( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැති සබයේ ගොඩගැසෙන පොත්වලින් සහ සී.ඞී තැටිවලින් විශාල පරිසර විනාශයක් සිදු වන්නේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවැසීය .
ඔහු මෙසේ පැවසුවේ මැතිසබයේ ගොඩගැසී ඇතැයි පැවසෙන පොත් සහ සීඞී තැටි සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා යොමුකළ ප්‍රශ්නයකට අදාළව අදහස් ඉදිරිපත් කරමිනි.
මහින්ද අමරවීර මහතා එහිදී මෙසේද කීවේය.
"බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා මේ සභාවේ ගොඩ ගැහිලා තියෙන පොත් ගොඩවල් ගැන කතා කළා. ඊයේ පොත් ටිකක් අයින් කළා . දිනපතාම මේ වගේ පොත් ගොඩක් පාර්ලිමේන්තුවට ගේනවා.ඒ වගේම සී.ඩී ගේනවා.මේක මහා පරිසර විනාශයක්.හැම මේසයකම ලැප්ටොප් තියෙනවා.පාර්ලිමේන්තුවේ තියෙන වාර්තා අපිට වෙනත් ක්‍රමයකට ලබාදෙන්න සලස්වන්න.මම කතානායකතුමාගෙන් ඉල්ලනවා."
"මේ වැඩේ කළොත් විශාල පරිසර විනාශයක් නතර කරගන්න පුළුවන්.මම හිතන්නේ නෑ ඒකට මෙතන ඉන්න කවුරුන් හෝ විරුද්ධ වෙයි කියලා . පරිසර ඇමැතිවරයා විදියට මම කතානායකතුමා හමුවී ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ඔය මොන එකක්ද? ඔතන ඉන්න 225 සහ ඒ අයගේ පවුල් පරපුරවල් එක්කහු වෙලා කරන සමාජ ආර්ථික මෙකී, නොකී හැම එකේම විනාශය එක්ක ගත්තාම...