
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඉදිරිපත් කර තිබූ රුපියල් ලක්ෂ දහ නවයක සංවර්ධන යෝජනාවක් , රතු පෑනින් කපා කොටා , මකා දමා, රුපියල් ලක්ෂ දහ තුනක ට අඩු කොට , ගෙවීම , විනිවිදභාවයෙන් තොර ව සිදුවූවක් බව පවසමින් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ,මහරගම නගරාධිපතිවරයාට එල්ල කළ චෝදනාවක් හේතුවෙන් , උණුසුම් වූ මාසික මහා සභා රැස්වීම , පැය භාගයක් ඇතුලත අවසන් කිරීමට , මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා (24) පියවර ගත්තේය .
මෙම විරෝධතාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි පස් දෙනාගෙන් විසි එක් කෙනකු,ස්වාධීන මන්ත්‍රීවරයකු,සහභාගි වූ අතර ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් , නමදෙනා ,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී වරයා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා විරෝධතාවට සහභාගි නොවීම විශේෂ කරුණක් ලෙස දක්නට ලැබුණි .
මෙම විරෝධතාවට හේතුවූයේ මහරගම පමුණුව ප්‍රදේශයේ පෙරමුසු අංගනයක් ඉදිකිරීමට පසුගිය මහා සභාවේ දී , රුපියල් ලක්ෂ 19ක යෝජනාවක් ඉදිරිපත් කර තිබූ අතර , ඊට ,පාලක පක්ෂයෙන් එල්ල වූ විරෝධතාව හේතුවෙන් , ඉන් රුපියල් ලක්ෂ 6ක මුදලක් අඩුකොට , රුපියල් ලක්ෂ 13 ක් ගෙවා තිබීම බව පැවසේ.
එසේම ඉදිරිපත් කර තිබූ එම යෝජනා රතු පෑනෙන් කපා කොටා මකා දමා ඉදිරිපත් කිරීම විනිවිද භාවයෙන් තොරව සිදු වූවක් බැවින් මේ තුල මූල්‍ය වංචාවක් සිදුව ඇති බව පවසමින් මන්ත්‍රීවරු මෙසේ විරෝධතාවය නියැලුණහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ වර්තමාන දූෂිත දේශපාලන ක්‍රම වෙනස් කිරීමට ජනතාව පෙළ ගැසෙමින් සිටියි. ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්ව පාර්ලිමේන්තුව තුළදී සිදුකරනලද මත්පැන් පානය, ගුටිබැට හුවමාරු, කතානායකවරයාගේ අසුන පෙරලා, සෙංකොලය පැහැරගෙන යාම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් තුළ සිදු නොවිය යුතු බොහෝ සිදුවීම් පිළිබඳව ජනතාව සිටිනුයේ දැඩි කලකිරීමකින් වේ. ඉදිරි මැතිවරණයේදී අවංක, දූෂිත නොවන කණ්ඩායමකගේ නාමලේඛනයක් ජනතාවට ඉදිරිපත් කරන ලෙස ජනතාව නුදුරේදීම ඉල්ලා සිටිනු ඇත. මේ වනවිට තරුණයින් ඉල්ලා සිටිනුයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් කඩකළ කිසිවකුට ඔවුන්ගේ ඡන්දය ලබා නොදෙන බවකි. ඉදිරියේදී ශ්‍රී ලංකා දේශපාලනයේ සිදුවීමට නියමිත ප්‍රබල දේශපාලන සුනාමිය පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකු අවධානය යොමු කර තිබේ. මෙම සිදුවීමට නියමිත දේශපාලන සුනාමිය දූෂිතයන් ඉවත් කොට ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයට යොමු කරනු ඇත...
ශ්‍රී ලංකාවේ වෛරී දූෂිත දේශපාලනයට තිත තැබීමට නම් ජනතාව කළයුතු වන්නේ කුමක්ද?
මෙතන මා දැක්ක ලොකුම ප්‍රශ්නය තමා මහරගම නගර සභාවේ මන්ත්‍රීවරු 41 දෙනෙකු සිටීම. මෙතන අවශ්‍ය සංඛ්‍යාව මෙන් දෙගුණකටත් වඩා මන්ත්‍රීවරු ඉන්නවා. අද ලංකාවේ හැම පළාත් පාලන ආයතනයකම තත්වය මෙහෙමයි. මේ අයට ගෙවන්න මොනතරම් මහජන මුදලක් නාස්ති වෙනවාද? පසු ගිය පළාත් පාලන මැතිවරණයට පෙර මේ වගේ තත්වයක් තිබුනේ නැහැ. මේ තත්වය ඇති කළේ එවකට හිටපු පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා විසිනුයි. මහජන මුදල් කාබාසිනියා කරන මේ නීති වෙනස් විය යුතුයි.
රතු පෑනෙන් කපා කොටා දැමිය නොහැක... 6" වත් මන්න පිහියක් භාවිතා කරන්න.. ලංකාවේ පවතින අකාර්යක්ෂම සහ විනයක් නැති නූගත් නගර සභාවක් සර්...
මා සිත ළඟම නැවතිලා කියලා ලියපු බෝඩ් ලෑල්ල අල්ලන්න සර්... ඔක්කොම හරි..
ඔය නගර සභා ප්‍රාදේශීය සභා පළාත් සභා වලින් මුල්‍ය බලතල ඉවත් කරලා ව්‍යාපෘති අධීක්ෂණය ප්‍රමුඛතාවය ලබා දීම වගේ නිර්දේශ විතරක් කරන්න ඉඩ දෙන්න ඕන
ඔය කියන විදියට මහරගමට පොහොට්ටු මන්ත්‍රීවරු නැහැ .බයිසිකලයෙන් ඉල්ලපු ස්වාධීන කණ්ඩායමක් දින්නේ .හිටපු නගරාධිපති පොහොට්ටු අපේක්ෂකයින්ගේ නාම යෝජනා කැන්සල් උනා .දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ හිටපු නගරාධිපතිට ඒ තැනට එන්න .මෙතන කව්රු හරි වැරදි වුනත් හිටපු නගරාධිපති නම් නගරාධිපතිකමට ගෙන්න එපා