IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහා ජාන මංකොල්ලයක් ගැන හිටපු රේගු අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්

(තරිඳු ජයවර්ධන)
 
ලංකාවට ආවේනික ශාඛ සහ සත්ත්ව ජාන රහසේ රැගෙන ගොස් විදේශයන්හිදී ඒවායෙන් විවිධ නිශ්ෂ්පාදන සකස් කර ඊට පේටන් බලපත්‍රය ගැනීමේ මංකොල්ලයක් ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා අද පැවසීය.

 
නීත්‍යනුකූල නොවන ලෙස අවසරයකින් තොරව ජාන රැගෙන ගොස් ඒවායේ අයිතිය නීත්‍යනුකූලව තමන් සතු කර ගැනීම ජාන මංකොල්ලය ලෙස හැඳින්වෙන බව ද ගුණකෙර මහතා කීවේය. 
 
සිංහරාජයේ මාර්ගයක් කැපීමෙන් එවැනි ජාවාරම්වලට සහයෝගයක් ලැබෙන බව ද ගුණසේකර මහතා  සඳහන් කළේය. ජාන මංකොල්ලට සම්බන්ධයෙන් ගුණසේකර මහතා උදාහරණ සහිතව පැහැදිලි කිරීම් කළේය.
 
සමන්ත ගුණසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ සීඑස්ආර් ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව අංශයේ නිර්මාතෘවරයා වන්නේ ද සමන්ත ගුණසේකර මහතාය. සිංහරාජයේ මාර්ගයක් ඉදි කිරීමට එරෙහිව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය තවත් පරිසරවේදීන් පිරිසක් එකතු කරගෙන එම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණි.
 
පරිසරවේදී වෑකඳවල රාහුල හිමියෝ ද,  අශෝක ස්ටීවන්  පියතුමෝ ද, මහාචාර්ය ජිනදාස කටුපොත, පරිසරවේදී සජීව චාමිකර, ආචාර්ය ප්‍රසන්න කුරේ යන මහත්වරු ද මෙහෙදී අදහස් දැක්වූහ. 
 
මෙම සම්මන්ත්‍රණයේ දී අදහස් දැක්වූ පරිසරවේදී වෑකඳවල රාහුල හිමියෝ මෙසේ කීහ.
 

‘‘ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝකයේ රටවල් රැසක් අවධානය යොමු කර තිබෙනවා. පවතින පරිසර හානිය දිගටම සිදුවුණොත් තවත් වසර දහයකින් ලෝක උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකට ආසන්න අගයකින් ඉහළ යන බව විද්‍යාඥයන් පෙන්වලා දීලා තිබෙනවා. මේ නිසා ලෝකයේ බොහෝ රටවල් පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා නව නීති  සකස් කරනවා.
 
එහෙත් ලංකාවේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් . 1988 වසරේ සිට යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ අධි රක්ෂිත වනාන්තරය පවා විනාශ කිරීම   ආණ්ඩුවේ අනුදැනුම ආරම්භ වෙලා තිබෙනවා.   සිංහරාජ අධි රක්ෂිත වනාන්තරයේ කලවාන, වැද්දාගල, කුඩව පිවිසුම ආශ්‍රිතව නීතිවිරෝධී ලෙස අඩි දහයක් පළල මාර්ගයක් ඉදිකරමින් තිබෙනවා.   ඉන්ටර්ලොක් ගල් අල්ලා, කොන්ක්‍රීට් කාණු සහිතව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන මෙම මාර්ගය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුඩව කාර්යාලය අසල සිට අධි රක්ෂිත පිවිසුම දක්වා ඇති අධි සංවේදී කලාපයේ  විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍ර යොදාගනිමින් සකස් කරනවා.. අධි රක්ෂිතයකට අදාළ වන සියලු නීති රක්ෂිතයෙන් පිටත මීටර් පන්සියයක් යනතුරු ඒ ආකාරයෙන්ම අදාළ වෙනවා.  එසේම සිංහරාජ ලෝක උරුම අධි රක්ෂිත වනාන්තරය ආරක්ෂා කරගැනීමේ අරමුණින් රටක් ලෙස අප ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවකටද අත්සන් කරලා තිබෙනවා. 1992 එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ සංවර්ධන සම්මුතිය, 1992 මිනිසා සහ ජෛව ගෝල වැඩසටහන ඒ අතරින් කිහිපයක්.
 
රජය කියන්නේ මේ මාර්ගය 1972 වසරේ සිට පැවති එකක් බවයි. ඒක ඇත්ත. සමගි පෙරමුණු ආණ්ඩුව පැවැති කාලයේ තුනී ලෑලි සංස්ථාවට දැව ගෙන යෑමට මේ මාර්ගය කපලා තිබෙනවා. එහෙත් ඒ වන විට සිංහරාජය අධි රක්ෂිතයක් ලෙස හෝ ජාතික උරුමයක් ලෙස හෝ ලෝක උරුමයක් ලෙස හෝ නම් කර තිබුණේ නැහැ. එම නිසා පෙර පාරක් තිබුණු බව කීම දැන් අදාළ වෙන්නේ නෑ.  1978 වසරෙන් පසු මේ ප්‍රදේශයේ කිසියම් ආකාරයක ඉදිකිරීමක් හෝ එවැනි සංවර්ධන කටයුතු සිදු කිරීම නීතිවිරෝධීයි.
 

ආණ්ඩුව නියෝජනය කරන මේ පාර්ශ්වයන් පවසන තවත් කරුණක් වන්නේ මේ මාර්ගයෙන් ප්‍රදේශවාසීන්ට, විශේෂයෙන්ම පාසල් ළමුන්ට වාසි රැසක් සැලසෙන බවයි. එහෙත් මේ මාර්ගයෙන් යෑම්-ඊම් පහසුකම් සපයාගත හැක්කේ පවුල් තුනකට පමණයි. එයින් එක් පවුලක් වන්නේ සිංහරාජයේ සුප්‍රකට මාටින් විජේසිංහ හෙවත් මාටින් මාමාගේ පවුලයි. මාටින් මාමා මේ මාර්ගය ඉදිකිරීමට විරෝධය පළකරලා තිබෙනවා. අනෙක් පවුල ඔහුගේ දියණියගේ පවුලයි. තවත් එක් පවුලකට අවශ්‍ය නම් මේ මාර්ගයෙන් යා හැකිය. එහෙත් එම පවුල් තුනම පවසන්නේ කුඩව ගම මැදින් ඇති මාර්ගයෙන් යෑම්-ඊම් කිරීම තමන්ට වඩාත් පහසු බවයි. එසේම මේ පවුල් තුනට සිටින පාසල් යන වයසේ ළමුන් කිහිප දෙනා කිසිදිනෙක කැලෑ පාරෙන් නොයවන බවත්, ගම මැද පාරෙන් පාසල් යවන බවත් ඔවුන් කියනවා. ආණ්ඩුවේ පාර්ශ්ව කියන කතා සියල්ල බොරු.
 
ණය අරගෙන මෙතරම් වියදමක් දරලා  මේතරම් බොරු කියමින් කිලෝමීටර් එක හමාරක් දුරට මෙසේ නීතිවිරෝධී මාර්ගයක් හදන්නේ ඇයි? 2013 වසරේදී අපි පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සකස් කළ ජාතික භෞතික සැලැස්ම යටතේ සිංහරාජය දෙබෑ කරමින් කලවාන, කුඩව පිවිසුමේ සිට දෙනියාය, පිටදෙනිය පිවිසුම දක්වා සිංහරාජය මැදින් මාර්ගයක් ඉදිකිරීමේ සැලැස්මක් තිබුණු බවයි. මේ නීතිවිරෝධී මාර්ගය එහි පළමු පියවරයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගිය පාරේම යන මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මේ නීතිවිරෝධී ගමනට එරෙහි විය යුතුයි. මුහුණු වෙනස් වුණාට වැඩ වෙනස් වෙලා නෑ.‘‘

 



අදහස් (2)

මහා ජාන මංකොල්ලයක් ගැන හිටපු රේගු අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්

Bamunuarachchi Wednesday, 06 February 2019 11:51 PM

මේ කාලකන්නි එජාප රජය පැවතුනොත් 2020 වෙනවිට රටත් විනාසකොරලා අපිවත් විනාශ කොරලා තමයි යන්නේ. එජාපයෝ පමණක් විනාශ වෙනවානම් කමක් නැත.

:       174       570

චමින්ද Saturday, 09 February 2019 02:04 AM

බමුණුආරච්චි දන්නේ නැද්ද 2012 දී පමණ කලවාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමේදීත්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදීත් එවකට ආසනයේ පාලක පක්ෂ සංවිධායකතුමා සිංහරාජයේ අලින් එලවන්න විශාල උත්සාහයක් ගත්තා කියලා එතැන්සිට තමයි මේ විනාශවීම් පටන්ගත්තේ... එහෙම තිබියදී එජාපයට බනින්න පෙර මුල්ලේරියාවට ගොස් මොළයක් තිබේදැයි බලාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31161 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13299 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 890 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site