IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


යොහානිගේ කළමනාකරණය ඉන්දීය සමාගමකට

(යොහාන් භාසුර)

‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයත් සමඟ ලොව පුරා දැඩි ප්‍රසිද්ධියක් ලබා සිටින ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ වෘත්තීමය කළමණාකරණ ඉන්දියාවේ මුම්බායිහි පිහිටි නම ගිය කළමණාකරණ සමාගමකට පැවරූ බව ඇයගේ දේශීය කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඇය ඉන්දියාවේ ප්‍රසංග දෙකක් බාරගැනීමත් සමඟ එංගලන්තය ඇතුලු ලොව පුරා රටවලින් ප්‍රසංග සඳහා ආරාධනා ගළා එන බව කී එම ප්‍රකාශකයා එම කිසිඳු ආරාධනාවක් යොහානි මේ දක්වා ස්ථිර කර නොමැති බව ද සඳහන් කළේය.

ලෝකයෙන් එන ආරාධනා සම්බන්ධයෙන් වඩාත් හොඳ ආකාරයකට කළමනාකරණය කළ යුතු නිසාවෙන් ඉන්දියාවේ නම්දැරූ රංගන සහ සංගීත ශිල්පීන් කළමනාකරණය කරන සමාගමකට යොහානිගේ කටයුතු ද බාරදුන් බවත් ඇයගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඔහුගේ කළමනාකරු මුම්බායි නුවරට ගොස් එම කළමණාකරණ සමාගමක සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත් එම ප්‍රකාශකයා වැඩි දුරත් පැවසීය.

යොහානි මේ මස 30 වැනිදා සහ ඔක්තෝබර් 3 වැනිදා ඉන්දියාවේ දිල්ලිහිදී සහ හයිද්‍රාබාද්හිදී සංගීත ප්‍රසංග දෙකකට සහභාගි වීමට සූදානමින් සිටින්නීය.

 



අදහස් (9)

යොහානිගේ කළමනාකරණය ඉන්දීය සමාගමකට

Anura Nanayakkara Monday, 27 September 2021 09:05 AM

යොහානිගේ ගායන කුසලතාවයන් වෘත්තීයමය වශයෙන් අලෙවි කිරීමට තරම් හොඳ අලෙවි සමාගම් අපට ලැබී නැද්ද? අපට බැරි නම් එය ලැජ්ජාවකි.

:       1       29

Keppetipola Monday, 27 September 2021 10:08 AM

මෙහෙම ගිහින් කොහෙන් නතර වෙයිද මන්දා

:       9       4

Ruhunu Monday, 27 September 2021 11:12 AM

ඉන්දියාවෙන් මල් වගේම ගලුත් බලා පොරොත්තුවෙන්න දවසක.

:       4       6

Don Monday, 27 September 2021 11:37 AM

අන්තිමට නවතින්නේ ඉන්දියාවේ සිටිසන් වෙලා මුම්බායි වල .ඊට පස්සේ යු.එස්.ඒ සිටිසන් වෙලා කැලිෆෝනියා වල .සල්ලි ටික එහෙ බැංකු වල .ඕක මෙයා විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් අයට වෙච්ච වැඩක්

:       9       4

කිරි පුතා Monday, 27 September 2021 12:27 PM

ඇය වඩා ප්‍රවේශම් විය යුතු යැයි සිතමි. ඇයගේ පෙර කුසලයක් ඵලදී ඇති අතර එයම ඇයගේ විනාශයට හේතු කර නොගෙන තම උපන් රටටද මෙහෙයක් වනලෙස ඇයද ආරක්ෂා වී සියල්ල කළමනාකරණය කර ගැනීමට හැකිවේවා...!

:       6       12

chathuri Monday, 27 September 2021 04:19 PM

අනුර නානායක්කාර , අපිට ඒ වගේ වැඩ කරන ආයතනයක් නැහැ.ඒ වගේම ලංකාව කීවොත් කවුරුත් ගණන් ගන්නෙත් නැහැ.දුප්පත් ගෝත්‍රික හිඟන්නන් රැසක් සිටින චූටි දුපතක් ලෙසයි ලෝකය අපිගැන හිතන්නේ.

:       3       9

udayaMonday, 27 September 2021 11:26 PM

චතුරි, කවුරුහරි එහෙම කියනව ඔබට ඇහුනද? ඔබ සම්පූර්ණයෙන්ම වැරදියි.

:       2       3

hesa Monday, 27 September 2021 07:42 PM

පොඩි ඊර්ෂ්‍යාවක් එක්ක තමා පමනක් අය අදහස් දක්වලා තියෙන්නේ

:       0       3

Amila Tuesday, 28 September 2021 11:42 AM

රාජපක්ෂලාගේ ලේලි කෙනෙක්ට බැරි වුණානේ ඔය ඔය සින්‍දුව කියාගන්න..

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 66 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 352 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 365 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site