IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘රැකියා උත්පාදනයෙන් ආර්ථික ගැටළු අවම කරන්න විශේෂ ව්‍යාපෘතියක්‘

(නිමල කොඩිතුවක්කු)


රැකියා උත්පාදනය කරමින් ආර්ථික ගැටළු අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය වසරකට කෝටි 5000ක් වෙන් කර ඇති බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.


2019 වසරේ සිට 2021 වසර දක්වා එළඹෙන වසර තුනක කාල සිමාව ඉලක්ක ගනිමින් එක වසරකට කෝටි 5000ක් වෙන්වන පරිදි  වසර තුන සඳහා කෝටි 15000ක ආයෝජනය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


ජාතික ආර්ථික සභාව මගින් යෝජිත  මෙම විශේෂ ව්‍යාපෘතිය  සියලූ දිස්ත‍්‍රික් සහ මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක කෙරේ.


ඒ අනුව දිවයිනේ සියලූ  ග‍්‍රාම නිලධාරී වසම් නියෝජනය වන පරිදි  අවම වශයෙන් ව්‍යාපාර එක්ලක්ෂ හතලිස් දහසක් ආරම්භ කිරීමට නියමිත බවද ඔහු කියා සිටියේය.


සේවා උත්පාදනය, නව ආයෝජන, භාණ්ඩ නිෂ්පාදනය ඉහළ තලයකට ගෙන ඒම තුලින් දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික පුනර්ජීවනයක් ඇතිකිරීමට ද හැකි වනු ඇති බවද අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

‘රැකියා උත්පාදනයෙන් ආර්ථික ගැටළු අවම කරන්න විශේෂ ව්‍යාපෘතියක්‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 83 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site