


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ලෝකයේ විවිධ රටවල මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ රටවල සේවයේ නියුතුව සිට මේ වනවිට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටින සහ අනෙකුත් ගැටළු වලට මැදිවී සිටින ශ්‍රමිකයන් වහාම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස රජයට බලකර සිටීමේ නිහඬ උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී අද (19) පැවැත්විණ.
ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව විසින් මෙය සංවිධානය කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය ඇතුළු එම එකමුතුවේ සාමාජිකාවන් රැසක් ද , මැදපෙරදිග කලාපයේ රටවල සේවයේ නියුතුව සිට මේ වනවිට කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රමිකයන්ගේ පවුලේ ඥාතීන් ද සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපලේදී මුදල් ගෙවන්නෙමු. හෝටල් සමඟ රක්ෂණය නොමිලේ ලබාදෙන්න...
තව ටික දවසක් ඔහොම ඉන්න... ගෙන්නගන්න තමයි උත්සාහය...
මෙහෙම හරි මැද පෙරදිග ශ්‍රමිකයින් ගැන හඬක් නගන්න ඉදිරිපත් වීම ගැන ඔබ හට ස්තුතිය පුදකරමි.
මැදපෙරදිග සිට පැමිණෙන අය එම රටේදී PCR පරීක්ෂණය කර එය පොසිටිව් නොවේ නම් පමණක් ලංකාවට ඒමට අවසර ලැබේ. ලංකාවට ආවට පසු නැවත PCR පරීක්ෂණය කර එයද පොසිටිව් නොවේනම් තම නිවෙසේ නිරෝධායනය වීමට අවස්ථාව ලබාදිය යුතුයි. එම තැනැත්තා නිවසට යන්නේ කොරෝනා රෝගය වැළඳී නැතිබවට සහතිකයක් ඇතුව... නමුත් ලංකාවට අාවට පසු අසාධාරණ ලෙස මුදල් අයකර හෝටල්වල නිරෝධායනය විය යුතුයි. තවදුරටත්, ලංකාව තුල ජීවත්වන අය සමාජය අතරට යන්නේ එවන් සහතිකයක් නැතුවයි. අද වනවිට ලංකාව තුළ කොරෝනා ව්‍යාප්ත වී ඇත. මෙවන් තත්වයක් යටතේ කොරෝනා නැතිබවට සහතිකයක් ඇතිව නිවසේ නිරෝධායනය කිරීම කළ යුතුමයි. එසේ නොකරන්නේ, මිනිසුන් අසරණ වන අවස්ථාවේදීත් ඔවුන්ගේ මුදල් සූරා කන පිරිසක් සිටින බැවිනි. ඉහළ තනතුරු දරන අය මෙය නොදන්නවාම නොවේ...
ඔය අරාබියේ ගෙවල්වල වැඩකරන ලංකාවේ මිනිස්සු වගේද? යුරෝපයේ වැඩකරන යුක්‍රේන කාරයින්.
මම ගෝඨාභයට ඡන්දෙ දෙන්න අතින් එයාර් ටිකට් අරගෙන ඇවිල්ලා ඡන්දෙ දුන්නේ.. එහෙම කරපු අපිට දැන් අපේ රටට එන්න විදිහක් නැහැ. මම දැන් ලැජ්ජා වෙනවා. පසුතැවෙනවා එදා කළ අපරාධයට... දැන් අපේ රටට විදේශිකයෝ එනවා කැමැති කැමැති වෙලාවට... අපිට බැහැ එන්න... අපිට බොරු කළා...
ඔය කියන්නේ ජනාධිපතිවරණ ඡන්දෙදී සිංහ කොඩි දාගෙන ආපු අයවද අපේ හාමුදුරුවනේ?
පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කොඩි උස්සගෙන, අතින් ගුවන් ටිකට් අරගෙන ආපු අපේ ශ්‍රමිකයින්ට නේද අද මේ ඉරණම වෙලා තියන්නේ?
රජයට විදේශ සංචාරකයන් ගෙනත් ඩොලර් උපයන්න තියෙන උනන්දුව, දැනටමත් රටට වැඩිම ඩොලර් උපයලා එවන මැද පෙරදිග විදේශගත ශ්‍රමිකයන් ගෙන්වන්න තිබ්බා නම් කොයිතරම් හොඳද..? වැලිකතරේ ගිනි අව්වේ අනුන්ගේ ගෙවල්වල බැල මෙහෙවර කරලා... රෑ එළි වෙනකම් අනුන්ගේ ළමයි බලලා උපයන සොච්චම් මුදල රජයට කඩේ යන කෝටිපති හොටෙල් ජාවාරම් කාරයින්ට පුදලා හිස් අතින් ගෙදර යන්න වෙලා තියෙන්නේ.
එයාර්පෝර්ට් එකේ ටෙස්ට් කරලා නෙගටිව් නම් ගෙදර... නිරෝධායනය වෙන්න අවස්ථාව සලසලා දෙන්න. දුප්පත් මිනිස්සුන්ට තරු 4,5 හෝටල්වලට ගෙවන්න සල්ලි නැහැ මහත්වරුනේ.. ඔයාලගේ කෝටිපති යහළුවෝ සතුටු කරන්න මැදපෙරදිග ගිහිල්ලා එන දුප්පත් මිනිස්සුන්ව හූරගෙන කන්න එපා. ලෝකේ කොහේවත් රටක මෙහෙම කරන්නේ නැහැ ලංකාවේ ඇරෙන්න.
අද තනිකරම විදෙස් ශ්‍රමිකයන් ගෙන්වීම ව්‍යාපාරයක් වෙලා. තනාපති කාර්යාලවලට කතාකළත් ඉස්සෙල්ලම අහන්නේ හෝටල් වලද නිරෝධායනය වෙන්න කැමති කියලා. ඩුබායි, බහරේන්, සෞදි වල තත්වය මේකයි. තනාපති කර්යාලවල ඇත්තන්ටත් දැන් අපිව පේන්නේ සංචාරකයෝ වගේ. වාසියට විතරයි.. එන්නත ගන්න අයට පවා වෙනසක් නැහැ. එන්නත ගන්න එකේ හේතුවවත් දන්නේ නැහැ මේ අය. වෙලවකට නිකන් පඩි ගන්න අයයි.. දේශපාලකයින් ගැන කතා කරලා වැඩක් නැහැ. මේ අයට පෙන්නන්න ඕනෑ මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. දේශපාලකයෝ බීස්නස් කාරයන්ගෙන් උදව් ගත්තම මෙහෙම වෙනවා. ලාංකිකයෝ පව්. හරි හමන් නයකයෙක් නැති එකේ වරද සුළුපටු නැහැ. අවුරුදු ගාණක් හම්බකරලා රටට සල්ලි එවන අහිංසක තමන්ගේ රටේ පුරවැසියන්ට මෙහෙම කරන එක අසාධාරණයි.