IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


‘‘රජය කොතලාවල පනත ගැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කළ යුතුයි‘‘

(අංජුල මහික වීරරත්න)

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ ආණ්ඩුව වහාම සාකච්ඡා කළ යුතුව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ආණ්ඩුව මෙම පනත ගැන කිසිවකුත් සමඟ සාකච්ඡා නොකරන්නේ යම් හොරයක් තිබෙන නිසා බව ද ආණ්ඩුවේ අරමුණ රට පුරා පෞද්ගලික විශ්ව විද්‍යාල ජාලයක් ඇරඹීම යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවෙි මුළු රටේම අධ්‍යාපන ක්ෂෙත්‍රය මිලිටරිකරණයකට ලක් කරන්නට ආණ්ඩුව සූදානම් වන බවයි.

 



අදහස් (4)

‘‘රජය කොතලාවල පනත ගැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කළ යුතුයි‘‘

මුණසිංහ Wednesday, 28 July 2021 02:42 PM

තමන්ගේ කාලේ ගෙනාපු පනත් සාකච්ඡාවට බඳුන් කළ ආකාරය අපිට හොඳින් මතකයි. වැදි බණ කියන්නේ ඔන්න ඕවට මහත්තයා...

:       1       10

SL Thursday, 29 July 2021 02:28 PM

මේ තමුන්ලා බොරදියේ මාළු බාන්නේ නැතිව රටට අත්‍යවශ්‍ය පුද්ගලික විශ්වවිද්‍යාල පද්තිධයක් පටන් ගන්න සහය දෙන්න.රජයේ විශ්ව විද්‍යාල වලටත් 10% මුදල් ගෙවා පිරිසක් ගන්න. හැමදාම ,හැමදේම නොමිලේ දෙන්න පුළුවන් තත්වෙකද රට තියෙන්නේ ? .නිදහස් අධ්‍යාපනය අරගෙන ඕස්ට්‍රේලියාව වගේ රටවල පදිංචියට යන අයගෙන් , නිදහස් අධ්‍යාපනයට ගිය වියදම ආපසු ගන්න ක්‍රම සකස් කරන්න . නොමිලේ උපාධියත් දීලා පෙන්ෂන් ලැබෙන රජයේ රස්සාත් දෙන්න පුළුවන් කොයි රට ට ද ?

:       3       12

Bamunuarachchi Friday, 30 July 2021 04:26 PM

2018 ඔහෙලා මේ පනත ගෙනෙන කොට සාකච්ඡා කලේ නැද්ද? මේක පෞද්ගලික විශ්ව විද්‍යාලයක්... මේකට ළමයි එන්නේ මුදල් ගෙවලා.. එහි නීති රීති ගැන අවබෝධයකින් ඒවාට අනුගත වෙලා. ආචාරියන්ට තිබෙන්නේ උගන්වන්න බැරිනම් ඒ ගොල්ලොත් පිටරටින් ගෙනෙමු. මොකද ගෙවන්නේ අපි... විශ්ව විද්‍යාල ආචාර්යවරුන් නොවෙයි.. එහෙම කළොත් පිටරටින් ළමයි ඒවි මෙහෙ ඉගෙන ගන්න.

:       2       11

anura Saturday, 31 July 2021 10:50 AM

හෝඩියේ ඉඳලා උසස් පෙළ දක්වා ළමයි ටියුෂන් යනවා. ඒවා පෞද්ගලික ඒවා නේද? වෙනත් උපාධි ප්‍රධානය කරන කළමණාකරණ ආයතන ඕනෑතරම් ලංකාවේ තියෙනවා. ඇයි මේ KDU එකට විතරක් උඩ පනින්නේ. විවෘත විශ්ව විද්‍යාලයත් සල්ලි අරගෙන නේද උගන්නන්නේ..? එක්තරා කඩාකප්පල්කාරී දේශපාලන පක්ෂයක් දන්නවා මෙවැනි ආයතන තුල නවක වදය වැනි දේවල් කර තම පිලට ශිෂ්‍යයින් අල්ලා ගැනීමට හා මොල සෝදන්න (Brain wash) බැරි බව. සටහන දී බෝඩ් එකට උගන්වන කථිකාචාර්යවරු එමට රජයේ විශ්ව විද්‍යාල තුල සිටිනවා. දැන් ඔවුන්ට තරඟයක් නැහැ. නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල පැමිණියොත් ඔවුන්ට ක්ෂේත්‍රයේ රැඳී සිටීම ප්‍රශ්නයක් වීමට පුළුවනි. මෙවැනි හේතු නිසා කථිකාචාර්ය වරුන්ගෙන් කොටසකුත් සටනට පිවිසිලා...

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site