
(ප්‍රියාණි මංගලිකා)
කොටවෙහෙර ප්‍රදේශයේ වන අලි පලවා හැරීමට ගිය නිකවැරටිය වනජීවි නිලධාරීන්ගේ වාහනයට අද (12) මිනී මරු දළ ඇතාගේ පහරදීමට ලක් වූ බව වනජීවි අංශ සඳහන් කරයි.
වාහනයේ ඉදිරිපසට දළ වලින් පහර දෙමින් වාහනය අඩි 15ක් පමණ පසුපසට තල්ලු කරමින් වාහනය පෙරළා දැමීමට උත්සාහ දරද්දී දළ ඇතාට වෙඩි තබා නිලධාරීන් අට දෙනෙකු දිවි බේරා ගත් බවද වනජීවි අංශ සඳහන් කරයි .
මිනීමරු වල් අලියා පෙර දින සිදුකළ පහරදීමෙන් පුද්ගලයකු මරණයට පත්ව ඇති අතර එදිනම සිදුවූ තවත් පහර දීමකින් ගොවියකු සහ රෝහල් සේවකයකු රෝහල් ගතකර තිබේ.
ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති 100 පමණ වූ වල් අලි රංචුව හේතුවෙන් සම්පූර්ණයෙන්ම ජනජීවිතය අවුල් වී,ජනතාව මර බියෙන් ජීවත් වන බව ගම්මු පවසති.
මෙම දරුණු ඇතා සහ ජීවිත තුනක් බිලි ගත් මිනී මරු අලියා අල්ලා රැගෙන යන ලෙසත් සෙසු අලි රංචු පලවා හැරීමට පියවර ගන්නා ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනීමරු දළ ඇතා වනජීවියේ වාහනයට පහර දෙයි
anura Sunday, 13 September 2020 01:28 AM
මෙවැනි සතෙකු "මිනීමරුවෙකු " ලෙස හැඳින්වීම කණගාටුවට කරුණකි. මිනිසුන් අඛණ්ඩව එම සතුන්ගේ වාස භූමි ආක්‍රමණය කර උන්ට ඉන්න හිටින්නට තැනක් නැතිව එම සතුන්ගේ දරු මල්ලන් රැගෙන දුවනවා දැකීම මේ දිනවල සුලභ දර්ශනයකි. මිනිසුන් එම සතුන් "මිනීමරුවන් " ලෙස හැඳින්වනවා ලෙසම එම සතුන් මිනිසුන් කුමන නමකින් හඳුන්වනවා ඇත්ද? අතීතයේදී ඇමෙරිකාව සුදු ජාතිකයන් ආක්‍රමණය කිරීමෙන් පසු ස්වදේශික රතු ඉන්දියානුවන් හැඳින්වූයේත් ඔවැනි නම් වලිනුයි.
ලුම්බිණි Sunday, 13 September 2020 01:31 AM
මේ සතා මරණකම් බලාගෙන ඉන්නේ නැතුව මේ පැත්තෙන් පලවා හරින්න කටයුතු කරන්න. කොහොමත් තව ටිකකලකින් මේ සියලු වන සතුන්ට ඉන්න තැන් නැතිවීගෙනනේ යන්නේ...
thilak Sunday, 13 September 2020 11:15 AM
කෝ මේ කොළඹ ඉඳන් බෙරිහන් දෙන පරිසරවේදියෝ ටික?
sam Monday, 14 September 2020 05:18 AM
වැඩ දන්න මිනිස්සුන්ගේ අඩුව. නිර්වින්දනය කරන්න දන්නේ නැද්ද හරියට..?
නෙවිල් Tuesday, 15 September 2020 09:53 AM
ඇතාගේ තත්වේ ගැන සඳහනක් නෑනේ?