
(නිමල් ජයරත්න)
රසායනික පොහොර ගැටළුව නිසා මෙවර මහ කන්නයේදී පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරය යටතේ වී වගා නොකළහොත් රජයට රුපියල් කෝටි 280 ක ආදායමක් අහිමි වන බව පොලොන්නරුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ දිස්ත්‍රික් සභාපති ජගත් අරුණ කීර්ති මහතා පවසයි.
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ඒකාබද්ධ ගොවි සංවිධානය කැදවූ මාධ්‍ය සාකච්ඡාවකදි මේ බව අවධානරණය කළේය. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සභාපතිවරු රැසක් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.
අපි ආයේ රසායනික පොහොර ඉල්ලලා උද්ඝෝෂණයක කරන්න කොළඹට එන්නෙ නෑ. අපි මෙවර මහ කන්නයේ වි වගා කිරීම වර්ජනය කරන්න තීරණය කළා.
රජය රටින් රතු කුඩු වගයක් ගෙන්වලා. මේ මහපොළොවත්, වී ගොවිතැනත් අමු අමුවේ මරන්න හදනවා.ඒ ගෙන්වන රතු කුඩු මේ පසට,කොතරම් සුදුසුද යන්න කිසිදු පරීක්ෂණයක් කර නැහැ. ඒ නිසා අපි රජයට කියනවා කරුණාකරල මහ කන්නයේ වී වගා කිරීමට රසායනික පොහොර වහාම ලබා දෙන්න කියලා.
කාබනික පොහොරවලින් වී වගා කරන්න කැමතියි කියලා ජාතික ගොවි සම්මේලනය දී ගොවි සභාපතිවරුන් කීප කීපදෙනකු කැමතියි කියලා කෘෂිකෂිකර්ම ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශයක් කරලා තිබුණා.ඒක අමූලික බොරුවක් කිසිම ගොවි නායකයකු එහෙම ප්‍රකාශයක් කර නැහැ.
පොළොන්නරුවේ ගොවීන් හැටියට අපි ඒකමතිකව තීරණය කළා කාබනික පොහොරවලින් වී වගා කරන්නෙේ නෑ කියලා. අපි රටේම ජනතාව මේ කියන්නේ ඉදිරි කන්නයේදී බත් කන්න ලැබෙන්නේ නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ රට සාගතයක් කරන්න එපා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ. අපි ගඩා ගෙඩි කාලා හරි ජිවත් වෙලා ඊලඟ පාරත් මේ හොරු ටිකටම ඡන්දේ දෙනවා.
ඒකට මොකද? කෘෂි ඇමති කෝටි 8ක් දීලා කාබනික ඇඩ් කෙරුවනේ... ඒ හොදටම ඇති. කුඹුරක් පය ගැටුනු නැති බී ඇන්ඩ් එස්ලා... තවත් බාගෙට තැම්බුනු බිත්තර වගේ එලොවටත් නැති මෙලොවටත් නැති ළපටි නළු නිළියෝ කාබනික පෝරෙන් ගොවිතැන් කරන මැජික් එක ගමේ ගොයියන්ට හරි අපූරුවට කියා දුන්නේ.. ඒ මදිද? කාබනික පෝර ගැන කතා වෙද්දිම ඇඩ් හදලා රට ස්වයංපෝෂිත කරලා ඉවරයි. ඔන්න ආණ්ඩුව පිටිපස්සේ ඉන්න මුදලාලිලාගේ තරම. වෙච්ච දේකුත් නෑ කෝටි ගානක් වියදම් කරලත් ඉවරයි. ඊළඟ සැරෙත් මේ කට්ටිය හදන ඇඩ් බලලා ඡන්දෙ දෙන්න පිංවතුනේ....
කොරෝනා නිසා අපේ සර් ෆේල්
ආණ්ඩුව මේ කොරෝනා අස්සේ එක එක විකාර කරන්නේ නැතුව ගොවියන්ට අවශ්‍ය පොහොර ටික ගෙනත් දුන්නානම් මෙහෙම වෙන්නේ නැහැ.
මේක බක පණ්ඩිතයින්ගේ ආණ්ඩුවක්. ගොවි ජනතාවගේ ඉල්ලීම් තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. අන්තිමට. වෙන්නේ සහල් ගිනිගනන් වලටවත් හොයාගන්න බැරිව හාමතේ මැරිල යන්න තමයි.