කැබිනට් නොවන අමාත්‍යවරු
01- හර්ෂ ද සිල්වා මහතා - පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ අමාත්‍ය
02- අජිත් පී. පෙරේරා මහතා - ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය
03- සුජීව සේනසිංහ මහාතා - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු
04- රන්ජන් රාමනායක මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
05- විජයකලා මහේෂ්වරන් මහත්මිය - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
07- ඉරාන් විරක්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය
09- වසන්ත අලූවිහාරේ මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය
10- ලකී ජයවර්ධන මහතා - නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
12- රුවන් විජයවර්ධන මහතා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
14- අශෝක අබේසිංහ මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය
16- එච්.එම්.එම්. හාරීස් මහතා - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
17- අමීර් අලී මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය
18- දිල්ප් වෙදආරච්චි මහතා - ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
20- වඩිවෙල් සුරේෂ් මහතා - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
21 අනෝමා ගමගේ මහත්මිය - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
23- නලින් බණ්ඩාර ජයමහා මහතා - සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය
24- අජිත් මාන්ප්පෙරුම මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය
26- බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයකළා, රවී කරුණානායක ආපහු ඇමති වුණා. දැන් මේ ආණ්ඩුවට විජේදාස පමණයි අඩු. ඇයි ඔවුන්ට ඉල්ලා අස්වෙන්න කියලා, ඔවුන්ව චාටර් කළේ?
පහුගිය සැරේ වගේ දවසට එක්කෙනා ගානේ නෙවේද?
කෙසේවෙතත් මේ ජනාධිපති වාර්තා ගණනාවට හිමිකම් වුණා. වැඩිම අගමැති, ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමතිලා දිවුරුම් දීලා තියන්නේ මෙයාගේ ඉදිරියෙන්. ඒ වගේම ගැසට් පත්‍ර ගණනාවක් නිකුත් කළා...
වන්ෂොට් අයියට දෙන්න තිබුණේ අධිකරණ අැමතිකම... දූෂණය නැති කරන්නයි, කලින්ම නඩු තීන්දු දෙන්නයි එයා හරි දක්ෂයෙක්.. .
දැන් මේ සෙල්ලම එපා වෙලා. මොකද මේ අලුතෙන් පටන් අරන් තියෙන රාජ්‍ය ඇමති පට්ටම. ඉස්සර ඇමතිවරු සොච්චමක් සහ නියෝජ්‍ය ඇමතිවරු සොච්චමක් හිටියේ රට පාලනය කරන්න. දැන් එකට මොන පක්ෂේ දිනුවත් ඔක්කොම ඇමතිවරු... හරියට ඉන්දියාවේ උපාධිදාරියෝ වගේ. පඳුරකට ගැහුවත් සූ ගාලා විසිවෙන්න තරම් ලංකාවේ ඇමතිවරු. කාගේ සල්ලිද? මේ ඔක්කොම නඩත්තු කරන්න යන්නේ? JVP වහාම මේකට මැදිහත් වෙන්න...
දැන් මේ ඇමතිලා, නියෝජ්‍ය ඇමතිලා, රාජ්‍ය ඇමතිලා පත් වුනහම රට කිරි පැණියෙන් උතුරලා යයි. රටේ මිනිසුන්ට තුන්වේල හරියට කන්ට නැති උනත්, මේ නඩේව නඩත්තු කරන්ට බදු ගෙවන්ට ඕනේ. ලංකාවේ ඡන්දදායකයින්ට මේවා කවදා වැටහෙයිද?
අනේද කියන්නේ සුද්දා එකම එක අග්රාන්ඩුකාරයෙක් දම්මලා කරපු රටට අද ඉන්න කට්ටිය පාලනය කරන්න කෝ එත් තාමත් රට එතනමයි නේ
හරිම අසාධාරණයි. ජනරාල් සරත් ෆොන්සේකා මැති තුමා ට, රට වෙනුවෙන් කල සේවය ,පක්ෂය වෙනුවෙන් කල සේවය සලකා වහාම ඇමති තනතුර දෙන්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැතිවරයා නමින් ඉදිරිපත්කල අය පත්නොකලේ මන්ද ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ජනාධිපති එයාට ඇමතිකම් කීපයක් දරන්න පුළුවන්. අනිත් අයට ඇයි මේ. අනිත් කාරනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නායකයා රජයේ නායකයා වේ ඒවගේම ඇමතිකමුත් දරද්දී .... කොහොමද එම පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂව විරුද්ධ පක්ෂයේ නායකයා වෙන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන විධායකයාගේ නීතිය මොන්ටසොරි ළමයිනුත් සිනාසේ
විවස්තා දායකයාගේ බලය විධායකයා උල්ලංගනය කරලා අගමැති නම්කරපු නම් කපන්නේ කොහොමද අධිකරණයෙන් ඉක්මනින් මතය විමසිය යුතුයි .
අර දෙපැත්ත කකා ඉන්න සරත් අමුණුගම විසිවෙලා වගේ
මේ විසි හත් දෙනාටත් අපේ සුභ පැතුම්!
සුබ පැතුම්, යහපාලන ඉලක්ක ජය ගනිමින් 2020 දී සංවර්ධිත රටක් බවට පත් කිරීමට හැකියාව ලැබේවා.!
දින 52කින් විජයකලාට ඉසෙල්ලා තිබිණු ඇමතිකම නැතිකරපු හේතුව දැන් ලංකාවේ හැමෝටෝම අමතක වෙලා ඇති කියලද මේ ඔක්කොම හිතන් ඉන්නේ ?
එතකොට අර ව්‍යවස්ථාවේ තියන ඇමතිහොරු 30ට රාජ්‍ය ඇමතිවරු හා කැබිනට් නොවන කියන අය ඇතුලත් නැද්ද. ඒ අය වෙනම ජාතියක්ද.
තේරුමක් නැති ඇමති පට්ටම්. රට ගැන හිතනවට වඩා, තරහ කරගන්න බැරි කමට ඇමති පට්ටම් හදලා රටක් ගොඩ ගන්න බෑ. මම හිතන්නේ දැන්වත් ජවිපෙ වගේ පක්ෂෙකට ඡන්දෙ දීල බලන්න වෙනවා, මේ පක්ෂ දෙකම අපේ රට ආපස්සට දාපු එකමයි කරලා තියෙන්නේ, දැන්වත් වෙනස්වෙන්න එක වතාවක් ජවිපෙට ඡන්දෙ දීලා බලන්න.
මේ හිගන මහජන නියෝජිතයන්ටත් මහජන මුදල් වලින් හැකි ඉක්මනින් උපරිම පහසුකම් දෙමු නේද ? නැත්නම් හැම වෙලාවේම අඩාගත්ත ගමන්මයි ඉන්නේ මට අරක නැහැ මට මේක නැහැ මුළු රටම මස්තබාල්දු වෙනවා 225 ම අදෝනාව නිසා.
මේ කාටවත් ඇමති පට්ටම් නැතිව වැජබෙන්න අමාරුයි. දැන්වත් අපි විකල්පයක් ගැන හිතමු.
J.V.P. එක මැදිහත් වෙලා තමයි විසිරවපු ආණ්ඩුව අමාරුවෙන් ආයේ හදලා දුන්නේ රනිල්ට.
අලුත් සෙට් එකක් ඇවිල්ලා හොඳට හම්බ කරගෙන යයි. හැබැයි ඉතින් මේ අයට ඡන්දෙ දෙන අය නම් හැමදාම එකතැන.
නොදන්න නිසයි අහන්නෙ රාජ්‍ය ඇමති කියන්නෙ කවුද? ඔවුන්ගේ රාජකාරිය මොකක්ද?