IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මැතිවරණයක් ඉල්ලා අත්සන් කළ පෙත්සම මහින්දට බාරදෙයි

(නිමල කොඩිතුවක්කු)
          
මහමැතිවරණයක් පැවැත්වීමට බලකර සිටීමේ අත්සන් පන්ලක්ෂයේ පෙත්සම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වෙත සංකේතාත්මකව  බාරදීම නාරාහේන්පිට අභයාරාමයේදී අද (06) සිදුකෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣයනය මධ්‍යයේ එම පෙත්සම පැවිදිහඬ  සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

මෙම අවස්ථාව සඳහා ඕමාරේ කස්සප ශ්‍රී රෝහන පාර්ශවයේ අනුනායක හිමියෝ, ඇමෙරිකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ, පැවිදිහඬ  සංවිධානයේ ජාතික සංවිධායක ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ, දේශ විමුක්ති ජනතා පෙරමුණේ උපසභාපති ගලගම ධම්මරංසි හිමියෝ ඇතුළු මහා සංඝ රත්නය විශාල පිරිසක් එක්වූහ.

පැවිදිහඬ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව මහමැතිවරණයක් පැවැත්වීමට  බලකර සිටීමේ අත්සන් පන්ලක්ෂයේ පෙත්සම පසුගිය 29 වැනි දා ආරම්භ කළේය.

එහිදී අනුශාසනාවක් කරමින් නාරාහේන්පිට අභයාරාමාධිපති සහ පැවිදිහඬ  සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේ පැවැසූහ. 

 ‘‘මේ රටේ තිස් අවුරුදු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය  සමථයකට පත් කරලා සියලූම රට  වැසියන්ට නිදහසේ ජීවත්වීමට අවස්ථාව දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. නිදහසේ ජිවත්වූ අපි යම් යම් පිරිස්වල බොරු මත ප‍්‍රකාශයන් වලට ඇහුම්කන් දෙමින්  රටේ වෙනසක් කරන්න  ඕනෑ කියන බලාපොරොත්තුව කොටසකට  තිබුණා. ඒ වෙනසේ දැන් රටේ සියලූ දෙනා හොදින් භුක්ති  විදිමින් සිටිනවා.

මේ වෙනස නිසා අද රට අරාජිකයි. අද රටට අගමැතිවරයෙක් නැහැ,  කැබිනට් එකක් නැහැ. ඒකාධිපති  ස්වරූපයකට අද රට පත්වෙලා තියෙනවා. ඒ සිදුකළ වෙනස වෙනස් කිරිමට අද අපිට සිද්ධ වෙලා තියෙනවා.

රට මෙවැනි අරාජික තත්වයකට පත්වූ හැම අවස්ථාවකදීම මේ රටේ මහා සඟරුවන  ඉදිරිපත් වෙලා රට වෙනුවෙන් කටයුතු කරනවා. අද මේ රට පත්වෙලා තියෙන අවාසනාවන්ත තත්වය  කොච්චර ද කියන එක අද හැමදෙනාටම පෙනි යනවා.’’

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (17)

මැතිවරණයක් ඉල්ලා අත්සන් කළ පෙත්සම මහින්දට බාරදෙයි

athura Thursday, 06 December 2018 10:49 AM

මමත් වෙනස කරන්න ඡන්දය දුන්න කෙනෙක් තමයි හැබැයි ඒ වෙනස කරන්න අපි ඡන්දෙ දුන්න කෙනා ඔබ වහන්සේලාට දැන් හොද වෙලානෙ.

:       120       202

appuhami Thursday, 06 December 2018 11:00 AM

අත්සන් කීයක් කොපි පේස්ට් කලාද කියන්න බලන්න

:       116       196

Amila Thursday, 06 December 2018 12:34 PM

නිකමට කල්පනා කරලා බැලුවොත් අගැමති සහ මැති ඇමතිලා හිටියේ නෑ කියලා ඔය කියන තරම් ලොකු අරාජිකත්වයක් වෙලා නෑ නේ. නිලධාරීන් කොහොමත් ඉන්නවනේ වැඩ කරන්න. ටිකක් නගරේ හෝ ගමේ ඇවිදලා බැලුවොත් ජන ජීවිතය වෙනදා වගේමනේ වෙනසක් වෙලා නෑ නේ. එහෙම බැලුවොත් මේ 225 ඕන නෑ වගෙත් හිතිනෙවා වාර්ශික අයවැය සම්මත කරගන්න ක්‍රමයක් හදාගත්තානන්. එතකොට 225හේ බරත් අඩුවෙනවා සම්පුර්ණයෙන්ම.

:       0       0

chamath Thursday, 06 December 2018 02:58 PM

මෙතුමා සිංහයෙක් මෙතුමාව කාටවත් වට්ටන්න බැ

:       612       450

ලසන්තFriday, 07 December 2018 01:40 AM

ඇයි 2015 ජනවාරි 8 වැනිදා වැට්ටුවේ නැද්ද

:       1       27

athuraFriday, 07 December 2018 04:07 AM

පුළුවන් කර්මයට

:       1       51

hemanthaFriday, 07 December 2018 06:56 AM

සිංහයෙක් වගේ පෙනෙනවා ඇති සමහර අයට

:       0       46

BamunuarachchiFriday, 07 December 2018 11:57 PM

කොයි පැත්තෙන්ද කතා කරන්නේ? සිංහයින් වර්ග 2ක් ඉන්නවා. කොටසක් බලු සිංහයෝ අනික් කොටස කේෂර සිංහයෝ. රටට ආදරය කරන අපිට මහින්දව පෙනෙන්නේ කේෂර සිංහයෙක් වගේ. හිටපු සිංහයින්ට නේද අවුරුදු 25ම යුද්ධය දිනාගන්න බැරිව ප්‍රභාකරන්ට උතුර බාරදෙන්න හැදුවේ...? මේ මහතා තමයි කේෂර සිංහයෙක් වගේ කොටි වහපු මහවිල් ආරු ඇනිකට් එක ඇරියේ... ඒ ඇරිල්ල නැවතුනේ ප්‍රභාකරන්ටත්, කොටි සංහතියටත් එක්කමය. මේ මහතා 2005 බලයට නොඑන්න අද අප රටේ හා සිංහලයාගේ තත්වය මොකක්ද කියා මොහොතකට හිතන්න...

:       0       0

Saththaya Friday, 07 December 2018 01:52 AM

බොහොම හොදයි , දැන් එන්න තියෙන ජනාධිපතිවරණය තියන්න .

:       0       4

kamal Friday, 07 December 2018 03:29 AM

...කොන්තරත්තුව අවසන්කර සේවායෝඡකට බාර දෙයි..

:       4       133

මල්ලී Friday, 07 December 2018 04:01 AM

කාවහරි පාවිච්චිකරලා බලයට එන්න හදනවා.... තව ටික දවසකින් මලගිය ඇත්තොත් මෙතුමාට සහය පල කරයි... ඔහොම යන් - ඔහොම යන්

:       34       101

Ranaweera Friday, 07 December 2018 03:12 PM

ඔබවහන්සේලා බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකයන් වහන්සේලාද? නිර්මල දහම ඔබවහන්සේලාට කවදාවත් විනාශ කරන්න බැහැ. ආත්මලාභය තකායි ඔබලාගේ පෙළගැස්ම.. බෞද්ධයකු වශයෙන් මා දුක්වෙනවා.. මෙවැනි අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම ගැන... සම්මුතිධර්ම, පරමාර්ථ ධර්මගැන ඔබ වහන්සේලා දන්නවාද?

:       0       0

Bamunuarachchi Friday, 07 December 2018 11:30 PM

athura ඒ ගැන හිතන්නෙපා මේ අවුරුදු 70 තුළම කලේ පහෙන් පහට වෙනස් කිරීමයි. නමුත් 2015දී වෙනසක් මිනිස්සු කලේ (මම ඒ වෙනසට සම්මාදම් වුනේ නැහැ) යහපාලනය කරන රජයක් හොයන්නයි. වෙනස කරලා මාස 2න් රටේ ප්‍රධාන බැංකුව මංකොල්ල කෑවා. රටේ ආර්ථිකය කඩාවැටුණු විදේශිකයෝ ආයෝජනය කළ තැන්පතු ආපසු ගත්තා. රුපියල සීග්‍රයෙන් බාල්දුවෙන්න පටන් ගත්තා. ඒ කාලේ හිටපු මුදල් ඇමතිම බැංකු කොල්ලයට සහාය දුන් බව කොමිසමේ සාක්ෂිවලින් කියැවුණා. මේ අවුරුදු 4ටම රටට කිසිම සේවයක් නොකර රට අගාධයට දැමූ මේ ආණ්ඩුව කොක්කෙන් හරි, කෙක්කෙන් හරි පෙරලා දැමීමේ වරදක් මම දකින්නේ නැත. හේතුව මොවුන් බලයේ සිට ව්‍යවස්ථාව වෙනස්කර සිංහල ජාතියටම කරන්න යන විනාශය ගැන සිංහල අපි දන්නා නිසාය. 2015 වෙනසින් මහින්දගේ වටිනාකම තවත් වැඩිවුණු බව පෙබරවාරි මස ඡන්ද ප්‍රත්ඵල වලින් තහවුරු වුනා නේද?

:       0       0

Bamunuarachchi Saturday, 08 December 2018 12:08 AM

මෙතුමාව අගුණ දකින මිනිසුන් රනිල්ගේ ගුණ වර්ණනාවක් කරන්න අපිට අහගෙන ඉන්න. රනිල් බලයේ සිටි 2001-2005 සහ 2015 - 2018 ඔක්තෝබර් දක්වා රටට කළ සේවය ගැන කියන්න බලන්න.

:       0       0

Sapumal. Saturday, 08 December 2018 07:56 AM

මහා මැතිවරණයකට අපිත් කැමැතියි. ඒත් ඒක කෙරෙන්න ඕනෑ නිවැරදි ක්‍රමයකටයි. හොර පාරෙන් අගමැතිවෙලා බහුතරයද නැතිව එහෙම නෙමෙයි. මේ බව මේ පැවිදි හඬට නිකන්වත් සිතුණේම නැතිද? එහෙම නැතිනම්, මේ හඬ දේශපාලන හඩක් පමණද?

:       0       0

Rohana Sunday, 09 December 2018 07:05 AM

කිව්වේ නම් අත්සන් පනස්ලක්ෂයයි. ඒත් තියෙන්නේ පන්ලක්ෂයයි නේද? ප්‍රමාණවත් මදියි වගේ පේන්නේ...

:       0       0

Bamunuarachchi Sunday, 09 December 2018 04:15 PM

අතුර, ඔබ බලාපොරොත්තු වූ වෙනස සිදුවුණාද? ඔබ රටේම මහබැංකුව මංකොල්ල කෑම... මත්තල ගබඩා කරන්න තරම් වී හාල් තිබුණු රටේ හාල් පිටරටින් ගෙන්වීම, ජීවන බර වැඩිවීම, ආණ්ඩුවක් පත්වී අවුරුදු 4 රටට සංවර්ධනයක් නොවී රට අගාධයට යාමේ වෙනසක්ද බලාපොරොත්තු වුනේ. ඒ වෙනස නම් අකුරටම සිදු වුනා. මහින්ද මහතාට බැනීමෙන් අපි රනිල්ට පක්ෂවෙන්නේ නැත. නමුත් රනිල්, රටට ජාතියට කළ සේවය කීවොත් අපි රනිල්ගේ පැත්ත ගන්න ඉඩතිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 150 0

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 556 2

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 757 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 665 2

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 3243 6

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්
2025 මැයි මස 09 415 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1260 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 325 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site