IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රංගජීව - එමිල් රංජන් වරද පිළිනොගනිති

(මනෝප‍්‍රිය ගුණසේකර)

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු සමුහ ඝාතන කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් යන මහත්වරු විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (14) කියා සිටියහ.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා කියවා තේරුම් කරදීමෙන් අනතුරුව මෙම චෝදනාවන්ට තමන් නිවැරදිකරුද, වැරදිකරුද, යනුවෙන් විනිසුරු මඩුල්ල කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් විත්තිකරුවෝ එසේ පැවසුහ.

මෙම නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග (සභාපති) ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.

නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.

 

 



අදහස් (12)

රංගජීව - එමිල් රංජන් වරද පිළිනොගනිති

කසුන් Monday, 14 October 2019 12:50 PM

එතකොට මේ වැලිකඩ සැකකරුවන් මිය ගියේ හෙම්බිරිස්සා උණ හැදිලද?

:       935       886

විස්කුන්ද Tuesday, 15 October 2019 07:11 AM

ඔයින් මියගිය වැඩි හරියක් දෙනා සමාජයට කම්පනයක් හා පිළිලයක් වෙච්ච අය.

:       5       43

සේන Monday, 14 October 2019 01:57 PM

මේ නඩු නම් පිස්සු විකාර නේද? ඒ බන්ධනාගාර සිද්ධිය කවුරුත් දන්නවනේ... ඒක ඇතුලේ හිටියේ සිල් ඇත්තෝ නෙවෙයිනේ. ආයුධත් අරගෙන කරපු නාඩගම කවුද නොදන්නේ...? රටේ නරකම මිනිසුන් මේ විදිහට පාලනය නොකළොත් රටක් පාලනය කරන්න බෑ. අපේ රටේ දැන් වෙන්නේ උඩු යටිකුරු වුණු දේවල්. කවදා මේ තත්වය හරි යයිද?

:       751       1110

Chanak los angelesMonday, 14 October 2019 02:31 PM

ඔබ මේ සිරකරුවන් ඝාතනය කරපු ආකාරය හොඳට සොයාබලා ඔහොම ලියන්න..

:       561       559

Dammika PereeraMonday, 14 October 2019 04:25 PM

ඔබ දන්නා දේ, අදහස් පළ කරන්න.!!! 

:       5       89

rohana Monday, 14 October 2019 02:27 PM

සේන මොකටද එන්න හදන්නේ...? ඒ මිනිස්සුන්ව මැරුව එක හරි කියලද කියන්නේ? කොහොමත් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් මිනීමරුවා රජ වුණොත්...

:       1483       1312

RaveendraTuesday, 15 October 2019 01:56 AM

රෝහණ මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු එම අදහස් වලින් ගම්‍ය වන්නේ " ඔබට 88/89 වකවානුව අමතකවී ඇති බවක් හෝ ඔබ 88/89 වකවානුව නැවත පැමිණීමක් පිලිබදවද " යන්න කිසිදු අධ්‍යාපනයක් නොමැති උසමිටි භාවය පමණක් කියවීමට හැකි අපගේ දැනුම් මට්ටමට නොතේරෙන බවය. කාරුණිකව එය පහදා දෙන්නේ නම් කෘතඥ වෙන්නෙමු.

:       99       361

Nimal Monday, 14 October 2019 02:56 PM

අහෝ, මිනිසුන්ගේ හෘද සාක්ෂිය මෙසේ නම් එය මොනතරම් ඛේදවාචකයක්ද, අභාග්‍යසම්පන්නද?

:       245       432

Chathuri Monday, 14 October 2019 09:56 PM

වරද පිළිඅරගෙන ඇතුලට ගියොත් හොඳයි ,

:       125       37

chinthaka Tuesday, 15 October 2019 03:22 AM

කරුණාකර "වැලිකඩ" කියන පොත කියවන්න. එතකොට තේරෙයි එදා මොකද උනේ කියලා

:       0       1

mangala Tuesday, 15 October 2019 04:00 AM

දැන් මේකේ අදහස් දාල තියන ප්‍රගතශීලි ජනතාව ස්ත්‍රී දුෂකයන්ට, මිනීමරුවන්ට මරණ දඩුවම දෙන එකට කැමතිද?

:       0       1

Uditha - London Tuesday, 15 October 2019 06:01 AM

මට මගේ රට අප්‍රසන්න තැනක්... කලකිරෙනවා මේ රටේ ඉහල නිලධාරීන් ගේ අත්තනෝමතික වැඩ දැක්කම. මමත් ලාංකිකයෙක්.. නමුත් ලංකාව තරන් දුෂණය වංචාව එකී මෙකි නොකී සියලු ජරාවල් වෙන රටක්.. මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති..

:       6       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 570 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site