශ අතර ගැටුමක් තිබී ඇති අතර ආයතන අතර බුද්ධි තොරතුරු හුවමාරුවීමක් ද සිදුවී නොමැත. ඊට අමතරව වනාතවිල්ලූව පුහුණු පාසල හෝ මාවනැල්ල බුදුපිළිම කඩාදැමීම පිළිබඳව ද ඔවුන් නොදැන සිටි බව ජනාධිපතිවරයා සාක්ෂි දෙමින් කියා ඇත.
අපේ මිනිස්සුන්ගේ මානසික වහල් භාවය කොච්චරද කියල මේ අදහස් වලින් ම පේනවා .. තමන්ට වෙලා තියෙන අයහපත අසාධාරණය බල්ලට දාල කවුරු වෙනුවෙන් ද මේ හැටි කෑමොර දෙන්නේ ? කට්ටියක් පොහොට්ටුව අල්ලාගෙන නටනකොට තව කොටසක් අලියාගේ නැට්ටේ එල්ලිලා දඟලනවා . ඉතින් කොහොමද අපි මේ ජරා පාලනය වෙනස් කරන්නේ ? වෙනස් කෙනෙක් ආව ගමන් ඒ මිනිහගේ හතර කේන්දරේ මකුළු දැල් හොයනවා ... කාගේ යහපතට ද ??
ප්‍රශ්නය මකරු නෙවෙයි ඔබ වැනි හිකනල්ලු...!
මේ අද වන විට ලංකාවේ හොඳට ලාභ ලබන එක්සත් ජාතික පක්ෂයේ උප සමාගම් 2ක් තියෙනවා, 1ක් අනුර කුමාරගේ ජේවීපී එක . මේ අලුතින් පටන් ගත්තු හිටපු හමුදාපතිගේ සමගම .ජයවේව ඔහොම යන්.
කොහොම හරි හමුදාපති උනා කියමුකෝ. ජනපතිවරණයට ඉල්ලීමට එය සුදුසු කමක්ද? ඔබ පිල්ලියක් බව රටම දන්නවා. මුදල්වලට ගිජුවෙලා ආත්මය පාවාදෙන්න එපා.
දැවැන්ත බුද්ධි අංශයක් තමන් යටතේ තියාගෙන ඒකෙන් කිසිම වැඩක් නොගෙන මහා විනාශයක් සිදු වූවාට පසු එළියට පැමිණි කෙනා කවුරුන්ද යන්න තීරණය කිරීම ඔබ සතුයි.
අර කාන්තාව අසල සිටින හොර නීතීඥ තක්කඩියා දුටුවම, හිතාගන්න පුළුවන් ඔබතුමාගේ සංවිධානයේ තරම... දේශපාලකයින්ට පමණක් දොස් නැගුවාට, මේ රට විනාශ කලේ ඔතන සිටින රාජ්‍ය සේවකයින් තමයි. නිකම් බොරුවද නොකර ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න මහත්තයෝ... අපිටත්, බලාපොරොත්තුවක් තිබුණා. ශක්තිමත් "විකල්පයක්" ගැන, බලාගෙන ගියාම, ඒක "විකාරයක්" පමණක්ම නොවේ, විපරිතයක්... උගත්තු කිව්වට, උද්දච්ඡකම ඉහට ගහගත්තු, අඥාණයින් පිරිසක් තමයි ඔතන ඉන්නේ. හරිහමන් විකල්පයක් නම් කල යුත්තේ, රටේ තුන්වන දේශපාලන බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කරගෙන ප්‍රධාන පක්ෂ දෙකට අභියෝගයක් එල්ල කිරීමයි. එ්ත්, මොවුන් විගඩමක්නේ මේ නටන්නේ...
අර 2015 දී යමපාලනය ගේන්න සම්මාදම් උනු අයගෙන් කොටසක් මෙතන ඉන්නවා.අනිත් කොටස ජවිපේ වේදිකාවට ගොඩ වෙලා ඉන්නවා. ඒක නිසා අද එක්සත් ජාතික පක්ෂය පාඩු ලබනකොට ඒකේම උප සමාගම් 2 එක් හොඳට ලාභ ලබන්නේ එන්.ජී.ඕ ඩොලර් වලින්
අප්පට සිරි, ඉඳුනිල්ට ඩෝන් ගිහිල්ලා තියෙන තරමක්... සහරාන් ඒ තරම් ජගතෙක් නොවේ නම් මොකද්ද මේ දැන් ඇතිවෙලා තියෙන කුලප්පුව? ප්‍රභාකරන් එක්ක කළ යුද්ධය පරාජය කිරීමේ මූලෝපාය වැඩි කොටසක් සකස්කර ක්‍රියාවට නැංවූයේ සරත් ෆොන්සේකා ඇතුළු එවකට යුදබිමේ සිටි හමුදා නායකත්වයයි. ගෝඨාභය ඝාතනය කිරීමට ප්‍රභාකරන් ගත් උත්සාහය අසාර්ථක වූ එක තමයි යුද්ධයේ හැරවුම් ලක්ෂය වුනේ. එදා තමයි ගෝඨාභය හොඳින් හෝ නරකින් හෝ ප්‍රභාකරන් මරාදමනවා කියලා තීරණය කලේ... ඊට කලින් ඔය කට්ටිය කොළඹ සීත කාමරවලට වෙලා යුද්ධයෙන් හම්බ කරපු එකයි කලේ. මිග් යානා, යුක්රේනයේ පරණ යුද්ධ ටැංකි, වෙඩි නොවදින කබායවල්, වෙඩි උණ්ඩ වගේ ජාවාරම් ගැන එහෙම ආරංචි වෙන්න ඇතිනේ. ඒවා සංවිධානය කරපු සමහරු අදත් ඉන්නේ ඒ රටවල් වලයි. එදා ගෝඨාභය හෝ විශේෂයෙන් සරත් ෆොන්සේකා නොසිටියා නම් යුද්ධය අද දක්වාම පවතින්නටත් ඉඩ තිබුණා.
ඔබට, රට බේරාගත් මහින්ද සහ ගෝඨාභය මකරුන් සේ පෙනුණාට අපට කරන්න දෙයක් නැත..!