පසුගිය පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් දානමය පිංකමක් අද (28) කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්විණි.
එම දානමය පිංකම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිණි.
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරදියේ මාලු බානවා.
හරි. කොහොම හරි ගොඩයන ක්‍රමයක්...
ඔබතුමා කවදත් ලංකාවට ආදරය කරන නායකයෙක් බව නියම සිංහලය දන්නවා
කිංස්බරි, ෂැංග්‍රිලා වගේ ආයතන කාටද ණය කියන එක පෙන්වන අවස්ථාවක්.
හිත ඇතුලෙන් සතුටෙන් ඉපිල යනවා ඇති වුණුදේට... බොර දියේ මාළු බෑම කියන්නේ මේකට.
බෑවත් කිඹුල්ලු යහමින් ඉඳ අහස උඩ... නාන්න වෙන්නේ වැසි නැති හෙණ දඩ... කෙරුවොත් හොඳක් අගයනවා හැමෝම... අැන්දන් එපා අප කිසිවෙක් උඩ බලාගෙන...
කල්ල මරේ ගොඩයාමට කියාපු පාර..
අපේ ආගමේ හැටියට මියගිය අය වෙනුවෙන් දානමය පින්කම් කරන්නේ මියගිය අයගේ වයසට සමාන නැතිබැරි අයට කන්න දීමයි... මේ මොහොතේ ගොඩක් පහසුයි.. මොකද මිනිසුන් සිටින්නේ බඩගින්නේ... මේ ප්‍රශ්නය නිසා ඉතිරි වූ යමක් තිබේ නම් එළියට ඇවිත් බලන්න නැතිබැරි කීදෙනෙක් ඉන්නවද කියල? ඒ අයට කන්න දෙන්න. හාමුදුරුවන් වැළඳුවට පසු මල් වට්ටි පුජා කරන කට්ටියට කෑම අවශ්‍ය නැත...
ආණ්ඩුව තමුන්ගේ වගකීම හරියට ඉෂ්ට කලානම් මේ වගේ එක එක්කෙනාට බැණ බැණ වරද පටව පටව ඉන්න අවශ්‍ය නැහැ. එකම උවමනාව වෙලා තිබුනේ තමුන් සමග නැති පහුගිය ආණ්ඩුවේ උදවියගෙන් පලිගැනීම. දිවාරාත්‍රී වෙහෙසෙමින් කල එකම ක්‍රියාව එයයි.
බොරු වැඩ... මැරුණු මිනිස්සු වෙනුවෙන් යහපත් දෙයක් කරන්නකෝ...
මෙතන අදහස් දක්වන ආණ්ඩුවට කඩේයන උදවියට රනිල් මහත්තයාගේ සිනාමුසු මුහුණෙන් පෙණුන සතුට අමතකද? මහින්ද මහත්තයා නම් රට ගැන හිතනවා. නැත්තම් ෆොන්සේකා මහත්තයා අර වගේ ප්‍රකාශ කරන්නේ නැහැ. මේ ආණ්ඩුවේ වැඩගැන මිනිස්සු දැන් ඕනෑවටත් වඩා දන්නවා.
එක එක්කෙනා දම්මලා ආණ්ඩුවට සපෝට් එකට කමෙන්ට් දැම්මට මිනිස්සු රැවටෙන්නේ නැහැ.. එන්නකෝ ඊළඟ ඡන්දෙ කවද හරි.. දෙන්නම් ජම්බු..!
මෙතන තියෙන සමර අදහස් දැක්කහම හිතෙනවා මේ මිනිසුන් මැරිලා ඉපදිලවත්ද කියල?මෙවැනි යහපත් දෙයක් කරත්දීත් තියෙන කුහක කම ගැනනම් කම්පා වෙනවා.