IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මහාචාර්ය ගංගානාත් දිසානායකගේ අභාවයට ජපානයෙන් ශෝක පණිවුඩයක්

මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ අභාවය වෙනුවෙන් බලවත් ශෝකය සහ කනගාටුව පළ කරන බව කොළඹ ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම වෙනුවෙන් මහාචාර්ය දිසානායක මහතාගෙන් ලද දායකත්වයට ගරු කිරීමක් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියම අකිරා මහතා වෙනුවෙන්, වැඩබලන තානාපති කිටමුරා ටොෂිහිරෝ මහතා මහාචාර්ය දිසානායක මහතාගේ නිවස වෙත ගොස් ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත සංවේගය පළ කළ බව ද එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.

‘‘2020අගෝස්තු මස 11 වන දින සිදුවූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ අභාවය පිළිබඳව ජපාන තනාපති කාර්යාලය සිය බලවත් ශෝකය හා කනගාටුව ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම වෙනුවෙන් මහාචාර්ය දිසානායකයන්ගෙන් ලද දායකත්වය උදෙසා ගරු කිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු සුගියම අකිරා මහතා වෙනුවෙන් අගෝස්තු 12 වන දින මහාචාර්ය දිසානායකයන්ගේ නිවස වෙත පැමිණි වැඩ බලන තානාපති කිටමුරා ටොෂිහිරෝ මහතා විසින් සිය බලවත් ශෝකය හා සංවේගය එතුමාගේ පවුලේ ආදරණීයයන් වෙත දක්වා සිටිනු ලැබීය.

ජපානය සමග මහාචාර්ය දිසානායකයන්ගේ පැවති දිගු කාලීන මිතුදම එතුමා වර්ෂ 2015 දී ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීමටත් පෙර ඈතට දිව යයි. 

හිටපු තානාපතිවරයා විසින් ජපානයේ ටොකායි විශ්ව විද්‍යාලයේ දී සිය ශාස්ත්‍රපති හා ආචාර්ය උපාධි හැදෑරූ 90 දශකයේ මුල් භාගයේ පටන් එරට හා එහි ජනතාව පිළිබඳව බොහෝ සෙයින් ආදරය හා දයාව දක්වන ලදී.

ජන සන්නිවේදනය පිළිබඳව බෙහෙවින් උද්යෝගිමත් වූ, එමෙන්ම කීර්තිමත් සිංහල භාෂාවේදියකු ද වූ මහාචාර්ය දිසානායකයන් ජපානයේ විවිධාකාරයේ විශ්ව විද්‍යාල හා ආයතනයන් හි නොයෙක් ආකාරයෙන් සේවය කර ඇති අතර ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවයේ නියුතු අංකුර රාජ්‍ය තාන්ත්‍රිකයින් හට සිංහල භාෂාව පිළිබඳව පරිණත විශේෂඥයින් බවට පත්වීම සඳහා මග පෙන්වීමද සිදුකර ඇත.

මහාචාර්ය දිසානායකයන් විසින් රචිත ශ්‍රී ලාංකික හා ජපාන යන දෙරටේම පාඨක සමූහයා අතර ප්‍රචලිත, නිර්මාණාත්මක රචනාවන් තුළින් දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා ප්‍රවර්ධනය කරනු වස් එතුමා තුළ තිබූ නොතිත් උද්යෝගය පිළිබිඹු වන අතර, දෙරටෙහි සංස්කෘතීන් හා මිත්‍රත්වය යා කිරීම උදෙසා එතුමා විසින් දක්වන ලද අප්‍රතිහත දායකත්වය වෙනුවෙන් එතුමා ගෞරවාදරයට පත්වී ඇත. 

විශේෂයෙන් කිවතොත් ජපානය පිළිබඳව සහකම්පිත ප්‍රතිරූපය විදහා දැක්වෙන පැණි වළලු, ලිපි එකතුව තුළින් එතුමාගේ ළබැඳි රට පිළිබඳව එතුමා තුළ රැඳී තිබූ හෘදයාංගම දැක්ම කුළු ගැන්වී පෙනේ.

එතුමා වැනි ඉමහත් ගෞරවයට පත් පෞරුෂ සළකුණක අහිමි වීම ශ්‍රී ලංකාව සහ ජපානය යන දෙරටටම ප්‍රතිස්ථාපනය කළ නොහැකි පාඩුවක් වන නමුත් ඔහු තුළ තිබූ නොපිරිහෙන ජීව ගුණය අප හදවත් ගැඹුරේ නින්නාද වන අතර අප ඉදිරියේ ඇති මාවත දීප්තිමත්ව ආලෝකමත් කිරීමට උපකාරී වනු ඇත.

මේ මොහොතේදී බලවත් ශෝකයට හා වේදනාවට පත් එතුමාගේ පවුලේ ආරණීයයන් හා අපද අත්වැල් බැඳගන්නෙමු.

එතුමා වෙත අමා මහ නිවන්සුව ප්‍රාර්ථනා කරන්නෙමු.’’

055

 



අදහස් (0)

මහාචාර්ය ගංගානාත් දිසානායකගේ අභාවයට ජපානයෙන් ශෝක පණිවුඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site