IMG-LOGO

මිරිසුවිල් ඝාතනයේ සැරයන් නිදහස් කළාට ටී එන් ඒ අප්‍රසාදය

(එෆ්.අස්ලම්)
 
යාපනය මිරිසුවිල්හි පුද්ගලයින් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඩුවම නියමව සිටි යුද හමුදා නිළධාරියෙකු ජනපති සමාව ලබා දීම පිළිබද  දෙමළ ජාතික සන්ධානය අප්‍රසාදය පළකර සිටී.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන්  කරන්නේ මෙය රටේ වත්මන් තත්වය උපයෝගී කරගනිමින්   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ අවස්ථාවාදී තීරණයක් බවය.

2000 වසරේ දී යාපනය මිරුසුවිල් ප්‍රදේශයේදී පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ  සැරයන් සුනිල් රත්නායකට කොළඹ මහාධිකරණය විසින් 2015 වසරේ දී මරණ දඩුවම නියම කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා (26) වැනිදා තමන්‍ට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති සමාව ලබා දී සුනිල් රත්නායක මහතා නිදහස් කරනු ලැබීය. ඒ පිළිබඳ මාධ්‍ය වෙත දහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේය.
 
මෙම සිද්ධියේ වරදකරු වූ සුනිල් රත්නායක යන අයට ජනපති සමාව ලබා දී නිදහස් කිරීම දැඩි සේ හෙලා දකිනවා.මේ ආකාරයේ සිද්ධීන්ට අදාල නඩු විභාග නොවන අවස්ථාවක බොහෝ දෙනෙකු අභියාචනා ඉදිරිපත් කර තිබියෙදීත් ජනපති සමාව යටතේ නිදහස් කිරීමට සිටි එකම තැනැත්තා සුනිල් රත්නායක පමණද යැයි සුමන්තිරන් මහතා සඳහන් කර සිටී.
 



අදහස් (17)

මිරිසුවිල් ඝාතනයේ සැරයන් නිදහස් කළාට ටී එන් ඒ අප්‍රසාදය

eranda Saturday, 28 March 2020 11:31 AM

මෙක සිංහලයාගෙ රට...

:       18       56

lakmal Saturday, 28 March 2020 11:42 AM

අනේ යන්න... අපේ අහිංසකයිනුත් මරාගත්තානේ...

:       5       133

තරිඳු Saturday, 28 March 2020 11:42 AM

ආ මේ ඉන්නේ... මම හිතුවා ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව.. පවතින තත්ත්වය හමුවේ රට තුල රණවිරුවන් කරන රාජකාරී කටයුතු අගය කරන්න නැතුව ඒ වෙනුවට ජාතිවාදය අරන් ආයිමත් මතුවෙලා.. අමතක කරන්න එපා මේ වෛරසයට ජාති ආගම් බේදයක් නැති බව...

:       27       169

AslamSaturday, 28 March 2020 12:43 PM

මේකට අප්‍රසාදය පල කරලා තියෙන්නෙ සිරිකොතේ ඉඳුල් කාල වලං හෝදන අය වෙන්න ඇති

:       0       0

Devinda Uduwara Saturday, 28 March 2020 11:43 AM

මෙ තත්වය උග‍්‍රවිය හැකිය

:       129       4

jayath Saturday, 28 March 2020 12:02 PM

කරුණා කරලා තමුන්නැහැ අපට කියනවද කලින් ජනපති උතුමාණන් වහන්සේ රෝයල් පාර්ක් එක්කෙනාට සමව දෙන කොට ඔහේ හිටියේ මේ ලෝකේ ද නැත්ද කියල...?

:       1       121

අතුල Saturday, 28 March 2020 12:04 PM

අවුරුධු 5 කුඩා දරුවෙකු ඇතුළුව 8 "බෙල්ල කපල" මරපු පුද්ගලයෙකුට නිදහස දීම දීන, නිහීන වැඩක්. ඔය තුප්පහි වැඩේ කරන්න කලින් "ඔහු රණ විරුවෙක්". නමුත් ඔහුට "මරණ දඬුවම" දිය යුතු පුද්ගලයෙක්. ඡන්දෙ ලඟ නිසා බයියො රවට්ටන්න කරපු වැඩක්,

:       440       200

JCN Saturday, 28 March 2020 12:29 PM

සැබෑ ම රණවිරුවොත් අපකීර්තියට ලක්වීමයි වෙන්නෙ. මේ නිදහස් කිරීම මානව සංහතියටම කරපු නින්දාවක්.

:       0       24

සුමිත් Saturday, 28 March 2020 01:08 PM

හමුදාව දෙමල මිනිස්සු මැරුව කියල නඩු දානව LTTE එක සිංහල මිනිස්සු හා හාමුදුරුවෝ මැරුව... ඔය දේශපාලුවෝ කතා කරෙත් නැ නඩු දැම්මෙත් නැ... ඔය සුමන්තිරන්ලව මෙ රටින් තුරන් කරන්න ඔන... එතකොටයි මෙ රටෙි සිංහල දෙමළ සියළු ජාතින්ට එකමුතුවෙන් ඉන්න පුළුවන්...

:       0       1

Ranath Saturday, 28 March 2020 01:26 PM

මේන් අතුල කියන ජෙප්පා ෆෝම් වෙලා...

:       32       10

කෝලිත Saturday, 28 March 2020 01:34 PM

ළමයින්ගෙ බෙල්ලෙ සයිනයිඩ් කරල් එල්ලපු ඇන්ටන් බාලසින්හම්ගෙ බිරිය තාම යහතින් ඉන්නවා නඩු නැතිව. ඒක දැක්කෙ නැද්ද....?

:       0       1

Chamila Saturday, 28 March 2020 02:01 PM

අතුලගේ අදහස් දැක්වීම සම්පුර්ණයෙන්ම දේවේශ සහගතයි.

:       0       1

Perakum Saturday, 28 March 2020 02:04 PM

ආයි අමුතුවෙන් රවට්ටන්න දෙයක් නැහැ. බයියෝ හැමදාමත් බයියෝ තමයි.

:       0       0

chandi Saturday, 28 March 2020 02:07 PM

හමුදා සේබලගේ ක්‍රියාව අනුමත නොකරමි. මෙය අපරාදයකි නමුත් දඩුවම මරණ දඩුවම උවත් මෙය සිදුවී තිබෙන්නේ යුද්දයේ ඉතා බියකරු වකවානුවකයි. සෙබලාගේ මානසික තත්වයද සැලකිල්ලට ගත යුතුයි. මගේ මතයනම් සමවැදීම වේලාසන වැඩියි.

:       1       0

Ranjith Saturday, 28 March 2020 02:13 PM

ඇයි, මතක නැත්ද පොඩි දරුවන්ගේ ඇඟේ බෝම්බ බැඳලා ආමි එක ඉදිරියට එව්වා. මේකත් ඒ වගේ එකක් වෙන්න බැරිද? අනික කොහොමද සුනිල්ව විතරක් අඳුනා ගන්නේ? එක පැත්තකින් තියන්න.... මේක එල් ටි ටි ඊ පාලන ප්‍රදේශයක්... උන් දන්නවා මේ යුනිට් වල කමාන්ඩස්ලාව... එහෙම ට්‍රැප් කරා වෙන්න බැරිද... කොහොම උනත් රෝයල් පාර්ක් එක්කෙනාට සමාව දෙන කොට ඔයා හිටියේ මේ ලෝකේ ද නැත්ද කියල...? ඇමරිකාවේ කිසිම භටයෙක්ව කිසිම රටක අධිකරණයකට ඉදිරිපත් කරන්නේ නැහැ... එහෙමනම් රට බේරගන්න ඉදිරිපත් වූන අපේ සෙබළුන්ව ඇයි අපිට රකින්න බැරි??

:       0       0

prasad Saturday, 28 March 2020 03:08 PM

අතුල , මේ මනුස්සයා මේක කලා තමුන් දැක්කද? සාක්කි දීලා තිබුනේ තවත් කොටියෙක් . පොලිසියේ 600ක් මරා දැම්මම ඔබට වේදනාවක් ඇතිවුනේ නැද්ද? ඇයි කොටි වෙනුවෙන් අඬන්නේ? පොලිසියේ කට්ටිය මැරුවේ රාජකාරි වෙලාවේදී . සුමන්තිරම් ඉතින් ගිනි අවුලන්න බලාගෙනමයි ඉන්නේ . එයාට වෙන මොකුත් වැඩක් නැහැ .

:       30       6

AthulaMonday, 30 March 2020 01:09 PM

කරුණ අම්මාන් තමයි පොලිසියේ 600 ක් මැරුවේ. එකට දඬුවම් දෙනවා වෙනුවට, මහින්ද රාජපක්ෂ කරුණට ඇමති කමක් දීලා, නියෝජ්‍ය නායක කමත් දුන්නා. ඔය සුනිල් රත්නායක වත්, ඔහුට ආදරේ තියෙන ඔබතුමාවත්, අඩුම තරමේ වෙන කෙනෙක්වත්, ඇපෑලක් වත් දැම්මේ නැතිව මොනවද මේ කතා...?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site