IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහින්ද අගමැති කළ හැටි ජී.එල්. පහදා දෙයි

(බිඟුන් මේනක ගමගේ සහ හර්ෂණ තුෂාර සිල්වා)

නව අගමැතිවරයා පත්කිරීම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් යැයි එක්සත් ජාතික පක්ෂය නඟන චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයා සියලු කටයුතු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට පැවැරී ඇති බලතල අනුව බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

19 වැනි සංශෝධනයේ 42(4) වගන්තියේ සඳහන් පරිදි ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබූ බවත් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් රට නොසන්සුන් කිරීමෙන් වළකින්නැයි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවත් මහාචාර්ය පීරිස් මහතා කීය.

මහාචාර්යවරයා නව අගමැතිවරයා පත්කිරීමේ නීතිමය තත්ත්වය ව්‍යවස්ථාව ඇසුරෙන් පැහැදිලි කළේ මෙසේය. 

මෙහිදී වැදගත් වන්නේ අගමැතිතුමා නිලයෙන් ඉවත් වුණා යැයි නිගමනයට එළැඹිය හැක්කේ කවර අවස්ථාවකදී ද යන්නයි. 19 වැනි සංශෝධනයේ 2 වැනි වගන්තියේ මෙය පැහැදිලිව නිර්වචනය කර තිබෙනවා. 

අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්වන්නේ ද ඒ තාක්කල් ස්වකීය ධූරය දරන්නේය යනුවෙන් එහි සඳහන් වෙනවා. අමාත්‍ය මණ්ඩලය ක්‍රියා විරහිත වුවහොත් අනිවාර්යෙන් අගමැතිවරයාට එම තනතුර අහිමි වෙනවා. 

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරූ අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම 26 සවස අවසන් වුණා. එය සිදුවුණේ මෙහෙමයි. 

19 වැනි සංශෝධනය සම්මත වූ දින සිට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිටිය හැකි අමාත්‍යවරු උපරිම සංඛ්‍යාව 30 යි. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු උපරිමය එක්ක 70 යි. ඒ කියන්නේ සෙසු ඇමැතිවරු 40යි. හැබැයි මේ සීමාව බල නොපාන එක් අවස්ථාවක් තිබෙනවා. 46(4) මෙය පැහැදිලිව තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති පක්ෂය වෙනත් පක්ෂයක් සමඟ හවුලේ ආණ්ඩුවක් ඇතිකර ගන්නවා නම් එවන් අවස්ථාවකදී අර උපරිම සීමාව බලපාන්නේ නෑ. ඒක ව්‍යතිරේඛයක් යයිද ජී.එල්. පීරිස් මහතා පැවසීය. 



අදහස් (4)

මහින්ද අගමැති කළ හැටි ජී.එල්. පහදා දෙයි

Nishantha Sunday, 28 October 2018 11:18 AM

අනේ මන්දා මටනම් මුකුත් තේරෙන්නේ නැහැ. දැන් එතකොට ඩොලරයේ අගය අඩුවෙයිද?

:       206       216

Pothe gura Monday, 29 October 2018 12:22 AM

අපේ පොතේ එසේ කියා ඇතේ.............

:       0       0

sandy Sunday, 28 October 2018 02:05 PM

මේ කට්ටිය හිතන් ඉන්නේ අපිට පිස්සු කියලා...

:       0       0

benat Sunday, 28 October 2018 03:57 PM

කිසිම පැහැදිලි කමක් නැහැ ඔය නීතියේ . දැන් එතකොට ඔය නීතියේ හැටියට පාර්ලිමේන්තුවේ තියෙන ආසන 225 න් 200 ක් ගත්ත පක්ෂයකටත් ආසන 2 ක් ගත්ත පක්ෂයක් එක්ක එකතුවෙලා හිතේ හැටියට ඇමතිවරු වැඩිකරගන්න පුළුවන්නේ. මොකක්ද ඔය නිතිය? මේ රටේ ජනතාව ඔක්කොම මොලේ නැති අය කියල හිතලද ඔය නීති හදන්නේ? උසාවියක එක නඩුවක් ඉවරවෙද්දි නඩු 1000 ක් පටන් ගන්නවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site